Friday, February 27, 2009

අසාර්ථක මෙහෙයුම....

ඔන්න අද උදේ 5.45ට විතර විදුරුවක් කුඩුවෙනවා ඇහුනා.

ඒ එක්කම අපෙ ගෙට්ටුවත් ඇරුනා.

මම ඊයේ රැ 2.30ට විතර නිදාගත් නිසා නින්දෙන් අවදිවුවත් ගෙට්ටුවේ සද්දේ නම් හිතුවේ උදැසන සහෝදරයා වැඩට යන්න ඇති කියලා.

මම එහෙම හිතතද්දි අම්මලා ලයිට් එක දාලා සද්දේ ආවෙ කොහෙන්නද බලන්න.
ඊට විනාඩියකින් තමා ගෙට්ටුව ඇරුනේ.

ගෙදර අනිත් අය හිතුවේ මාමා ආවා කියලා.

ඇත්තටම වෙලා තිබ්බේ හොරෙක් ඇවිත් පිටුපස ජනේලය බිද ඇතුලට ඒමට සැරසීමයි.
එත් ලයිට් දාපු නිසා කිසි කලබලයක් නැතිව ගෙට්ටුවත් ඇරගෙනම ගියා. :D

මොනවා උනත් සහෝදරයා කලින් ගියෙ නැත්නම් අම්මා ඔය වෙලාට ඔතන ඉන්නවා උයන්න. එහෙම උනා නම් විසී වුනා වීදුරු වලින් තුවාල වෙන්නත් තිබ්බා.

මොනවා උනත් ලයිට් නොදැම්ම නම් ඒ මනුස්සයාගේ දත්ටික අපරාදේ. මොකද ජනේලයට සවිකර තිබෙන යකඩ රාමුව ගලවන්න හො කපන්න සුදුසු දෙයක් ගෙනෙල්ලා නැ.
කටින් හපන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. පව් :(

එක අතකට එයත් හරි. හොරකමේ එන්නේ තියෙන දෙවල් ගෙනියන්නනේ. බඩු අඩුවෙන් එන්න ඔනා නිසා හිස් අතින්ම එන්න ඇති.

විදුරුව බිදින්නත් අරන් තිබුනේ අපේ ගෙදරම එලියේ තිබ්බ විදුරු බෝතලයක්. අගුල තියෙන හරිය අනුමාන කරද කොහෙද බිදලා තියෙන්නේ.





















මේ පිංතූර දෙක දැක්ක යාලුවෙක් ඇහුවා කෝ හොරාගේ පොටෝ නැද්ද කියලා. ඉතින් ඊළඟ පාර හොරාගෙන් අහලා එකක් ගන්න වෙනවා. ;-)

තවම පොලීසි නම් ගියේ නැ. මොකද එයාලා අහන්නේ හොරා අදුනනවද කියලනේ.
හොරා අදුනන්න කලින් දකින්න එපැයි.


මට නම් හිතෙන්නේ මේ ඇවිත් තියෙන්නේ හොරකම් පාසැලක ඉන්න Intern කෙනෙක්. මොකද දන්නවද? අපේ ආච්චිගේ නංගිගේ ගෙදරට හොරු ආවේ ඒගෙදර බල්ලෝ 4ක් ඉන්න ගමන්. ;-)

ඒවගේහොද හැකියාවන් තියෙන අය ඉන්න කාලෙක මෙහෙම වෙයිද?

ආ... මෙන්න තව ආරංචියක් "තව ගෙවල් 2ක් බිදලා අද උදේ 6ට කලින්"

හික් මට හිතෙන්නේ අද හොද නැකතක් තියෙන්න ඇති මේ අයට.
එක්කෝ හොරුන්ට අකුරු කියවිමේ නැකතක් වත්....

කණගාටුදායක සිද්දියක් වන්නේ සොරුන් පැන්න එක ගෙදරක් මීට එහා තියෙන ධීවරයන්ට අලුතින් දුන් නිවසක්. මුහුදු යන කෙනෙක්ට මෙහෙම දෙයක් කරන එක නම් පව්..

හැබැයි ඒ අයගේ හරි ගෙවල් තිබෙන වෙරල පැත්තෙදි මෙහෙම උනා නම් හොරාව ඇමට ගහවි. :D

ඇත්තටම මේ අයගේ අතපය හොදට තියෙන නිසා වෙන රස්සාවක් කරගන්න බැරිද දන්නැ.

Wednesday, February 25, 2009

Windows මත KDE



ඔන්න සමහරු දැන් බලයි පරණ ප්‍රවෘතියක් කියන්නේ ඇයි කියලා.

ඇත්තටම මේක සඳහන් කරන්නේ නොදන්න අයට දැනගන්න.

මෙම ව්‍යපෘතියේ අරමුණ වින්ඩෝස් මත සිට KDE ව්‍යපෘතියට අයත් යෙදුම් භාවිත කිරීමෙ අවස්ථාව පරිශීලකයන්ට ලබාදීමයි. මොකද මෙම ව්‍යපෘතිය මඟින් ලිනක්ස් ස්ථාපනයට අකමැති කෙනෙක්ට KDE පහස ලබන්න පුලුවන්.

නිසි බලපත්‍රයක් ඇති වින්ඩෝස් දාපු කෙනෙක්ට ලිනක්ස් වෙත යන්න තරම් තදබල අවශ්‍ය තාවයක් නැත්නම් මේක හොඳ අවස්ථාවක්.

දැනට Windows 2000, XP, 2003 සහ Vista මත මෙය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා. තවද ලගදි නිකුත්වූ Windows 7 බීටා නිකුතුව සමඟත් මෙය වැඩ.

වින්ඩෝස් සඳහා KDE අවශ්‍ය අයට එය පහත සබැඳිය මඟින් ගන්න පුලුවන්.
http://www.winkde.org/pub/kde/ports/win32/installer/kdewin-installer-gui-latest.exe





හිටි ගමන් KDE ගැන කියන්න ගත්තේ....................................................
නැහ්.. ඒ ගැන පස්සේ කියන්නම් ;-)

Friday, February 20, 2009

ටෙක්කතා පටිගත කිරීම අතරේ ගුවන් ප්‍රහාර

ඔන්න සුපුරුදු පරිදි අපි ටෙක්කතා 5වන පටිගත කිරීම සඳහා සූදානම් උනා. සියලුම ගැටලූ සහ තොරතුරු සූදානම් කර පටිගත කිරීමට සැරසෙනවාත් සමඟ මලින්ත මල්ලිත් මමත් හැරෙන්නට අපේ කණ්ඩායමේ අනික් අයගේ සම්බන්ධතාවය නැති වී ගියා.

විනාඩි 2ක් පමණ අපි කියවා කියවා හිටියා.. අපි මුලින් හිතුවේ සුපුරුදු පරිදි බුද්ධිකට බඩගිනි වෙලා කියලා. ;)
මෙය එච්චර දැනෙන සුලු දෙයක් නොවුනත් අපි කෝකටත් කියා කාලිංග ඇමතීමෙදි දැනගත්තෙ කොළඹට විදුලිය විසන්දි කර ඇති බවයි.

එත් ඉන්පසුත් මලින්තත් මමත් කතා බහක හිටියත් සුලුමොහොතකින් අප දෙදෙනාගෙත් සම්බන්ධතාවයක් බිදි යාමත් සමඟ ජංගම දුරකතන වලට පින්සිද්ද වෙන්න කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂදේව යහතින් සිටිනා බව දැනගත්තා.

ඇත්තටම මේ ගුවන් යානා එන්නේ කොහෙන්ද? කෙසේ වෙතත් යුද්ධය අවසන් වුවත් මීට වඩා විශේෂිත ගුවන් ආරක්‍ෂණ පද්ධිතයක් අපි අවශ්‍ය වෙනවා. වැරදිලාවත් මේක WTC එකට වැටුන නම් සුලුපටු හානියක් නෙමෙ වෙන්නේ.

දැන් ඉතින් වැට් හොරුනම් සතුටින් ඇති :D

ආ මෙන්න අපේ අය හොදින් ඉන්නවා. අපේ අය දැන් online

එත් කාලිංගගේ tax file එක පිච්චිලා නැති එක නම් පාඩුවක්. ;)

Saturday, February 14, 2009

Shiretoko Firefox 3.1

ඔබට දැන් Firefox 3.1 හි සිංහල නිකුතුව පීරික්සිය හැක.
මේවන විට බීටා 3 නිකුත් වී ඇති අතර නුදුරු දුනයකදි අවසන් නිකුතුව ලබාගත හැක.

Firefox 3.1 බීටා 3 ලබා ගැනීමට


වින්ඩෝස් | ලිනක්ස් | මැක්

භාවිත කර සිංහල පරිවර්තනයේ දෝස් ඇත්නම් දන්වාසිටීමට කාරුණික වන්න.

නවතම නිකුතුවේ ඇති දෑ...

  1. Tag Autocomplete
  2. Bulk tagging support
  3. Awesomebar improvements (control, privacy)
  4. Performance improvements
  5. Enhanced compatibility checking during upgrades - addons
  6. Plugin blocklist fixes - addons
  7. Basic tab switch preview
  8. Better default controls for video
  9. Software updater, permissions fixes
  10. Password Manager to mozStorage
  11. Performance improvements
  12. Theme cleanup
  13. SSL error pages improvements
  14. Private browsing mode
  15. Improvend CMS performance
  16. Aero Glass support in chrome on Vista
  17. downloadable fonts
  18. HTML5 Canvas Text API
  19. HTML5 Canvas Shadows API
  20. HTML5 Canvas CreateImageData
  21. Rendering video to canvas
  22. Node iterator
  23. HTML5 drag-drop API
  24. Cross-site XHR
  25. ElementTraversal
  26. script defer
  27. CSS3 text-shadow
  28. CSS3 box-shadow
  29. CSS3 column-rule
  30. CSS3 :nth-* selectors
  31. CSS3 media queries
  32. CSS2.1 white-space:pre-line
  33. CSS2.1 generated content
  34. SVG clip-path/mask/filter for HTML
  35. SVG Animation (SMIL)
  36. CSS transforms
  37. CSS3 border-image
  38. CSS3 elliptical border-radius
  39. Unique BuildID
  40. HTML5 audio/video
  41. Ogg Vorbis and Theora codecs
  42. offline cache
  43. local storage
  44. native JSON
  45. worker threads
  46. offline events
තවද ෆයර්ෆොක්ස් 3.1 සිංහලද ඇතුලුව භාෂා 68කින් නිකුත් වීමට නියමිතයි!

Wednesday, February 11, 2009

Visualized Budget 2009

Have a look on Thailand Visualized Budget Graph for 2009.




Source: http://www.flickr.com/photos/isriya/3260815310/sizes/o/

Tuesday, February 10, 2009

Ubuntu වෙතින් Fedora වෙතට යන ඔබට

ඔබ Ubuntu භාවිතා කරයි නම් ඔබ විධානයක් දීමට පෙරාතුව sudo යොදනවා ඇති. මෙය Fedora මතද එලෙසම භාවිතා වුවද පෙරමිනිමියෙන්ම sudo පහසුකම Fedora ලබා නොදේ.

ඒ සඳහා /etc/sudoers ගොනුව සැකසිය යුතුවේ.

එය සැකසීමට කිසියම් පෙළ සැකසුම් මෘදුකාංගයක් අවශ්‍යවේ.

උදා:
vi පෙළ සැකසුම භාවිතා කරයි නම්.

vi /etc/sudoers

එසේ නැති නම් visudo විධානය පමණක් ලබාදිය හැක.

මෙම පියවර දෙකම සඳහාම ඔබ root පරිශීලක හෝ එම බලය ඇති පරිශීලකයකු ලෙස පිවිසි සිටීම අවශ්‍ය වේ.

දැන් පහත කොටස එම ගොනුවට එක් කරන්න.
[ vi පෙළ සැකසුම සඳහා ලිවීම ඇරඹීමට i අකුරු එබිමෙන් edit MODE එකට පිවිසිය හැක ]

danishka ALL=(ALL) ALL

(danishka වෙනුවට ඔබේ පරිශීලක ගිණුම් නාමය දෙන්න)

දැන් ගොනුව සුරැකීම සඳහා "esc/ESCAPE" යතුර ඔබා edit MODE එකෙන් ඉවත් වන්න.
ඉන්පසු :wq ලබාදි ගොනුව සුරැකීමත් සමඟ ඉවත් වන්න.


w - write
q - quite

දැන් ඔබ sudo භාවිත කර විධාන ක්‍රියාත්මක කිරිමෙදි ඔබේ රහස්පදය විමසයි.
ඔබට මෙයත් වදයක් නම් ඉහත [ danishka ALL=(ALL) ALL] කොටස වෙනුවට පහත කොටස එක් කරන්න.


danishka ALL=(ALL) NOPASSWD:ALL


දැන් sudo භාවිත කරන විට ඔබෙන් රහස්පදය විමසීමක් නොකරයි.

ඔබ මෙතෙක් වෙලා වෙහෙස වූයේ ඔබේ පරිගණකය අනාරක්‍ෂි කරගැනීමට බවද සිහිතබා ගැනීම මැනවි.


භාවිතය සඳහා උදාහරණයක්:


sudo service network restart
- විධානයක් මඟින් ජාලය යළි ඇරඹීමට
sudo yum install firefox - yum විධානය මඟින් ෆයර්ෆොක්ස් ස්ථාපනයට