Tuesday, September 30, 2008

නිදහස සොයන සිසු දරුවන්...


SFD2008 Galle, Sri Lanka, originally uploaded by danishkanavin.

පසුගිය සැප්තැම්බර් 20 වන දින ගාල්ල ඔල්කට් විද්‍යාලයේදි පැවැත්වු නිදහස් මෘදුකාංග දිනයට පැමිණි සිසු පිරිසයි මේ.


SFD2008 Galle, Sri Lanka, originally uploaded by danishkanavin.

උදේටත් නොකා පාසැල් එන දරුවන් සිටින අප රටේ නිසි මෘදුකාංග බලපත්‍රයක් ගැනීමට එක් පරිගණකයකට දහස් ගණනින් මුදල් වැය කළ හැකිද?



ලංකා ලිනක්ස් මිතුරු සමූහයේ සාමාජිකයන් මෙම වැඩසටහන මෙහෙය වූ අතර එය ගාල්ල අධ්‍යාපන කොට්‍ඨාශයේ ගුරු මහතක වන බන්දුල මහතා විසින් සංවිධානය කරන ලදි.

උදැසන 8.30 සිට සවස 5.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාමත්මක වූ මෙම වැඩසටහන සමඟ එක් වූ ගුරු සිසු පිරිස 500ක් පමණ විය.

ලංකා ලිනක්ස් මිතුරන් අතරින් අනුරාධ, සුචේත, චමිත්, ගවීන්, ප්‍රගීත් මෙම වැඩසටහනට සහභාගි විය.

මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති තවත් මෙවැනිම උත්සවයකට සහය දීම සඳහා ගවීන් සහ ප්‍රගීත් සමඟ මා දහවල් ආහාරය සඳහා වැඩසටහන නිමවූ පසු පිටත් වීය.

ඒ තොරතුරු පසුවට...

Saturday, September 27, 2008

මරණයට විසුළු කළ මිනිසෙක්

අද දිනමිණ පුවත් පතේ මෙම විත්තිය දාන්නේ මගේ බ්ලොග් එකට සෙනග ගෙන්වා ගැනීමට නොව, හුදෙක් එම පුවත කියවිමෙන් ඇතිවු කණගාටුව නිසයි.

සාමාන්‍යන් දිනමිණ නොබලන එක්කෙනෙක් හරි මෙය අද කියවයි.

රචනය ඉරෝෂිණී දීපිකා සහ සෙයාරු සඳහා සමන්ත වීරසිරි

මෙන්න කතාව............

නෙත නිඳිවැරුව ද ඔහුට කම් නැත. අව් කාෂ්ටකේ දැවෙමින් හිස කකියන තුරු මුර කපොළු ළඟ සිටිය ද ඉන් විඩාවක් නැත. යුද මෙහෙයුම්වල නිරත වුව ද කිසිදු බියක් නැත.

තම ජීවිතයට වඩා ලක්ෂ ගණනක ජීවිත ආරක්ෂා කිරීම පමණක් ඔහු සිතේ ඉපැදුණු එකම බලාපොරොත්තුව විය. දුක් කම්කටොළු සියල්ල එක සිතින් බාරගෙන, දිවි පරදුවට තබා, අප වෙනුවෙන් කැප වූ ඔහු කොඩිතුවක්කු ආරච්චිගේ අජිත් නම් වෙයි.

මේ අපූර්ව මිනිසා අපට මුණගැසුනේ මෝදර රොක් හවුස් කඳවුරු භූමියේ දී ය. ඒ අභීත මිනිසාගේ විචක්ෂණශීලී බව නිසා ම, වෙන්නට ගිය මහා විනාශයක් පවා වළක්වා ගැනීමට හැකිවිය. මේ ඔහුගේ ඒ කථාවේ කටු සටහනකි.

"මං ජීවත් වෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ. ඉගෙන ගත්තෙ බදුරලිය කඹුරාවල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ අපොස (සා/පෙළ) දක්වා විතරයි. ඔන්න ඔය කාලෙ තමයි රටේ භීෂණය පැතිරිලා තිබුණෙ.

ඒ කාලෙ සිදුවුණු සිදුවීම් ගැන හිතේ පොඩි කලකිරීමක් ඇතිවුණා. රට, ජාතිය ආරක්ෂා කර ගැනීම මවු බිම වෙනුවෙන්කළ හැකි එකම සත්කාරය කියලා හිතලා හමුදාවට බැඳෙන්න තීරණය කළා.

සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණේ මාත් එක්ක හතර දෙනයි. අද වෙනකොට ජීවතුන් අතර ඉන්නෙ අපි හතර දෙනාගෙන් මං විතරයි"

ඔහු අද ජීවත්ව සිටින්නේ මරණය හා ජීවිතය අතර පැවැති ද්වන්ධ සටනකින් අනතුරුව යැයි කීම නිවැරැදිය.

"මං හමුදා පුහුණුව ලැබුවෙ අනුරාධපුරේ පුහුණු කඳවුරෙන්. ඊට පස්සෙ වැලිඔය, වව්නියාව, මඩකළපුව වැනි ප‍්‍රදේශවල කි‍්‍රයාන්විතයේ සේවය කළා. 1994 දී ජනාධිපති ආරක්ෂක අංශයට බැඳුනා. ඊට පස්සේ යාපනයේ සේවය කළා.

මේ අතරෙදි හමුදා සේවයේ හිටිය මගේ මල්ලි අලිමංකඩ සටනින් මරණයට පත්වුණා. මං පලාලි ඉදලා එයාගෙ අවසන් කටයුතුවලට ගෙදර ආවා. අවසන් කටයුතුවලින් පස්සෙ දවසක මං ගෙදර ළඟ කඩේකට ගිහින් හිටියා.

ඒ වෙලාවෙ එක් පුද්ගලයෙක් ඒ කඩේට ඇවිත් තේ එකක් බීලා, රු.100ක් මුදලාලිට දුන්නා. ඒත් ඉතිරි සල්ලි ගත්තෙ නෑ. ඒක දැකපු මට මේ තැනැත්තා ගැන සැක හිතුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් දෙන්නෙක් ඔය සිද්ධිය දැක්කා. මේ පුද්ගලයා මංකොල්ලකාරයෙක් විය හැකියැයි ඒ අය කිව්වා. මං එයා පස්සෙන් එළවගෙන ගිහින් ඇඟේ එල්ලිලා බදා ගත්තා.

එයාගෙ ඇඟේ බෝම්බයක් බැඳගෙන ඉන්න බව දැක්කෙ ඒ වෙලාවෙයි. ඒක පුපුරවා ගත්තොත් මහා විනාශයක් වෙන්න පුළුවන් බව මට වැටහුණා.

මං ඒ පුද්ගලයගේ අත්, කකුල් හිර කරලා හෙල්ලෙන්න බැරි වෙන්න බදා ගත්තා පැය භාගයක් යනකං ඒ විදිහට හිටියා. ඒත් කවුරුත් ළං වුණේ නෑ. ඈතට වෙලා ඉඳන් වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන හිටියා.

ඊට පස්සෙ මගෙ අතින් එයාව ගිලිහුණා. ඒත් එක්කම මේ පුද්ගලයා දිව්වා. පොලීසියට දැන්වුවහම ඒ අය ආවා. ඒ කෙනා උද්‍යානය පැත්තට දිව්වා.

ඒ පුද්ගලයව ලුහුබඳීමින් ගිහින් පොලිසිය අහසට වෙඩි තිබ්බා. ඒත් එක්කම කොටි ත‍්‍රස්තවාදියා ශරීරයේ බැඳගෙන සිටි බෝම්බය පුපුරවා ගත්තා. ඒ අවස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා මිය ගියා. මට බරපතළ තුවාල සිදු වුණා.

මාව කොළඹ මහ රෝහලට ඇතුළත් කළා. ඒ වනතෙක් මට සිහිය තිබුණා. රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිහිය නැතිව ගියා. ඒ විදිහට මං සති දෙකක් ඉඳලා.

ඊට පස්සේ මාස හතරක් වීදුරු පෙට්ටියක දාලා ඉඳලා. හුඟක් අය හිතලා තියෙන්නෙ මා මැරෙයි කියලා. ඒත් එලොව ගිහින් මෙලොව ආව වගේ මට සනීප වුණා.

මගෙ කකුල්වල, බෙල්ලෙ, ඇඟේ , ඔළුවෙ හැම තැනම යකඩ බෝල ගිහින් තිබිලා. එයින් කිහිපයක් ශරීරයෙන් ඉවත් කළා. ඒත් තව කිහිපයක් ඇඟ ඇතුළෙ තියෙනවා.

ඒවා ඉවත් කරන්න අපහසු මට්ටමකයි තියෙන්නෙ. මේ හේතුව නිසා ම මං හරි අපහසුතාවෙන් ජීවත් වෙන්නෙ. ඒත් මං මුහුණ පෑ මේ තත්ත්වය ගැන සොයා බලන්න අද වෙනකොට කවුරුත් නෑ.

මේ බෝම්බය අගමැතිතුමා ඉලක්ක කරගෙන ගෙනා එකක් බව ඒ දවස්වල දැන ගන්න ලැබුණා. මං අඳුරන මැති ඇමැතිවරු හිටියා.

ඒත් මං මරණයත්, ජීවිතයත් අතර සටන් වදිද්දී හෝ එයින් පස්සෙත් කවුරුත් බැලුවෙ නෑ. මං කළ ශ්‍රේෂ්ඨ කි‍්‍රයාව ඇගයීමකට ලක්වුණේ නෑ. ඒකෙ වාසි ප‍්‍රයෝජන වෙන වෙන අය ගත්තා.

"පුළුවන් කාලෙ කළා. අදත් මේ වගේ කවුරු හරි හම්බ වුණොත් මං අතාරින්නෙ නෑ. මේ රටේ මිනිස්සු කී දෙනෙක් ත‍්‍රස්තවාදීන් නිසා මැරිලා තියෙනවද? මං මැරෙන්න බය නෑ.

මං බය වුණානම්, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් එක්ක පැය භාගයක් විතර පොර බදන්නෙ නෑනෙ"

--------------------------------------------------------------------------------------------------------

අපි සුරතල් සතුන් මල් ආදිය ගැන විද්‍යුත් තැපැල් වටේ යැව්වත් මෙවැන්නක් තවකෙකුට කියනවා අඩුයි නේද?

Thursday, September 25, 2008

හැරෙන තැපැලෙන්..

කවුරුත් දන්නා පරිදි පෙරෙදා ෆයර්ෆොක්ස් 3.0.2 උපනිකුතුව ආවා.

එත් ඔන්න හැරෙන තැපැලෙන් 3.0.3 එවන්න කටයුතු සූදානම් වෙනවා. ඇත්තටම මෙහි එක් විසදුමක් පමණයි එන්නේ. මෙය ඉතාමත් දුර්ලබ අවස්තාවක්. මොකද සාමාන්‍යන් විසදුම් කියහිපයක් එක්වර නිකුත් කළත් පරිශිලලකයාගේ යහපත උදෙසා "රහස්පද කළමණාකරනයේ/මතක තබා ගැනිමේදි" UTF අවුලක් (සරලවම) මෙලෙස විසදීමට ඔවුන් දැන් යුහුසුළුව කටයුතු කරනවා.

විශ්වාස කරන්න මේවන විට විසදුමට අදාල කේතය ඔවුන් ලියා අවසන්.

  1. දෝෂ අංකය: 454708 storage-Legacy can throw when calling ConvertToUnicode
  2. දෝෂ අංකය: 451155 Password manager does not work correctly on IDN site whose name contains any character over U+0100

අද දින තත්වපාලණයට එය ලක් වෙන අතර බීටා වෙළුම ලබන සතියේ මුල නිකුත් වනවා.

ඇත්තටම ගැටලුවක් ඇති විට එයා පෙන්වා දීමත් එයා විසදීමට ඉක්මන් වීමත් ඉතා හොඳ ලක්‍ෂණයක්.

අනික රහස්පද ගැටලු කියන්නේ ආරක්‍ෂාවට තර්ජයනක්..
ඉතින් ආරක්‍ෂාවට මුල් තැන! :)

Wednesday, September 24, 2008

Happy Bday!!




අපි කවුරුත් දන්න නිදහස් සහ විවෘත මෞදුකාංග පද්ධතියක් වන
Fedora GNU/Linux ව්‍යපෘතියට වසර 5 යි!

Tuesday, September 23, 2008

සිතන්නට යමක්....

ගුගල් වෙතින් එන පහත තොරතුරු අනුව ඔබට මොකද හිතෙන්නේ?

මේක ක්ලික් කර බලන්න


ලංකාවේ අයත් දැන් සෙවුම් භාවිතය හොදමට්ටමකට කරනවා නේද?

කෙනෙකුට ඒක වැඩකට ඇති දෙයක් ලෙස නොපෙනුනත් දැන් බලන්න සිංහල වචනයක් යොදා සොයන අයත් ඉන්නවා...



මේක ඇත්තටම හොඳ ප්‍රවනතාවයක්, සිංහලින් ලිවීම වගේම සිංහලින් සෙවීම. :)

තවත් දෙයක් පසුගිය 11 දා පැමිණීමට නියමිතව තිබු ෆයර්ෆොක්ස් 3.0.2 අද නිකුත් වනවා.
එපමණක් නොවේ, අද සිට සිංහල නිකුතුව තවදුරටත් බීටා නිකුතුවක් නොවනු ඇත.

සහාය දුන් සැමට තුති!

Sunday, September 21, 2008

ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ MD කරන පිස්සු වැඩ...

මමත් අද (21) ගියා හර්ෂණ එක්ක පොත් ගන්න. ගන්නමයි ගියේ :)

කෙලින්ම ගියේ Expographics එකට, බලද්දි මම කලින් සතියේ එයාලගේ කොටුවේ තියෙන කඩේ දැක්ක පරණ පොත්මයි තිබ්බේ. GNU/Linux වලට අදාල පොත් වගයක් හොයමින් හිටියේ.

අන්තිමට එකක් යන්තම් සෙට් උනා..
හර්ෂණ ගන්නේ මොනවද කියලා දන්නවනේ. ;-) හික්
එයාට ග්නූ අරහන්..

මම වගේම එයත් එකයි ගත්තේ
මොකද අපි දෙන්නම අවශ්‍ය පොත් අන්තරෙන් බාගන්නවා කියලා තොරපු පොත් 2ක් විතර අත ඇරියා මොකද ඒවා පැරණි පිටපත්. වැඩි ගානක් දීලා පරණ නිකුතුව ගන්නේ මොකට ද?

ඇත්තටම මම ඉංදියාවේ ඉදලා එද්දි ගෙනාපු පොතක් ?(එකම වෙළුම) මෙහෙ පට්ට ගණන්..
මෙයාලා මේ ප්‍රදර්ශන කියලා වසර අවසානයේ ඉතිරිවෙන පොත් දීලා දානවා..
IT පොත් තියෙනවා දැන් පරණම වෙච්ච. නමුත් කළමණාකරනය, ගණිතය, විද්‍යාව සහ අනෙකුත් විශයන් සඳහා තියරිය වෙනස් නොවෙන නිසා එයාලට තියාගෙන විකුණන්න පුලුවන්.

කලාව සහ සාහිත්‍ය පොත් නම් ඉතින් අලුත් වෙනවා. :)


ඊට පස්සේ ලෝවැඩසඟරාව හොයන්න ගියා.
මට අවශ්‍ය උනේ ලෝවැඩසඟරාව පොත් 20ක් 30ක් ගන්න පොඩි ළමයින්ට දෙන්න.

MD ගුණසේන සමාගමෙන් සෙල් එකක් දාලා තිබ්බා ...
(අර MD බීම තිබ්බ තැන ඉස්සරහා, H කොටසේ)

අපෝ පව්!
පොත් හැම තැනම ඇදුම් දාලා වගේ..
මිනිස් ඇද ඇද බලනවා.. මට ගිය වැඩෙත් එපා උනා..
මට නම් තරහත් ගියා. වෙලාවට කැමර එක ගෙනිච්චේ නැත්තේ..
එහෙම උනා නම් පිංතුරෙත් එක්කම දානවා.

මම ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා.. එයා කිවා අනිත් ලොකු එකට යන්න කියලා පාර පේනනුවා


මට අවශ්‍ය උන උත්තරය ඒක නෙමේ.
මම 2 වෙනි පාරටත් ඇහුවා පස්සේ ඇයි පොත් පිළිවෙලට තියන්න බැරිද කියලා.

එත් කලින් උත්තරේමයි. පස්සේ මම ඇහුවා මම කියන අදහස තෙරෙනවද? පව් නේද පොත්වලට ඔහොම සලකන්න කියලා.

පස්සේ කිවා ඔව් තේරුනා කියලා.
ලොක්කො කියන දේ එපැයි පොඩි අය කරන්න.

පස්සේ අනිත් තැනටත් ගියා එතන නම් හොදට තිබ්බා..

Tuesday, September 16, 2008

Firefox 3.1 බීටා 1

මෙම වසරේ අවන් කාර්තුවේදි එළිදැක් වීමට නියමිත මෙම නිකුතුව සඳහා සිංහල පරිවර්තනය මිට සුළු වේලාවකට පෙර අවසන් වූ අතර, දැනට Windows සහ GNU/Linux සඳහා ස්ථාපන ගොනු සූදානම්ව ඇත. :)

දැනට පහත ගුණාංග සඳහා ඛේතයන් ලියා අවසන් කර ඇත.
  1. Improvend CMS performance
  2. Aero Glass support in chrome on Vista
  3. HTML5 Canvas Text API
  4. Rendering video to canvas
  5. ElementTraversal
  6. script defer
  7. CSS3 text-shadow
  8. CSS3 box-shadow
  9. CSS3 column-rule
  10. CSS3 :nth-* selectors
  11. CSS3 media queries
  12. CSS2.1 white-space:pre-line
  13. CSS2.1 generated content
  14. CSS3 border-image
  15. HTML5 audio/video
  16. Ogg Vorbis and Theora codecs
  17. worker threads
එමෙන්ම දැනට පහත දැක් වෙන කොටස් සාර්තකව සංවර්ධනය වෙමින් පවති.

  1. Awesomebar improvements (control, privacy)
  2. Performance improvements
  3. Enhanced compatibility checking during upgrades
  4. Plugin blocklist fixes
  5. Better default controls for video
  6. Software updater, permissions fixes
  7. Theme cleanup
  8. Private browsing mode
  9. downloadable fonts
  10. HTML5 Canvas Shadows API
  11. HTML5 Canvas CreateImageData
  12. HTML5 drag-drop API
  13. Cross-site XHR
  14. CSS transforms
  15. Unique BuildID
  16. offline cache
  17. Windows "Text Services Framework" integration

Saturday, September 13, 2008

මාරවිල සිට ලියමි..

හලාවත ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ විෂය උගන් වන ගුරුවරුන් සඳහා පැවැත්වෙන දෙදින වැඩමුළුවේ පළමු දිනය (12 දින) සාර්ථකව නිම විය.

ගුරුවරුන් 40 දෙනෙකු පමණ මෙම වැඩ සටහන සඳහා සහභාගි විය.

Thursday, September 11, 2008

Firefox 3.0.2

Mozilla ආයතනය අද (11) දිනයේදි Firefox 3.0.2 වෙළුම නිකුත් කිරීමට නියමිතයි. එය ලංකාවේ වේලාවෙන් සවස් යාමයේදි නිකුත්වනු ඇත.

මෙවර ඉංදියානු භාෂා ලැයිස්තුවේ Hindi, Marati, Bengali සහ Kannada යන භාෂාවන් නිකුත් වීමට නියමිතයි.


සිංහල Firefox නිකුතුව සඳහා මෙම නිකුතුව ඉතා වැදගත් වනු ඇත. :)

Monday, September 8, 2008

Browser Statistics Month by Month : 2008

2008 IE7 IE6 IE5 Fx Moz S O
August 26.0% 24.5% 0.1% 43.7% 0.5% 2.6% 2.1%
July 26.4% 25.3% 0.3% 42.6% 0.5% 2.5% 1.9%
June 27.0% 26.5% 0.5% 41.0% 0.5% 2.6% 1.7%
May 26.5% 27.3% 0.7% 39.8% 0.7% 2.4% 1.5%
April 24.9% 28.9% 1.0% 39.1% 0.9% 2.2% 1.4%
March 23.3% 29.5% 1.1% 37.0% 1.1% 2.1% 1.4%
February 22.7% 30.7% 1.3% 36.5% 1.2% 2.0% 1.4%
January 21.2% 32.0% 1.5% 36.4% 1.3% 1.9% 1.4%




Source: w3schools

Saturday, September 6, 2008

Google [Chrome] & Mozilla [Firefox]

Google නව වෙබ් ගවේශකයක් නිකුත් කිරීම Mozilla සඳහා තර්ජනයක්ද?

එය අපට දැන්ම කිව නොහැකියි. දැනට පවතින සහයෝගිතාවය මෙම ලිපිය කියවන ඔබට මැනවින් වැටහෙන ඇතැයි මා විශ්වාස කරමි.
[නමුත් තර්ජනයක් වනවාද නැද්ද යන්න රදා පවතින්නේ Mozilla ඉදිරියේදි ක්‍රියාත්මක වන ආකාරය අනුවයි]

නමුත් මෙය නවතම තාක්‍ෂණික සොයාගැනීම් කරා Mozilla තවත් වෙගත්ව ඉදිරියට යැවීමට පෙළබවීමක් විය හැක.
කෙනෙක්ට තරගයේ රැදි සිටිමට නම් තම හැකියාවන් තරගය පුරා තබාගත යුතු වේ.

Google විසින් Mozilla මිලදි ගනිවිද?

නැත!
Google මොසිලා ගැනීම කළ නොහැක්කක්.
Mozilla කිසිදු දිනෙක විකිනෙන්නේ නැත.
ඇත්තටම Google විසින් Chromw ව්‍යපෘතිය ආරම්භ කළේ මෙම හේතුව නිසයි. ;-) [අපි නොදන්න Live]
ලාභ නොලබන ආයතනයක් ලෙස Mozilla ආරම්ඹ කළේ කිසිම ආයතනයකට එය මිලදිගත නොහැකි වීමටයි.
Google හි අරමුණ ලාභ ලැබීමයි. එමනිසා එය කිසිසේත්ම Mozilla වෙතට පිවිසෙන්නේ නැත.


1990 දි Netscape ආයතනයට Microsoft වෙතනින් තදබල පහරක් වැදුනා.
එවකට Netscape ආයතනයේ සිටි Mitchell Baker සහ Brendan Eich විසින් Mozilla ව්‍යපෘති ඇරඹූයේ Netscape සහ Microsoft අතර ඇති ගැටුමත් මතකයේ තබා ගෙනයි. මෙහිදි ඔවුන් තෝරාගත්තේ ලාභ නොලබන මාර්ගයයි. ඉතින් Mozilla ලාභ ලබන වාණිජ ආයතනයක් වූවා නම් අනිවාර්යෙන්ම Google විසින් Mozilla ලබා ගන්නවා නොඅනු මානයි.

කෙසේ නමුත් Mozilla යනු ලාභ නොලබන, එනම් ලාභ නොලැබීමේ පරමාර්තයෙන් සිටින ආයතනයක්. ඉතින් Google විසින් Mozilla ආයතනය ගුගල් වෙතට විකිනිමේ කිසිදු තර්කයක් නැ.

Mozilla හි ඉලක්කය නිදහස් සහ විවෘත මූල අන්තර්ජාලයක්. ඉතින් ස්වාදීනව සිටිම එම ඉලක්කය සඳහා ඉතා වැදගත්.



http://en.wikipedia.org/wiki/Microsoft_antitrust_trial

Mozilla සහ Google මිත්‍රකම කෙසේද? අතර තාක්‍ෂණික හුවමාරු සිදුවේද?

මෙම පැණයට තාක්‍ෂණික, නිෂ්පාදන සහ මුල්‍යමය සාදක සලකා බැලිය හැක.

තාක්‍ෂණික:

Breakpad සඳහා තාක්‍ෂණික සහයෝතාවයක් තිබු අතර Firefx හි බිදවැටුම් වාර්ථා (crash reports) සඳහා මෙය භාවිතා කරයි.
https://wiki.mozilla.org/Breakpad
http://code.google.com/p/google-breakpad/

මෙය තවදුරටත් ඔවුන් අතරේ ක්‍රියාත්මක වනු ඇත.

නිෂ්පාදන:

මේවන විට Mozilla සහ Google අත best-in-class, anti-phishing සහ anti-malware තාක්‍ෂණික උපක්‍රම ක්‍රියාතයාත්මක කිරිමෙහිලා එක්ව කටයුතු කර ඇති අතර දැනට එම කොටස් Firefox 3 දක්නට ඇත. එමෙන්ම Chrome තුළද එම කොටස් ඇතුළත් වනු ඇත.

මුල්‍යමය:

මීට පෙර දෙවතාවක් සවර දෙක බැගින් තිබු Mozilla සහ Google මුල්‍යමය ගිවිසුම මීට දින කිහිපයකට පෙර වසර 3කට අලුත් කරන ලදි. පැරණි ගිවිසුම මෙම වසරේ (2008) නොවැම්බර් අවසන් වීමට තිබුනද දැන් එය 2011 වසරේ නොවැම්බර් දක්කවා ක්‍රියාත්මක වන්නේ Mozilla සහ Google අතර සහයෝගිතාවය විදහා දක්වමිනි.

Mozilla හි 2006 වසරේ ආදායමින් 85%ක් (ඩොලර් මිලියන 57ක්) ලැබි ඇත්තේ Google වෙතින් වේ.

නමුත් 2011 දි Mozilla එකට මෙම ගිවිසුම නැතිවේදැයි දැන් ඔබ සිතනවා නේද?
දැන්ම කිසිවක් කියන්න බැ. :D


අනාගතයේ Google අන්තර්ජාලයේ එකාධිකාරය පතුරුවයි ද?

මට පෞද්ගලිකව එහෙම දෙයක් වේයයි හිතෙනවා. :)

තවද දැනට Google අඩවියට පිවිසෙන 70% පමණ දෙනා IE භාවිත කරන නිසා ඉදිරියේදි Google යෙදුම් හරහා එම IE පරිශීලකයන් Google වෙතට හරවා ගැනීමට පුලුවන්.

තවත් වැදගත් කාරණයක් වන්නේ Google හි සෙවුම් සහ දැන්වීම් සේවා සඳහා Mozilla මොසිලා තරග කරන්නේ නැත. නමුත් Microsoft මේ වන විටත් ඒම සෙවා වෙතට පිවිසීමට අවශ්‍ය බවට හඩක් නගා ඇත.


අපි කවුරුත් දන්න වනේ, සද්දේ දාන කෙනාටනේ ඉස්සෙල්ලම කන්න වෙන්නේ ;-)



ඉතින් මගේ අවසාන අදහස නම් 70% පමණ වෙළඳපොළක් හිමි IE වෙතට නම් අනිවාර්යෙන්ම Google Chrome ඉලක්ක වනු ඇත.

තවදෙයක් අර සර් මේ සර් කිනිසාවත් හෝ අර බ්ලොග් එකේ තිබ්බ නිසාවත් Chrome නොදා ඉන්නවත් එය වැදපුදාගන්න වත් අවශ්‍ය නැ.
Windows (දැනට එය Linux සහ MAC වලට නැ) වල ඉන්න අය දැන් එය දාලා බලන්න. අපිට අවශ්‍ය අපේ රටට අපේ අවශ්‍ය තාවලට ගැලපෙන සුරක්‍ෂිත, වේගවත් හා ස්ථායි ගවේශකයක්. නිදහස් සහ විවෘත මූල මෘදුකාංග අපිට අවශ්‍යයි.



IE අතීතය අවශ්‍ය අයට...
මේවා ඉතින් එයාලම ලියපු බව හිතේ තියාගෙන කියවන්න ;-)

Wednesday, September 3, 2008

කාලෙන් කාලෙට වෙනස් වෙන පරිවර්තක මෙවලම..

දේශියකරණයට භාවිතා කළ හොඳ පරිවර්තන සහායක මෙවලමක් තමයි Kbabel.
නමුත් මෙවර එය Kaider නමින් නිකුත් වුනා.

එත් දැන් KDE 4.1 සමඟ එය lokalize නමින්...

Tuesday, September 2, 2008

Chrome නිසා IE ට තවත් තර්ජනයක්!

නුදුරු දිනයකදි නිකුත් වීමට නියමිත Chrome වෙබ් ගවේශකය IE වලට අනිවාර්යෙන්ම තර්ජනයක් වනු නොඅනු මානායි.

මෙය අපි කවුරුත් දන්න Google ගේ වැඩක්.
එමෙන්ම Chrome එන්නේ විවෘත මෘදුකාංගයක් ලෙසයි.

ඇයි මේක අනිත් ගවේශක වලට තර්ජනයක් නැද්ද?
දැනට වෙළඳපොල තත්වය අනුව IE හි අගය 80% කටත් වඩා අඩුවීමට පසුගිය ජුනි මස 17 දින නිකුත් වූ Firefox 3 බලපැ බව නොරහසකි.
IE හි මෙම වෙළඳපොල පවතින්නේ එය MSFT මෙහෙයුම් පද්ධති සමඟ පෙරනිමියෙන් ලැබීම නිසයි.
කෙසෙ වෙතත් අනතර්ජාය භාවිත කරන්නගේ වඩාත් ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය වන ගුගල් ලබාදෙන මෙම අවස්ථාවෙන් IE හි ආධෛපත්‍ය බිදවැටෙන අතර ෆයර්ෆොක්ස්, ඔපෙරා සහ සෆාරි යන ගවේශක සඳහා ඇති වන බලපෑම එතරම් නොවේ බව මගේ පෞද්ගලිකව විශ්වාසයයි.

තවත් දෙයක්, Mozilla හට මුදල් දෙන ප්‍රධානතම පාර්ශවයක් වන්නේ Google, Google සෙවුම පෙරනිමිය ලෙසට පැවතීම සහ Google සෙවුම් දැන්වීම්.
ඉතින් බලමු වෙන්නේ මොකද කියලා.

අනාවැකි කියන්න තවමත් කල් වැඩියි!

කෙසෙ වෙතත් පසුගිස මොසිලා සමුලුවේදි ඉතාමත් ආකර්ශනිය පර්යේශන ඔවුන් පෙන්වා සිටියා.
ඉතින් තවත් ගවේශකයක් කරලියට ඒම IE ආධිපත්‍ය බිද වැටීමටත් පරිශීලකයන්හට උපරිම සේවාවක් විවෘත මෘදුකාංග හරහා ලබා ගැනීමට හැකිවනු ඇත.

අද (2) දින බීටා එනවා!!
කියවා බලන්න...
http://googleblog.blogspot.com/2008/09/fresh-take-on-browser.html

ඔවුන් මුලින් Windows සඳහා බීටා ලබා දේන අතර ඉදිරියේදි Mac සහ Linux සඳහා ද සහාය දක්වනු ඇත.