Skip to main content

Posts

Showing posts with the label ෆෙඩෝරා

හන්තාන ලිනක්ස් මත ජුම්ලා ස්ථාපනය

මෙම සටහන Fedora/CentOS/RHEL මත ජුම්ලා ස්ථාපනයට භාවිත කළ හැක. පරිගණකයට පිවිසිමේන් අනතුරුව ටර්මිනල් එක විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න. [danishka@localhost ~]$ cd Downloads/ [danishka@localhost Downloads]$ wget http://joomlacode.org/gf/download/frsrelease/18323/80368/Joomla_3.1.1-Stable-Full_Package.zip   ජුම්ලා නවතම නිකුතුව අවශ්‍ය නම් පහත සබැඳිය භැවිත කළ හැක. http://www.joomla.org/download.html මෙම ස්ථාපනය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබේ පද්ධතියේ apache, php සහ mysql ස්ථාපනය කර තිබීම අවශ්‍ය වේ. හන්තාන 14 නිකුතුවේ සිට සියලුම නිකුතුවන් පෙරනිමියෙන්ම apache, php සහ mysql ඇතුළත් වේ. නමුත් වෙනත් පද්ධතියක් සඳහා ස්ථාපනය කරන්නෙ නම් පහත විධානය ලබා දෙන්න. root පරිශීලක ලෙස පිවිසීමට su  විධානය ලබා දෙන්න. [danishka@localhost ~]$ su Password: [root@localhost danishka]# yum -y install httpd php mysql mysql-server php-mysql හන්තාන ලිනක්ස් පද්ධතිය තුළදි ඉහත දැක්වෙන විධානය ලබා දීම අවශ්‍ය නොවේ පහත විධාන මඟින් mysql සහ apache සේවාවන් ඇරඹීම සිදුවන අතර පරිගණකය ආරම්ඹ කිරීමේදි ස්ව...

KDE යෙදුම් තුළ ඉංග්‍රිසි මුහුණතේ සිංහල අකුරු කවලම් වීම

ඔබ මැතක සිට ඉංග්‍රිසි මුහුණතේ සිංහල අකුරු කවලම් වී පෙනිමේ දෝෂය නිසා අපහසුතාවයට පත් වුවා විය හැක. මෙම ගැටලුව දැනට Fedora සඳහා විදා ඇති අතර පහත පියවර මඟින් එය වලක්වා ගත හැක. ඔබ පළමුව qt-4.5.2-1.fc11.i586.rpm ඇසුරුම ස්ථාපනය කරගත යුතු වන අතර එය සඳහා බොහෝ දුරට qt-mysql-4.5.2-1.fc11.i586.rpm සහ qt-x11-4.5.2-1.fc11.i586.rpm අවශය වේ. එම ගොනු ලබා ගෙන එකම ස්ථානයකට රැස්කර පහත විධානය දෙන්න. rpm -Uvh qt-* උදා: ඔබ සියලු ගොනු /home/ /Downloads හි එක් කළා නම් ටර්මිලයට පිචිස (root පරිශීලක ලෙස) cd /home/ /Downloads වෙත ගොස් පසුව rpm -Uvh qt-* විධානය දෙන්න.

Fedora 11 and ibus-sayura

ඔබ ෆෙඩෝරා 11 මත සයුර පිහිටුවා ගැනීමට උත්සාහ දැරුවානම් මෙවර Fedora 11 DVD තැටිය මත සයුර සඳහා අවශ්‍ය පැකේජය නොමැති බව දැනටමත් හදුනාගෙන තිබිය හැක. ** මෙම පියවර ibus සහාය ලැබෙන RHEL සහ CentOS මෙහෙයුම් පද්ධති සඳහා ද භාවිත කළ හැක. මෙම ගැටලුව ෆෙඩෝරා සඳහා සයුර පැකේජයෙහි නඩත්තුකරු අතින් සිදුවූ අතපසු වීමක් නිසා සිදු වූ අතර ෆෙඩෝරා ස්ථාපනයෙන් පසුව සයුර ස්ථාපනය සඳහා gnome-terminal හෝ වෙනත් විධාන ලබාදිය හැකි කන්සෝලයක් වෙත ගොස් root පරිශීලක ලෙසට පිවිස yum install ibus-sayura යන විධානය ලබා දෙන්න. නමුත් මෙහිදි ඔබට 'කේ', 'කෝ' වැනි අකුරු ලිවිමේදි තිත් සහිත රවුමක් දිස් විය හැක. එම ගැටලුව ෆෙඩෝරා ව්‍යපෘතියට අනුබද්ධව සිටින සයුර පැකේජයෙහි නඩත්තුකරු විසදා ඇති අතර එය ෆෙඩෝරා මෘදොකාංග මූලය හරහා ඔබට ලැබීමට ටික දිනක් ගතවේ. එතෙක් ඔබට රැදි සිටීමට අපහසු නම් පහත දැක්වෙන පියවර මඟින් විසදා ගත හැක. [root පරිශීලක ලෙසට ටර්මිනලේ වෙනස් වීමට su - ලෙස යතුරුකරණය කර ENTER යතුර ඔබන්න. ඉන්පසු ඔබ මීට පෙර root පරිශීලකට ලබාදුන් රහස්පදය ලබා දෙන්න. මෙවිට මෙතෙක් $ සලකුණින් අවසන්ව තිබූ ප්‍රොම්ට් එක #සලකුණට ...

කලකට පස්සේ!!

ඔන්න ඉතින් කලකට පස්සේ ආයෙත් පුංචි පහේ නිදහස් සහ විවෘත මෘදුකංග ( Free and Open Source Software ) හදුන්වාදිමේ වැඩසටහන් ඉදිරිපත් කෙරුනා බටපොල නවෝද්‍යා පාසැලේදි. පසුගිය මස 26 වැනි අඟහරුවාදා දින එම විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩංගනයෙදි පැවැත් වූ මෙම වැඩසටහන ගයාන් තාරක මල්ලිත් එම විද්‍යාලයේම ගුරුතුමියක වන ඔහුගේ මැණියන්ගෙත් දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. තොරතුරු තාක්‍ෂණ විශයට වගකීමක් එතුමියට විදුහල තුළ නොතිබුනත් ඇය ඇගේ උපරිම දායකත්වය ලබා දීම පැසසිය යුතු කාරණයක්. මේ වැඩසටහන සඳහා බන්දුල පුෂ්පකුමාර ඇදුරු තුමා, කල්ප පැතුම් , වී අමිත්ත, ගයාන් කල්හාර , අනුෂ්ක ලක්මාල් යන අය දායකත්වය ලබා දුන්නා. මෙම වැඩසටහනේදි GNU/Linux (උබුන්ට සහ ෆෙඩෝරා දෙකම) පිහිටුවා ගැනීම, GNU/Linux Desktop, Gnome , Fedora සහ Firefox සිංහල ව්‍යපෘති හදුන්වා දෙන ලදි. පාසැල සවස 12.30ට අවසන් වීම නිසාත් සවස 1.00ට එම ස්ථානයේ ගුරු රැස්වීමත් නිසා වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට සිදු උනා. ඉතින් වැඩසටහනේ තවත් රූප ටිකක් බලන්න ආස නම්..... මෙන්න flickr (ගන්න ඔක්කොම අප්ලෝඩ් කරන්න නම් කම්මැලියි :( ) දැන් ඔන්න ලංකාවේ හොඳම පාසැල් පරිගණක විද්‍...

දෙවසරක අතීතය....

මීට වසර දෙකකට පෙර එනම් 2007 අප්‍රේල් මස 11 දින Red Hat සමාගම යටතේ දේශියකරණයට එක් වුයේ ඊට පෙර එම සමාගමේ සිංහල වෙනුවෙන් කටයුතු කළ මා මිත්‍ර ටිරෝන් වෙනත් අංශයකට යොමු විමෙන් ඇති වූ පුරප්පාඩුව පිරිවීමටයි. ඉතින් මේ කතා සියල්ල ඇරඹීමට පළමුව කිව යුතු එක් දෙයක් ඇත. එනම් දැනට සිටින බොහෝමයක් සහ එවකට සිටි සියළු සිංහල යුනිකෝඩ් ලැදි මිතුරන් මුණගැසුනාක් මෙන් ටිරෝන් හමු වුයෙ සිංහල යුනිකෝඩ් සමූහය හරාහායි. පුෂ්පකුමාර සහෝදරයාගේ ඇරයුමින් සිංහල යුනිකෝඩ් සමුහයට එක් වුයේ එය භාවිතා කරන්නට ආරම්භ කර දින කිහිපයකට පසුවයි. ඉතින් ඇරඹූ තැන තවමත් මතකයේ තිබෙන බව සිංහල යුනිකෝඩ් සමූහයේ මිතුරන්ට සතුටින් දන්වා සිටිමි. කෙසේ වෙතත් අදාල අරමුණු වලින් ඉවතට ගමන් කෙරුණු එම සමූහයෙන් නොදන්වාම වසර කිහිපයකට පෙර ඉවත් විය. දැනට සක්‍රීයව සිටින සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයද බිහිවුයේ එම සමූහයෙ සිටි මිතුරන් පිරිසකගෙනි. මා මෙහිදි දේශීයකරණය ලෙස දක්වන පදයේ අංශ දෙකක් ඇත. එනම් පරිගණකයේ සිංහල පිහිටුවීම පළමු සහ වැදගත් අංගයයි. අනෙක පරිගණකයේ අවශ්‍ය මෘදුකාංග/යෙදුම් සිංහලින් සැකසීම දෙවැනි කොටසයි. පළමු අංගය සඳහා අනුරාධ රත්නවීරන් විසින් මහත් කැපකිරී...

Ubuntu වෙතින් Fedora වෙතට යන ඔබට

ඔබ Ubuntu භාවිතා කරයි නම් ඔබ විධානයක් දීමට පෙරාතුව sudo යොදනවා ඇති. මෙය Fedora මතද එලෙසම භාවිතා වුවද පෙරමිනිමියෙන්ම sudo පහසුකම Fedora ලබා නොදේ. ඒ සඳහා /etc/sudoers ගොනුව සැකසිය යුතුවේ. එය සැකසීමට කිසියම් පෙළ සැකසුම් මෘදුකාංගයක් අවශ්‍යවේ. උදා: vi පෙළ සැකසුම භාවිතා කරයි නම්. vi /etc/sudoers එසේ නැති නම් visudo විධානය පමණක් ලබාදිය හැක. මෙම පියවර දෙකම සඳහාම ඔබ root පරිශීලක හෝ එම බලය ඇති පරිශීලකයකු ලෙස පිවිසි සිටීම අවශ්‍ය වේ. දැන් පහත කොටස එම ගොනුවට එක් කරන්න. [ vi පෙළ සැකසුම සඳහා ලිවීම ඇරඹීමට i අකුරු එබිමෙන් edit MODE එකට පිවිසිය හැක ] danishka ALL=(ALL) ALL (danishka වෙනුවට ඔබේ පරිශීලක ගිණුම් නාමය දෙන්න) දැන් ගොනුව සුරැකීම සඳහා "esc/ESCAPE" යතුර ඔබා edit MODE එකෙන් ඉවත් වන්න. ඉන්පසු :wq ලබාදි ගොනුව සුරැකීමත් සමඟ ඉවත් වන්න. w - write q - quite දැන් ඔබ sudo භාවිත කර විධාන ක්‍රියාත්මක කිරිමෙදි ඔබේ රහස්පදය විමසයි. ඔබට මෙයත් වදයක් නම් ඉහත [ danishka ALL=(ALL) ALL] කොටස වෙනුවට පහත කොටස එක් කරන්න. danishka ALL=(ALL) NOPASSWD:ALL දැ...

plymouth

ඔබත් ෆෙඩෝරා භාවිත කරයි නම් plymouth දාලා බලන්න. මෙන්න දාගන්න විදිය. /etc/grub.conf ගොනුවේ ඇති kernel /vmlinuz-2.6.27.5-117.fc10.i686.PAE ro rhgb quiet ලෙස ඇති පෙළට vga=792 කොටස එක්කරන්න උදා: kernel /boot/vmlinuz-2.6.27.5-117.fc10.i686 ro root=UUID=a61c8338-e373-4389-ae00-32942185f7c2 rhgb quiet vga=792 yum install plymouth-plugin-{fade-in,pulser,spinfinity} plymouth-set-default-plugin name (name යනු ඔබට අවශ්‍ය ප්ලගීනයයි ) උදා: plymouth-set-default-plugin solar /usr/libexec/plymouth/plymouth-update-initrd

ෆෙඩෝරා සඳහා වේගවත් mirror භාවිතයට

ෆෙඩෝරා පොදු රිපොසිටරි ගණනාවක් ලොවපුරා ඇත. අප පැකේජයක් ලබා ගන්නා විට එය ලබා ගැනිමේ වේගය අදාල රිපොසිටරිය රදවා ඇති ස්ථානයේ පහසුකම් මතද රදා පවති. ඔබට ෆෙඩෝරා සඳහා වේගවත් mirror භාවිතයට අවශ්‍ය නම් yum-fastestmirror නම් වූ yum ප්ලගීනය භාවිත කළ හැක. එය පිහිටුවා ගැනීමට සඳහා yum install yum-fastestmirror විධානය දෙන්න. ඉන්පසු ඔබ යාවත් කිරිම් හෝ ස්ථාපනය කිරිම් සිදු කරන විට ඔබේ පරිගණකය ස්වයංක්‍රීයව වේගවත් ෆෙඩෝරා මිරර් වෙතට පිවිසෙනු ඇත.

ෆේඩෝරා මත rpmfusion සමඟින් mp3 codecs, Nvidia drivers

මෙම විධානය ලබා දෙන්න su -c 'rpm -ivh http://download 1.rpmfusion.org /free/fedora/rp mfusion-free-re lease-stable.no arch.rpm http://download 1.rpmfusion.org /nonfree/fedora /rpmfusion-nonf ree-release-sta ble.noarch.rpm ' yum clean all ඉන්පසු ඔබට packagekit හෝ yumux භාවිතා කර GUI එකක් මඟින්ම අවශ්‍ය මෘදුකාංග සොයා ස්ථාපනය කළ හැක. නමුත් GUI එකකට ගොස් මවුසය මඟින් ක්ලික් කර කර ඉන්නවාට වඩා පහත දැක්වෙන විධාන එලෙසින්ම පිටපත් කර යළි ටර්මිනලය තුළ ඇලවීම ඔබට පහසු වේ යයි සිතමි. Xine දෘශ්‍ය වාදකය ස්ථාපනයට # yum install xine-lib-extras-freeworld xine මෙය Totem හි හැකියාවන්ද වැඩිදියුණු කරනු ඇත MPlayer ස්ථාපනයට # yum install mplayer-gui මම නම් ඉතින් amrok තමා භාවිතය.. :) yum install amarok VLC දෘශ්‍ය වාදකය ස්ථාපනයට # yum install vlc වැඩි දියුණු කළ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සහාය ලබා ගැනීමට # yum install gstreamer-plugins-ugly gstreamer-plugins-bad gstreamer-ffmpeg නවතම Nvidia drivers ගැනීමට # yum install kmod-nvidia ෆෙඩෝරා පිළිබඳ සවිස්තරාත්මක ලිපිපෙළක් කියවීමට සඳහා අපේ ප්‍රසාන්ගේ ෆෙඩෝරා සිංහල සටහන් ...

ෆෙඩෝරා මත Flash 10

ෆෙඩෝරා මත flash ස්ථාපනය සඳහා පහත පියවර දෙක භාවිතා කළ හැක. sudo rpm -ivh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm sudo yum install flash-plugin එසේ නොමැති නම් පහත පියවර වුවද අනුගමනය කළ හැක. 32-bit මෙහෙයුම් පද්ධතිය මත sudo rpm -ivh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm sudo rpm –import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-adobe-linux mkdir -p /usr/lib/mozilla/plugins sudo yum install flash-plugin mozilla-plugin-config -i -g -v 64-bit මෙහෙයුම් පද්ධතිය මත sudo rpm -ivh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm sudo rpm –import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-adobe-linux mkdir -p /usr/lib/mozilla/plugins sudo yum install nspluginwrapper.{i386,x86_64} pulseaudio-lib.i386 sudo yum install flash-plugin mozilla-plugin-config -i -g -v

Fedora | ෆෙදෝරා 10 අද නිකුත් වේ

ෆෙඩෝරා ව්‍යාපෘතියේ දස වන වෙළුම අද දින නිකුත් වීමට නියමිතයි. ෆෙඩෝරා ලබා ගැනීම සදහා http://fedoraproject.org/get-fedora සබැඳිය භාවිත කළ හැක. මෙය නිකුත් වීම අද සවස්යාමයේ සිදුවන අතර, එම මොහොතේම ලබා ගැනීමට උත්සාහ කිරීම සාර්තක නොවිය හැක. පසුගිය වර ෆෙඩෝරා 9 නිකුත් විමේදි පළමු පැය තුළ 60,000ක් ඉල්ලීම් ෆෙඩොරා සේවාදායක වෙතට ලැබුණි. නිදහසේ සාමාන්‍ය වේගයෙන් ලබා ගැනීමට දිනක් හෝ දෙකක් ඉවසන්න. ;-) -- ඉවර වෙන්නේ නැ, නොමිලේ නිසා මිළ ඉහලයන්නේත් නැනේ. :D

රිච්මන්ඩ් පොඩ්ඩෝ...

ඊයේ (ඔක්තෝම්බර් 27 වන දින) ගාල්ල රිච්මින්ඩ් විද්‍යාලයේ වැඩසටහනකට සහභාගි පැමිණිමේදි නෙත ගැසුණු මේ පොඩිත්තන් නිසා සුලුවෙන් හෝ සටහනක් කරන්නයි මේ වැයම. මලීගේ අතින් ලියවුණු ඇගේ කුඩා පංතිවල සිදුවීම් කියවද්දි මෙන්නම මෙම පුංචි මල්ලි දැක්කමත් අපව ළමා කාලයට කැදාවාගෙන යනවා. අධ්‍යාපන කටයුතු අතපසු කරමින් තමන්ගේ පාසලේ මල්ලිලාට දැණුම බෙදාදෙන්න, වැඩසටහනට උරදුන් අපේ කල්ප මලයාටත් ගොඩක්ම පිං. වැඩසටහන ඉතින් නිදහස් සහ විවෘත මෘදුකාංග [Free and Open Source Software]හදුන්වාදීම තමයි. හැබැයි විශේෂත්වයක් තියෙනවා, ලොකු ලොකු අයට අපෝ Linux නම් අමාරුයි කිවට 8වසරේ මල්ලිලා ටික ඊයේ අහපු ප්‍රශ්න වලින් වගේම ක්‍රියාවෙන්ද ඔවුන්ගේ උනන්දුව පේන්න තිබුනා. හොදම දේ තමයි හවස 6.30 වන විට දුරකතනය නාදවෙන්න ගත්ත, බලද්දි ගෙදර ගිය ගමන් පොඩ්ඩෝ Fedora සහ Ubuntu දාන්න පටන් අරගෙන. ඒ වගේම ගාල්ල සුමන්ගලෝදය පාසැලේ ගුරුතුමා තමා මේකටයුත්තට රිච්මන්ඩ් විද්‍යාලයට සහාය දුන්නේ. කොටින්ම දුරකතන ඇමතුම් මඟින් රුහුණ විශ්ව විද්‍යාලය, ලිනක්ස් මිතුරන් යන සැවොම සම්බන්ධීකරණය කළේ එතුමයි. පාසැලේ පරිගණක විද්‍යාගාරයේ කොටස් ගලවගෙන යන ගුරුවරුන් සිටින යුගයක එතුම...

Happy Bday!!

අපි කවුරුත් දන්න නිදහස් සහ විවෘත මෞදුකාංග පද්ධතියක් වන Fedora GNU/Linux ව්‍යපෘතියට වසර 5 යි!

Fedora 9 X86_64 සමඟ 4GB මතකය

අද, දැන් Fedora 9 වෙළුමෙහි (X86_64 ආකෘතිය) ලබාගෙන ස්ථාපනය කරගත් අතර, ඉතා සුළු වේලාවකදි සියලු කටයුතු නිම කරගන්නා ලදී. මම කළින් Fedora 9 වෙළුමෙහි X86 ආකෘතිය භාවිතා කළ අතර එහිදි පරිගණකයේ තිබු 4GB මතකයෙන් භාවිතාකළ හැකි වුයේ 3GB ප්‍රමාණයක් පමණි. නමුත් BIOS හි නියමිත පරිදි 4GB පෙන්නු නිසා හිතට සහනයක් ආවා. වැඩේ අතඇරියෙම නැ.... ආයෝජනය කළ මුදල අපතේ යවන්නත් බැනේ, දැන් වැඩේ හරි... Fedora 9 X86_64 සමඟ 4GB මතකය නිවැරදිව පෙන්වනවා. දැන් swap එක වැඩකටම නැ වගේ. :) අපේ හිමිර මිත්‍රයාට ස්තුතියි.:) Fedora 9 හි තවත් තොරතුරු සමඟින් යළි හමුවෙමු!

දාමුද තවත් OS එකක්?

ඔබට GNU/Linux මත තවත් ඕනැම මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට නම් Virtual Machine එකක් ක්‍රියාත්මක කළ හැකි අතර ඒ සඳහා VMware මෘදුකාංගය භාවිතා කළ හැක. (මේ සඳහා GNU/LIinux මතදි xen කර්නලයද භැවිතා කළ හැක) එය බාගැනීමට පහත විධානය භැවිතා කරන්න #wget http://download3.vmware.com/software/vmserver/VMware-server-1.0.5-80187.tar.gz # yum install inetd අදාල ඇසුරුම විවෘත කිරීමට #tar xvfz VMware-server-1.0.5-80187.tar.gz විධානය ලබා දෙන්න විවෘතවූ බහලුම තුළට යාමට #cd vmware-server-distrib විධානය ලබා දෙන්න ඉන්පසු #./vmware-install.pl යන්න root පරිශීලක ලෙසට පවිසි ක්‍රියාත්මක කරන්න. Network Ethernet card Bridged Network vmnet0 Host Only Network vmnet1 NATted Network vmnet8 නමුත් Fedora 8 සහ අනෙකුත් සමාන්තර මෙහෙයුම් පද්ධතිවල 2.6.24.4-64 කර්නලය ඇත්නම් ඔබට පහත පරිදි දෝෂ ගණනාවක් ලෙබෙනු ඇත. (එය 2.6.24.3-12 කර්නලයදී ලැබුණු පිළිතුරවේ) එසේ නම් vmware-any-any-update-116 නැමැති patch එක භාවිතා කරන්න. එය බාගැනීමට පහත විධානය භැවිතා කරන්න #wget http://blog.devhen.com/files/vmware-any-any-update-...

Fedora 8/9 මත සිංහල සහාය

මෙම උපදෙස් Red Hat Enterprise Linux සහ CentOS සඳහාද භාවිතා කල හැක. Fedora 11 මත සිංහල සැකසීම සඳහා උපදෙස් ඔබට Fedora 8/9 මත සිංහල සහාය ලබා ගැනීමට නම්, ක්‍රම දෙකක් ඇත. 01. Fedora 8 / Fedora 9 ස්ථාපන අවස්ථාවේදී. හෝ 02. Fedora 8 / Fedora 9 ස්ථාපනයෙන් පසු අවස්ථාවකදී. 01. Fedora 8 / Fedora 9 ස්ථාපන අවස්ථාවේදී. මෙය ක්‍රම දෙකකට සිදු කල හැක. (අ) මෙහිදි ඔබගේ අභිමත භාෂාව සිංහල ලෙස භාෂා රුචිය විමසන අවස්ථාවේදී සලකුණු කළ විට, එම මොහොතේම ස්ථාපනය ඉංග්‍රිසි මාධ්‍යයේ සිට එක්වරම සිංහලට වෙනස් වන අතර එතැන් සිට ඔබට ඉදිරියට කටයුතු කරගෙන යා හැක. හෝ (ආ) ඔබගේ අභිමතය පරිදි ස්ථාපන කටයුතු ඉංග්‍රිසි භාෂාවෙන්ද කල හැකි අතර, ඒ අනුව අවශ්‍ය මෘදුකාංග තෝරාගන්නා අවස්ථාවේදි සිංහල භාෂා පහසුකම එක් කර ගත හැක. 02. Fedora 8 / Fedora 9 ස්ථාපනයෙන් පසු අවස්ථාවකදී. මෙය ක්‍රම දෙකකට සිදු කළ හැක. (අ) මෙහිදි ඔබට ප්‍රධාන මෙනුව භාවිතා කරමින්, Applications > Add/Remove Software වෙත යන්න. ඉන්පසු පහත දසුනේ පරිදි සිංහල භාෂාව තෝරා ඉදිරියට යන්න. හෝ (ආ) මෙහිදි ටර්මිනලය භාවිතා කරමින් පහත විධාන ලබා දෙන්න. (i) (root පරිශීලක ලෙසට ක්‍රියාත්මක ...

F9 beta for ia64 now available

Welcome to the F9 beta release Fedora for ia64 . F9 is the first Fedora release to be officially supported on ia64. This ia64 build of fedora is the first to be released under the " secondary architectures" project. The beta can be downloaded from: http://download.fedoraproject .org/pub/fedora-secondary /releases/test/9-Beta/

නවකයින් පෙරට Fedora 9 කරලියට

පසුගිය වසරේ මැද භාගයේ නිකුත් වූ Fedora 7 වෙළුම මැයි මස 13 දින Fedora 9 නිකුත්වීමත් සමඟම තවත් මසක් ආයු වළඳා 2008 ජුනි මස 13 දිනයේදි ජිව කාළය ඉක්මයයි . තවද දැනට භාවිතයේ ඇති Fedora 8 වෙළුම මෙම වසරේ නොවැම්බර් මස තෙක් ආයු වලදන අතර, සිංහල GNU/Linux භාවිතයේදි Fedora 8 කැපිපෙනෙන වෙළුමක් වුයේ සිංහල ස්ථාපනය පෙරනිමියෙන්ම ලැබීම නිසයි. තචද ග්නෝම් පාරිසරිකයේ සිංහල වැපිරීම සිදුකළ නිසා එම අස්වැන්නද මෙම වෙළමේදි නෙලාගත හැකි විය. කව්රු කොහොම කීවත් සිංහල නවකයින්ට පහසුම Fedora වේ. මෙම Fedora 8 මතපදනම් ව මා විසින් පසු ගිය වසරේදි සිංහල ලිනක්ස් සජීවි තැටියක් (Sinhala GNU/Linux LiveCD) නිර්මාණය කළ අතර. Fedora 9 සඳහාද එය එලෙසම සිදුවනු ඇත. ප.ලි: මෙහිදි ජීවකාලය ලෙස සඳහන් කළේ අදාල වෙළුම සඳහා Fedora ප්‍රජාව (Fedora යනු ‌‌‌Red Hat ආයතනය විසින් අනුග්‍රහය දක්නව සැබැ ප්‍රජා ව්‍යපෘතියකි) ලබාදෙන සහය අවසන් වීමයි. නමුත් අදාල මෘදුකාංගයේ භාවිතය සඳහා හානියක් මසිදු නොවේ. ඔබට අවශ්‍ය යාවත්කාලීන ලැබෙන්නේ අදාල ජීව කාළය තුළ පමණි.