Skip to main content

Posts

Showing posts from April, 2008

පොඩි අවුලක් Windows සමඟ සිංහල Firefox 3

Windows මෙහෙයුම් පද්ධතියට අදාලා දෝෂයක් නිසා Firefox 3 හි සිංහල ස්ථාපනය ඉවත් කරන මෙන් Mozilla කන්ඩායම මේ දැන් ඉල්ලා සිටි අතර. මෙම නිසා සිංහල Firefox 3 හි Windows ස්ථාපනය ඉංග්‍රිසි බසින් ක්‍රියාකරනු ඇත. ඇත්තටම දුකයි. :( මක්නිසාද ඒ සඳහා අදාල කොටස් මේ වන විටත් සාර්ථකව අවසන් කර තිබුනි.

ඔන්න අපි දැන් ට්‍රැක් එකේ

දින තුනක් නිදිවර්ජිතව වැඩ කිරීමෙන් පසු සිංහල Firefox 3 දැන් හරි ට්‍රැක් එකේ. මට නම් හොදටම විශ්වාසයි දැන්. නියමිත දිනට අපේ සිංහලින් Firefox (ෆයර්ෆොක්ස්) 3 නිකුත් වන බවට.

Firefox (ෆයර් ෆොක්ස්) සිංහලට

අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර ඉතා ජනප්‍රිය Firefox (ෆයර් ෆොක්ස්) අන්තර්ජාල ගවේශකය දැන් සිංහලට හැරෙමින් පවති. එම මෘදුකාංගයේ 2 වැනි වෙළුම සඳහා සිංහල භාෂා ඇසුරුම නිකුත් කළ අතර. නුදුරු දිනයකදි නිකුත් වන Firefox (ෆයර් ෆොක්ස්) හි 3වන වෙළුමේ සිංහල කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවති. Firefox (ෆයර් ෆොක්ස්) 2 හි සිංහල භාෂා ඇසුරුම උපදෙස් : 1. මෙය බාගත කර ඔබගේ Firefox 2 ගවේශකයට ඇද දමන්න 2. Firefox 2 යළි අරඹන්න දැන් ඔබට සිංහල Firefox මුහුණත ලැබී නැත් නම්. පහත උපදෙස් පිළිපදින්න. 3. මෙම පුරුක වෙතට ගොස් https://addons.mozilla.org/en-US/firefox/addon/1333 Quick Locale Switcher ස්ථාපනය කරගන්න 4. Firefox 2 යළි අරඹන්න 5. දැන් භාෂාව සිංහලට වෙනස් කරන්න Tools > Language හෝ $LANG=si_LK firefox විධානය භාවිතා කරන්න.

සිංහල බසින් දේශීයකරණය වන පරිගණකය

පසුගිය වසරේ (2007) ජුනි මස ආසාවට දේශීයකරණය ගැන තිබු අමාරුව නිසා ලියු ලිපියක් ඉමහත් පරිශ්‍රමයකින් යුතුව සිළුමිණ පත්‍රයේ 2007 දෙසැම්බර් මස 09 දින 23 පිටුවේ පළකරවා ගැනීමට හැකි විය. "පරිගණකය අපේ බසට හැරේ" යන සිරස සහිතව පළවිය (මගේ නම රහිතව). මෙම කටයුතු සඳහා සහයදුන් වසන්ත සහ ශානුට ගොඩක් ස්තුතියි. ------------------------------------------------ලිපිය-------------------------------------------------------------------------- සිංහල බසින් ස්වදේශීයකරණය වන පරිගණකය 60 දශකයේ අග භාගයේදී පළමු වරට ලංකාවට පැමිණි පරිගණක තාක්‍ෂණය , අද වන විට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යපෘති මගින් යම්තාක් දුරට ඈත ගම් දනව් කරා ගෙනයාමක් සිදුව තිබේ . එමෙන්ම බොහෝමයක් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතනික තොරතුරු දැනටමත් අන්තරජාලයට එක් වී ඇත . එපමණක් නොව , බොහෝ දිනපතා සහ සති අන්ත පුවත්පත් ද මේ වන විට අන්තරජාලයට එක් වී තිබේ නමුත් මෙලෙස අප රටේ පරිගණක තාක්ෂණය වර්ධනය වෙමින් පැවතුණ ද , ඉංග්‍රීසි භාෂාව භාවිතයේ දී ඇති අපහසුතාව නිසා බොහෝ දෙනෙකු මෙය උගැන්ම අතපසු කිරීමට හෝ නවතා දැමීමට පෙළඹී ඇත . වෙනත් උසස් අධ්‍යාපනික කටයු