දැන් මෙය අවසානයක් කරා ලගා වීමට ආසන්නන ඇති අතර, 2007 ජූලි සිට මේතාක් දුරට රැගෙන ආ OpenOffice.org සිංහල සඳහා කිසියම් හෝ අයුරකින් සහාය දැක්වු පිරිස නම්;
ශ්රීශානු, කල්ප සහ හර්ෂණ.
මින් බාහිරව කිසිදු පුද්ගලයෙකු මෙහි එකදු වචනයක් පරිවර්තනය කර නොමැති බව පවසන්නේ මතු ඇති විය හැකි ගැටලු දැන්ම දිස්වෙන නිසාවෙනි.
OpenOffice.org සිංහල ව්‍යාපෘතිය ලිංපදිංචි කිරීම සහ OpenOffice.org සිංහල පරිවර්තනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය නිකම්ම නිකන්න පුස්සක් වන්නේ, අදලා පුද්ගලයා (OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය සිදු කළ ) කිසිදු පරිවර්තනයක් නොකළ නිසාවෙනි.
එමෙන්ම 2007 වසරේදි Red Hat ආයතනය යටතේ මා මෙම ව්‍යාපෘතිය ඇරඹීමේදි ඔහු අවසන් කළ ගොනු ලබා නොදුන්නේ 'ඇයි ඔයාට ඔයාගේම පරිවර්තනයක් නොකරන්නේ?' යයි අසමිනි.
ඉතින් ඉහත නම් සඳහන් කළ සිංහල ලැදි පිරිස දායකත් වය දැක් වූ අතර වෙනත් කිසිදු මානව සම්පත් දායකත්වයක් හිමි නොවීය. තවද එම පිරිස පුද්ගලික අභිමතය මත සහාය දුන්නා මිස කිසිදු සංවිධානයක් නියෝජනය සිදු නොවුණි.
සැයු: දැනට මෙය ඉක්ටා අනුග්‍රහය ලබන පරිවර්තන ව්‍යපෘතියකි.
තවද මෙම ලිපිය ලිවීමට සිදු වූයේ මෙතෙක් Open Office 3 සඳහා කළ සිංහල පරිවර්තනය, වැදගත් පුත්ගලයෙකු විසින් කිසිදු පෙර දැනුවත් කිරීමක් හෝ විමසීමකින් තොරව ලියාපදිංචිය පමණක් සිදු කළ පද්ගලයාට ලබා දීම නිසාවෙනි.
තවද මීට පෙර ප්‍රජාව දැනුවත් කළ ලිපි පහතින් දැක් වේ.
------------------------------------------------------------------------------------------------
දිනය: Jul 20 2007, 12:07 pm 0 2007, 12:07 pm
ප්‍රජාව: සිංහල යුනිකෝඩ් සමූහ
ලිපිය: Open Office 2.3 සිංහල පරිවර්තනය
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/277cdb26c7a017fa/fbcc29bebae43b32?lnk=gst&q=openoffice#fbcc29bebae43b32
මිතුරනි,
ඉහත කටයුත්ත සඳහා දායක වීමට කැමති අයකු වේ නම් කරුණාකර දන්වන්න.
Open Office 2.3 හි පරිවර්තන මෙම මස 25 දිනට ප්‍රථම අවසන් කළ යුතු ඇති
අතර සිංල පරිවර්තන කටයුතු මුල සිට ඇරඹිමට සිදු වී ඇත.
අපට 26 දිනෙන් පසුවද 2.3 වෙළුම සඳහා පරිවර්තන සිදු කළ හැකි වුවද,
සිංහල මුහුණත් සහිතOpen Office සඳහා අපට Open Office 2.4 වෙළුම
නිකුත් වනතුරු බලාසිටිමට සිදුවනු ඇත.
කරුණාකර පහත පුරුක් බලන්න.
http://wiki.services.openoffice.org/wiki/OOoRelease23
http://wiki.services.openoffice.org/wiki/Translation_for_2.3
ඩනිෂ්ක නවින්