Tuesday, May 27, 2008

Firefox 3 si latest

No more language packs..
We have our own Firefox locale build

Please find the latest build of the Firefox 3 Sinhala locale
http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/


Linux: firefox-3.0pre.si.linux-i686.tar.bz2
MAC: firefox-3.0pre.si.mac.dmg
WIN: firefox-3.0pre.si.win32
.installer.exe
WIN: firefox-3.0pre.si.win32.zip

Please install Sinhala Unicode as mentioned in;
http://www.siyabas.lk/sinhala_how_to_install.html

builds updated after every tindebox cycle:
ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/

builds updated once per day:
ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/




Feel free to comment over here.
It will help us to make a better product.

Cheers!!
eNJOY the Fx 3 :D

Monday, May 26, 2008

දුව ලස්සනයි!!

දුව ලස්සනයි කිවට වැඩක් නැනේ බන්දලා දෙන්නත් එපැයි!!

මෙන්න ගන්න Firefox 3 si
http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/


ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/
ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/

දාගෙන බලන්න


ප.ලි: තත්ව පරික්‍ෂණ නිමවන තුරු මෙය ඉතා සීමිත පිරිසකට
(අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්)
පමණයි ලබා දුන්නේ,
මෙය තවමත් පරික්‍ෂණ තත්වයේ බැවිනි. මිතුරණි සමාවෙන්න,
uoc එකේ රෂාන් මිත්‍රයා තැන හොයාගත්තනේ..
දැන් ඉතින් තවත් තියන්න ඉන්න දෙයක් නැ :D

Sunday, May 25, 2008

Firefox 4.....

අපි කවුරුන් දැන් Firefox 3 එනතෙක් බලා සිටින අතර, එය ඉදිරි මසක කාලයක් තුලදී නිකුත් වනු ඇත. 2009 වසරේ මැද භාගයේදි පමණ Mozilla 2 නිකුත් වීමට නියමිතය. Mozilla2 නවතම සිංවර්ධනයන් සමඟ 2009 වසරේදි Firefox 4 නිකුත්වීමට නියමිතය.

Monday, May 19, 2008

Fedora 9 X86_64 සමඟ 4GB මතකය

අද, දැන් Fedora 9 වෙළුමෙහි (X86_64 ආකෘතිය) ලබාගෙන ස්ථාපනය කරගත් අතර, ඉතා සුළු වේලාවකදි සියලු කටයුතු නිම කරගන්නා ලදී. මම කළින් Fedora 9 වෙළුමෙහි X86 ආකෘතිය භාවිතා කළ අතර එහිදි පරිගණකයේ තිබු 4GB මතකයෙන් භාවිතාකළ හැකි වුයේ 3GB ප්‍රමාණයක් පමණි. නමුත් BIOS හි නියමිත පරිදි 4GB පෙන්නු නිසා හිතට සහනයක් ආවා. වැඩේ අතඇරියෙම නැ....
ආයෝජනය කළ මුදල අපතේ යවන්නත් බැනේ,
දැන් වැඩේ හරි...



Fedora 9 X86_64 සමඟ 4GB මතකය නිවැරදිව පෙන්වනවා.
දැන් swap එක වැඩකටම නැ වගේ. :)

අපේ හිමිර මිත්‍රයාට ස්තුතියි.:)

Fedora 9 හි තවත් තොරතුරු සමඟින් යළි හමුවෙමු!

Tuesday, May 13, 2008

Fedora 9 දැන් නිකුත් විය

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 7.30ට පමණ Fedora 9 නිකුත් විය.

Fedora 9 බාගැනීමට http://fedoraproject.org/en/get-fedora වෙත පිවිසෙන්න.

ඉංග්‍රිසි පාරිභාෂිත (terminology) සිංහලට හැර වීම..

සිංහල මාධ්‍යන් අධ්‍යාපනය හැදෑරු ඔබ පහත වචන අසා ඇත්දැයි බලන්න

01. ඛණ්ඩාංක
02. දෛශික
03. මිත්‍ර කෝණ
04. සමාන්තර රේඛා
05. විකර්ණය
06. උඩුකුරු තෙරපුම
07. පෘශ්ඨික ආතතිය
08. කේන්ද්‍රාභිසාරි බලය

මෙම වචන අප ඉගෙන ගන්නා විට කිසි විටෙක එහි තේරුම ගැන සැලකිලිමත් නොවු අතර එම වචන සමඟ අපට ඇසුණු තාර්කික හා තාක්‍ෂණික පසුබිම වටහා ගන්නා ලදි. මන්ද මෙම වචන අප ඉපදීමටත් පෙර නිර්මාණය වූ අතර මුල්කාලයේදි මෙම වචන භාවිතා කළ අයට මෙම වචන දිරවාගත නොහැකි විය.

"තොරතුරු තාක්‍ෂණය" සඳහා අද නිමවන සිංහල පද තවත් කලක් යන විට සිංහල බස තුළ පැල පදියම් වනු ඇත.
"ෆන් එකට සෙට් වෙන්න", "පපා", "මමි",.. කියන්නාවු සමාජයට නම් මෙය නිරස වනු ඇත.

අප රටේ ඉංග්‍රිසි සාක්‍ෂරතාවයට මෙතෙක් කල් බලපැවේ දේශියකරණය නොව, විදිමත් අයුරින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා නොදීමත්, එහි වටිනාකම පාසැවල ළමුන්ට පැහැදිලි නොකිරිමත් නිසයි. අපට මෘදුකාංගය සිංහලින් නිමැවුනත්, අදාල මෘදුකාංගයේ සහායක ලේඛන තුළ අදාල ඉංග්‍රිසි වචනයද හදුන්වා දීමක් සිදු කළ හැක. මෙමඟින් අදාල පාරිභාෂිත (terminology) හදුන්වා දීමක් සිදු කළ හැක.

මේ අතරේදි ඉංග්‍රීසි සාක්‍ෂරතාවයද ඉහල නැන්විය යුතුම වේ.
අපේ රටට සංවර්‍ධනය අවශ්‍යනම් සිංහල, ඉංග්‍රීසි සහ පරිගණක සාක්‍ෂරතාවයන් වැඩි කළ යුතු අතර, මිනිස්කමද මේ සමඟින් රැකගත යුතුම වේ.

Monday, May 12, 2008

සිංහල දේශීයකරණය සහ පාරිභාෂික ශබ්ද මාලාවන්

දේශියකරණයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට ඉහල් වන ප්‍රධාන අංගයක් වන්නේ පාරිභාෂික ශබ්ද මාලාවයි. මෙහිදි එක් එක් මෘදුකාංගය එය දේශීයකරන්නාගේ අභිමතය පරිදි සිදුවීම නිසා එකිනෙකට වෙනස් විය හැක. උදාහරණයකට අප මෙසේ නොයෙදුවත් File සඳහා ගොනුව, ෆයිලය ආධි විවිධාකාර යෙදුම් පරිවර්තනය කරන්නා යෙදිය හැක. මෙය භාවිතා කරන පරිශීලකයින්ට ඉතාමත් අපහසු වන අතර. සහාය/උදව් සහඳහා මෙන්ම වෙනත් ලේඛන සෑදිමෙදී පවා ගැටලු මතු විය හැක.

මගේ පෞද්ගලික මතය නම් පාරිභාෂික ශබ්ද මාලාවක් කිසියම් කෙනෙකු හෝ පුද්ගල කොට්ඨෂයක් වෙනුවෙන් නොව සමස්ථ ප්‍රජාව වෙනුවෙන්ම වෙන් විය යුතුයි.


01. පාරිභාෂික ශබ්ද මාලාව සඳහා නිසි වෙළුම් අංකයක් සහිත වියු යුතුවේ.
02. අවසාන වරට එය වෙනස් කළ දිනය දර්ශහනය කළ යුතුම වේ.
03. පාරිභාෂික ශබ්ද මාලාව සඳහා එක් යෙදුමක් ඉලක්ක කරගත යුතු නොවන අතර ඒ සඳහා දැනට ලංකාව තුළ භැවිතා වන හැකි සියළු මෘදුකාංග භාවිතා කළ යුතුවේ.
04. ප්‍රජාවේ අදහස් ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතුවේ.
05. පාරිභාෂික ශබ්ද මාලාව අවශ්‍ය පරිදි නැවත නැවත ප්‍රථිශංෂෝදනය විය යුතුමයි.

ucsc එකෙන් අංක 04 ගුණය සහිත වූ පාරිභාෂික ශබ්ද මාලාවක් සැකසී තිබුනා. මම නම් පෞද්ගලිකව UCSC නැමැවුමට කැමතියි. සියබස් පාරිභාෂික ශබ්ද මාලාව හොඳයි, සංශෝදනය විය යුතුමයි. තවද, තැන තැන පල්වෙන පාරිභාෂික ශබ්ද මාලාවන්ද (සියබස්+ucsc) සමඟින් එක් විය යුතුයි.


පාරිභාෂික ශබ්ද මාලාවක් තැනිමේ මට හිතෙන හොඳම ක්‍රමයට මම මුල්ම පියවර තිබ්බා. මම GNU/Linux සමඟ ක්‍රියාත්මක වන මෘදුකාං සැලකිය යුතු ප්‍රමාණයක් ආශ්‍රිතව පාරිභාෂික
ශබ්ද මාලාවක් ගොඩ නැගුවා. මෙය වචන 1000ක් නැතත් මේ සඳහා බොහොමයක් මෘදුකාංගවල ප්‍රධාන මෙනුව සහ ඒ ආශ්‍රිත කොටස් අයත් වෙනවා.

අපිට එක වර වචන 1000 ක් හෝ 2000ක් සෝදුපත් බැලීමකට ලක් කළ හැකියි. එය මගේ විශ්වාසයයි, එසේ කළත් එහි ගුණාත්මක බවක් නම් සොයාගැනීමට නොහැකි වේවි. මගේ අදහස අදලා මෘදුකාංග වල පාරිභාෂික ශබ්ද මාලාව ස්ථරෙයන් ස්ථරයට යා යුතු බවයි. පළමුව වචන 500 ත් 1000ක් අතර ප්‍රමාණයක් සකසා දෙවැනි වර 2000 ප්‍රමාණයකට යා හැක.

අප කළ යුත්තේ පාරිභාෂික ශබ්ද මාලාවන් තැන තැන පල් කිරීම නොව හරි එකක් ගොඩ නැගීමයි.

ඔබේ අදහස් ගෞරවයෙන් පිළිගන්නෙමි!!

අවසන් වශයෙන් "ශ්‍රි ලංකාව වෙනුවෙන් මුදල් නැතිවත්" මෙවැනි වැඩ කළ බව ලියන්නේ මැතකදි අසන්නට ලැබුනු දෝශාරොපනයකට ඇතිවූ සිත් තැවුලක් නිසාවෙනි.

Sunday, May 11, 2008

Stockholm ගියත් සිංහලට හිතැති....

ශ්‍රි ලංකාවෙන් ලොවට දායාද කළ අනගි නිදහස් මෘදුකාංගයක් වන "සහන Sahana" දැන් සිංහලින්. මෙහි විශේෂත්වය වන්නේ ආපාදා කළමණාකරනය සඳහා කැපවීමයි. 2004 වසරේ සුනාමියේදි පටන් මෙවන විට ලොවපුරා ආපදා අවස්ථාවන්හිදි අදාල සහන සේවාකටයුතු කළමණාකතනයට මෙහි වටිනාකම අද වන විටම මුලු ලොවම හදුනාගෙන ඇත. එපමණක් නොව අද ශ්‍රි ලාංකික නොවන මෘදුකාංග සංවර්‍ධකයින්ද සහනට සවිය දෙන්නේ එහි නොමිලේ ලැබෙන සේවය නිසාවෙනි.



කියවලම බලන්න විකිපිඩියාවෙහි තියෙන තොරතුරු
ඇගයුමට ලක්වු අවස්ථා...
* Free Software Foundation Award for Social Benefit - March 2007
* BBC TV Documentary the "Code Breakers"
* Sourceforge Project of the Month - June 2006
* Software 2006 Good Samaritian Award
* Red Hat User Awards
* Wikipedia Reference to FSF Award for Projects of Social Benefit
* Stockholm Challenge Finalist



මෙවර Google Summer of Code සඳහා ශ්‍රි ලංකාව සම්පත් දායකයින්ගේ ප්‍රමාණය අනුව හොදම රටවල් දහය අතරට පත්ව ඇති අතර සහන වෙතින්ද නව දෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි ආරංචි.



පසුගිය දිනකදි රාජකාරි ස්ථානයේදි ඉංදියානුවකු මගින් ලැබුණු විද්‍යුත් තැපැලක දක්නට තිබුනේ සහන GIS හා සම්බන්ධ පුහුණුවීම්ද ලබාදෙන බවයි.
( කාටද ආඩම්බර :D )

ජාත්‍යන්තර සම්මාන, සහ ගෞරවයට ලක්වු සහනට සවිය දෙන අපේ අයට..
චමින්ද්‍ර, ප්‍රදීප, ඉශාන්, රවිත්, රවිනද්‍ර, මිෆාන්, ප්‍රියංග..
දිගු ගමනකට සුභාසිරි!!

http://wiki.sahana.lk/doku.php

Saturday, May 10, 2008

දාමුද තවත් OS එකක්?


ඔබට GNU/Linux මත තවත් ඕනැම මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට නම් Virtual Machine එකක් ක්‍රියාත්මක කළ හැකි අතර ඒ සඳහා VMware මෘදුකාංගය භාවිතා කළ හැක.
(මේ සඳහා GNU/LIinux මතදි xen කර්නලයද භැවිතා කළ හැක)

එය බාගැනීමට පහත විධානය භැවිතා කරන්න
#wget http://download3.vmware.com/software/vmserver/VMware-server-1.0.5-80187.tar.gz

# yum install inetd

අදාල ඇසුරුම විවෘත කිරීමට
#tar xvfz VMware-server-1.0.5-80187.tar.gz විධානය ලබා දෙන්න
විවෘතවූ බහලුම තුළට යාමට
#cd vmware-server-distrib විධානය ලබා දෙන්න
ඉන්පසු #./vmware-install.pl යන්න root පරිශීලක ලෙසට පවිසි ක්‍රියාත්මක කරන්න.
Network Ethernet card
Bridged Network vmnet0
Host Only Network vmnet1
NATted Network vmnet8



නමුත් Fedora 8 සහ අනෙකුත් සමාන්තර මෙහෙයුම් පද්ධතිවල 2.6.24.4-64 කර්නලය ඇත්නම්
ඔබට පහත පරිදි දෝෂ ගණනාවක් ලෙබෙනු ඇත. (එය 2.6.24.3-12 කර්නලයදී ලැබුණු පිළිතුරවේ)

එසේ නම් vmware-any-any-update-116 නැමැති patch එක භාවිතා කරන්න.
එය බාගැනීමට පහත විධානය භැවිතා කරන්න
#wget http://blog.devhen.com/files/vmware-any-any-update-116.tgz
අදාල ඇසුරුම විවෘත කිරීමට
#tar xvfz vmware-any-any-update-116.tgz විධානය ලබා දෙන්න
විවෘතවූ බහලුම තුළට යාමට
#cd vmware-any-any-update116 විධානය ලබා දෙන්න
ඉන්පසු #./runme.pl යන්න root පරිශීලක ලෙසට පවිසි ක්‍රියාත්මක කරන්න.


----------------------දෝෂය විස්තරය------------------------


Extracting the sources of the vmmon module.

Building the vmmon module.

Using 2.6.x kernel build system.
make: Entering directory `/tmp/vmware-config10/vmmon-only'
make -C /lib/modules/2.6.24.3-12.fc8/build/include/.. SUBDIRS=$PWD SRCROOT=$PWD/. modules
make[1]: Entering directory `/usr/src/kernels/2.6.24.3-12.fc8-i686'
CC [M] /tmp/vmware-config10/vmmon-only/linux/driver.o
In file included from /tmp/vmware-config10/vmmon-only/./include/vmware.h:25,
from /tmp/vmware-config10/vmmon-only/linux/driver.c:48:
/tmp/vmware-config10/vmmon-only/./include/vm_basic_types.h:161: error: conflicting types for ‘uintptr_t’
include/linux/types.h:40: error: previous declaration of ‘uintptr_t’ was here
In file included from /tmp/vmware-config10/vmmon-only/linux/driver.h:20,
from /tmp/vmware-config10/vmmon-only/linux/driver.c:49:
/tmp/vmware-config10/vmmon-only/./include/compat_wait.h:37:5: warning: "VMW_HAVE_EPOLL" is not defined
/tmp/vmware-config10/vmmon-only/./include/compat_wait.h:43:5: warning: "VMW_HAVE_EPOLL" is not defined
In file included from /tmp/vmware-config10/vmmon-only/linux/driver.h:20,
from /tmp/vmware-config10/vmmon-only/linux/driver.c:49:
/tmp/vmware-config10/vmmon-only/./include/compat_wait.h:60: error: conflicting types for ‘poll_initwait’
include/linux/poll.h:65: error: previous declaration of ‘poll_initwait’ was here
/tmp/vmware-config10/vmmon-only/linux/driver.c:147: warning: initialization from incompatible pointer type
/tmp/vmware-config10/vmmon-only/linux/driver.c:151: warning: initialization from incompatible pointer type
/tmp/vmware-config10/vmmon-only/linux/driver.c: In function ‘LinuxDriver_Ioctl’:
/tmp/vmware-config10/vmmon-only/linux/driver.c:1659: error: ‘struct mm_struct’ has no member named ‘dumpable’
make[2]: *** [/tmp/vmware-config10/vmmon-only/linux/driver.o] Error 1
make[1]: *** [module/tmp/vmware-config10/vmmon-only] Error 2
make[1]: Leaving directory `/usr/src/kernels/2.6.24.3-12.fc8-i686'
make: *** [vmmon.ko] Error 2
make: Leaving directory `/tmp/vmware-config10/vmmon-only'
Unable to build the vmmon module.

For more information on how to troubleshoot module-related problems, please
visit our Web site at "http://www.vmware.com/download/modules/modules.html" and
"http://www.vmware.com/support/reference/linux/prebuilt_modules_linux.html".

Execution aborted.

Friday, May 9, 2008

IE Vs FireFox


පසුගිය දිනක දුටු පුංචිපහේ වැඩසටහනක තිරපිටපතේ තිබුනේ IE සඳහා 80% ද FF සඳහා 20% වෙළෙඳ පොළක් ඇති බවයි. මේක ඇත්තටම අසාධාරන කතාවකි. මන්ද MSFT විසින් ඔවුන්ගේ Windoz සමඟ IE බලෙන් බෙදීම නිසා ඉබේම Windoz සඳහා ඇති වෙළෙඳ පොළ ඉබේම IE වෙත ලැබීමයි.

කව්රුවත් IE හි ගුණාත්මක භාවය ගැන කතා නොකරන්නේ ඇයි දැයි එක් ගැටළුවකි.


Firefox සඳහා සම්මාන http://www.mozilla.com/en-US/press/awards.html



Thursday, May 8, 2008

The Best Browser 2007

Web Statistics and Trends as per www.w3schools.com records.

2008 IE7 IE6 IE5 Fx Moz S O
March 21.9% 30.1% 1.1% 37.0% 1.1% 2.1% 1.4%
February 21.5% 30.7% 1.3% 36.5% 1.2% 2.0% 1.4%
January 21.2% 32.0% 1.5% 36.4% 1.3% 1.9% 1.4%








2007 IE7 IE6 IE5 Fx Moz S O
December 21.0% 33.2% 1.7% 36.3% 1.4% 1.7% 1.4%
November 20.8% 33.6% 1.6% 36.3% 1.2% 1.8% 1.6%
October 20.7% 34.5% 1.5% 36.0% 1.3% 1.7% 1.6%
September 20.8% 34.9% 1.5% 35.4% 1.2% 1.6% 1.5%
August 20.5% 35.7% 1.5% 34.9% 1.3% 1.5% 1.7%
July 20.1% 36.9% 1.5% 34.5% 1.4% 1.5% 1.9%
June 19.7% 37.3% 1.5% 34.0% 1.4% 1.5% 1.8%
May 19.2% 38.1% 1.6% 33.7% 1.3% 1.5% 1.7%
April 19.1% 38.4% 1.7% 32.9% 1.3% 1.5% 1.6%
March 18.0% 38.7% 2.0% 31.8% 1.3% 1.6% 1.6%
February 16.4% 39.8% 2.5% 31.2% 1.4% 1.7% 1.5%
January 13.3% 42.3% 3.0% 31.0% 1.5% 1.7% 1.5%








2006 IE7 IE6 IE5 Fx Moz N7/8 O
November 7.1% 49.9% 3.6% 29.9% 2.5% 0.2% 1.5%
September 2.5% 55.6% 4.0% 27.3% 2.3% 0.4% 1.6%
July 1.9% 56.3% 4.2% 25.5% 2.3% 0.4% 1.4%
May 1.1% 57.4% 4.5% 25.7% 2.3% 0.3% 1.5%
March 0.6% 58.8% 5.3% 24.5% 2.4% 0.5% 1.5%
January 0.2% 60.3% 5.5% 25.0% 3.1% 0.5% 1.6%








2005 IE6 IE5 Fx Moz N7 O8 O7
November 62.7% 6.2% 23.6% 2.8% 0.4% 1.3% 0.2%
September 69.8% 5.7% 18.0% 2.5% 0.4% 1.0% 0.2%
July 67.9% 5.9% 19.8% 2.6% 0.5% 0.8% 0.4%
May 64.8% 6.8% 21.0% 3.1% 0.7% 0.7% 0.6%
March 63.6% 8.9% 18.9% 3.3% 1.0% 0.3% 1.6%
January 64.8% 9.7% 16.6% 3.4% 1.1%
1.9%

Tuesday, May 6, 2008

Fedora 8/9 මත සිංහල සහාය

මෙම උපදෙස් Red Hat Enterprise Linux සහ CentOS සඳහාද භාවිතා කල හැක.

Fedora 11 මත සිංහල සැකසීම සඳහා උපදෙස්

ඔබට Fedora 8/9 මත සිංහල සහාය ලබා ගැනීමට නම්, ක්‍රම දෙකක් ඇත.

01. Fedora 8 / Fedora 9 ස්ථාපන අවස්ථාවේදී.
හෝ
02. Fedora 8 / Fedora 9 ස්ථාපනයෙන් පසු අවස්ථාවකදී.

01. Fedora 8 / Fedora 9 ස්ථාපන අවස්ථාවේදී.
මෙය ක්‍රම දෙකකට සිදු කල හැක.
(අ) මෙහිදි ඔබගේ අභිමත භාෂාව සිංහල ලෙස භාෂා රුචිය විමසන අවස්ථාවේදී සලකුණු කළ විට, එම මොහොතේම ස්ථාපනය ඉංග්‍රිසි මාධ්‍යයේ සිට එක්වරම සිංහලට වෙනස් වන අතර එතැන් සිට ඔබට ඉදිරියට කටයුතු කරගෙන යා හැක.

හෝ

(ආ) ඔබගේ අභිමතය පරිදි ස්ථාපන කටයුතු ඉංග්‍රිසි භාෂාවෙන්ද කල හැකි අතර, ඒ අනුව අවශ්‍ය මෘදුකාංග තෝරාගන්නා අවස්ථාවේදි සිංහල භාෂා පහසුකම එක් කර ගත හැක.


02. Fedora 8 / Fedora 9 ස්ථාපනයෙන් පසු අවස්ථාවකදී.
මෙය ක්‍රම දෙකකට සිදු කළ හැක.
(අ) මෙහිදි ඔබට ප්‍රධාන මෙනුව භාවිතා කරමින්,
Applications > Add/Remove Software වෙත යන්න.
ඉන්පසු පහත දසුනේ පරිදි සිංහල භාෂාව තෝරා ඉදිරියට යන්න.



හෝ

(ආ) මෙහිදි ටර්මිනලය භාවිතා කරමින් පහත විධාන ලබා දෙන්න.
(i) (root පරිශීලක ලෙසට ක්‍රියාත්මක වීමට)
[danishka@localhost ~]$ su -
Password:
[root@localhost ~]#
(ii)
[root@localhost ~]#yum groupinstall sinhala-support -y විධානය ලබා දෙන්න

එවිට ටර්මිනලයේ පහත ආකාරයට දිස්වනු ඇත
[root@localhost ~]# yum groupinstall sinhala-support -y
Loading "skip-broken" plugin
livna
100% |=========================| 2.1 kB 00:00
fedora
100% |=========================| 951 B 00:00
fedora-everything
100% |=========================| 2.1 kB 00:01
updates
100% |=========================| 2.3 kB 00:00
Setting up Group Process
............


ඔබට දමිළ සහයද අවශ්‍ය නම් පහත විධානය දෙන්න
[root@localhost ~]#yum groupinstall tamil-support -y

(iii) ඔබේ පද්ධතිය සිංහල සහය සඳහා සූදානම්දැයි පිරික්සිමට/ අවශ්‍ය ඇසුරුම් ලැබීදැයි බැලීමට
පහත විධානය ලබා දෙන්න, නමුත් මෙම විධානය ස්ථාපන ක්‍රියාවලිය සඳහා අවශ්‍යම නොවේ.
[root@localhost ~]# rpm -qa|grep scim*

scim-libs-1.4.7-7.fc8
scim-1.4.7-7.fc8
scim-bridge-gtk-0.4.14-1.fc8
scim-lang-tamil-1.4.7-7.fc8
scim-sinhala-0.2.0-3.fc8
scim-bridge-0.4.14-1.fc8
scim-m17n-0.2.2-2.fc8


දැන් ...
[danishka@localhost ~]$ im-chooser
මෙම විධානය මඟින් පහත ලැබෙන මුහුණතේ "Enable input method feature" යන්න සලකුණු කරන්න.



මෙම සලකුණු කිරීමත් සමඟම සැමවිටම ඔබගේ පද්ධතිය ආරම්භ වන විට SCIM - Smart Common Input Method නම් වූ GNU/Linux මත යතුරු පුවරුව හරහා සිංහල ඇතුළත් කිරිමේ ක්‍රමය ස්වයංක්‍රීයව සක්‍රීය වනු ඇත.

ඉන්පසු Input Method Preferences... තෝරන්න
එවිට ලැබෙන SCIM සැකසුමෙහි Global Setup වෙත ගොස් රුපයේ පරිදි සැකසුම් සකසන්න.


යම් හෙයකින් ඔබට im-chooser නොලැබේ නම් කරුණාකර පහත විධානය ලබා දෙන්න
[root@localhost ~]#yum im-chooser -y

දැන් යළිත් පෙර කී පරිදිම im-chooser විධානය භාවිතා කරන්න.

දැන් වරක් පද්ධතියෙන් ඉවත්වී යළි පිවිසෙන්න.
*** සිංහල මුහුණත ලබා ගැනීමට පද්ධතියට පිවිසීමට පෙර භාෂාව සිංහල ලෙසට තේරිමට අමතක නොකරන්න.



බලන්න දැන් ඔබට සිංහල සහය ලැබී ඇත්තද කියා.


ඔබට සිංහල හෝ දමිළ මුහුණතේ සිටීමට අවශ්‍ය නැති නම් ඉංග්‍රිසි මුහුණත වෙත ගොස්, SCIM සැකසුමෙහි Global Setup සඳහා ඔබ ලබා දුන් CTRL+SPACE මඟින් සිංහල හෝ දමිළ යතුරු කරණය සක්‍රීය කළ හැක.

ඔබට පහත පරිදි SCIM IMengine Global Setup මඟින් අවශ්‍ය යුතුරු පුවරු ඇතුළත් කල හැක.



විජේසෙකර යුතුරු පුවරුවේ සැකැස්ම මෙතනින් ලබා ගන්න

Fedora 6,7 සහ 8 වෙළුම් සඳහා පෙරනිමි යතුරු පුවරුව Sinhala (phonetic) වුවද Fedora 9 වෙළුමේ සිට පෙරනිමි යතුරු පුවරුව විජේසෙකර යතුරු පුවරුව වනු ඇත.

Sunday, May 4, 2008

With pride and dignity..

What a nice article "With pride and dignity.. Say it in Sinhala " on 36th page of The Sunday Observer(4th May 2008) by Samngie Wettimuny.

"One family who started searching for Guy to their daughter (in her early twenties) from a family who knew NO Sinhala at all..... but ended up with a family who knew NO English at all (in her late thirties)"



....Seems the artcle is not avaible in online version (www.sundayobserver.lk).

Saturday, May 3, 2008

F9 beta for ia64 now available

Welcome to the F9 beta release Fedora for ia64. F9 is the
first Fedora release to be officially supported on ia64. This
ia64 build of fedora is the first to be released under the "secondary
architectures" project.

The beta can be downloaded from:

http://download.fedoraproject.org/pub/fedora-secondary/releases/test/9-Beta/

Friday, May 2, 2008

Disability Access

මෘදුකාංග වල නිතර දැකිය හැකි ඉහත වැකිය, අද හමුවූයේ සිංහලට හැර වීමටයි.
වැඩේ මේකනේ නියමිත ඉඩ තුළ සිංහලින් නියම අදහස එන පරිදි වචන සෙවිමයි කළ යුත්තේ.

01. ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රවේශය -
මෙහිදි නිසි අදහස ලැබුනත් මෙම වැකිය දිගු වීම සඳහා යළිත් උත්සාහ කරන්නට සිදු
විය
02.
ආබාධිතයින් සඳහා ප්‍රවේශය -
යන්තම් වැඩෙ හරි වගේ...
හරි කිවට හරිම නැ...
(ලංකාවේ
ආබාධිතයින් යන වචනය භාවිතා කිරීම දැන් නැලූ දැන්, මිතුරකු කළ දැනුවත් කිරීමකි)
අනිවාර්යෙන්ම අපි ඔවුන්ට ගරුකළ යුතුයි.
03. විශේෂිත ප්‍රවේශ -
අවසානයේදි ඔලුවට ආවේ මෙයයි.
නමුත් තවත් කෙනෙකුට මෙය දිරවීමට නොහැකි වෙවී.

Thursday, May 1, 2008

MAC මත සිංහල Firefox 3

සිංහල Firefox 3 වෙළුම MAC පද්ධතිය මත පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බැවින්.
එම පද්ධතියක් සතු අයෙක් වේ නම් කරුණාකර දන්වන්න.

සිංහල Firefox 3 දැනට GNU/Linux සහ Win මත ක්‍රියාත්මකවේ.

Searching for a MAC Box to test Sinhala Firefox installer for MAC
At the moment Sinahla Firefox 3 runs on GNU/Linux & Win

need your help....

නවකයින් පෙරට Fedora 9 කරලියට

පසුගිය වසරේ මැද භාගයේ නිකුත් වූ Fedora 7 වෙළුම මැයි මස 13 දින Fedora 9 නිකුත්වීමත් සමඟම තවත් මසක් ආයු වළඳා 2008 ජුනි මස 13 දිනයේදි ජිව කාළය ඉක්මයයි. තවද දැනට භාවිතයේ ඇති Fedora 8 වෙළුම මෙම වසරේ නොවැම්බර් මස තෙක් ආයු වලදන අතර, සිංහල GNU/Linux භාවිතයේදි Fedora 8 කැපිපෙනෙන වෙළුමක් වුයේ සිංහල ස්ථාපනය පෙරනිමියෙන්ම ලැබීම නිසයි. තචද ග්නෝම් පාරිසරිකයේ සිංහල වැපිරීම සිදුකළ නිසා එම අස්වැන්නද මෙම වෙළමේදි නෙලාගත හැකි විය.
කව්රු කොහොම කීවත් සිංහල නවකයින්ට පහසුම Fedora වේ.

මෙම Fedora 8 මතපදනම් ව මා විසින් පසු ගිය වසරේදි සිංහල ලිනක්ස් සජීවි තැටියක් (Sinhala GNU/Linux LiveCD) නිර්මාණය කළ අතර. Fedora 9 සඳහාද එය එලෙසම සිදුවනු ඇත.


ප.ලි:
මෙහිදි ජීවකාලය ලෙස සඳහන් කළේ අදාල වෙළුම සඳහා Fedora ප්‍රජාව (Fedora යනු ‌‌‌Red Hat ආයතනය විසින් අනුග්‍රහය දක්නව සැබැ ප්‍රජා ව්‍යපෘතියකි) ලබාදෙන සහය අවසන් වීමයි. නමුත් අදාල මෘදුකාංගයේ භාවිතය සඳහා හානියක් මසිදු නොවේ. ඔබට අවශ්‍ය යාවත්කාලීන ලැබෙන්නේ අදාල ජීව කාළය තුළ පමණි.