Skip to main content

Posts

Showing posts from January, 2016

ලංකාවේ තොරතුරු තාක්ෂණය, සීපා සහ සංවිධාන ගත වීම්

සටහනේ මුලින්ම පැහැදිලිව ලියන්නම්: සීපා හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් නිසා මෙරටට හානියක් වනවා නම් එයට මා එකඟ නැ! Image: via PriyangaMahasen කව්රු හරි සංවිධාන ගත වෙනවා නම් ලංකාවේ තොරතුරු තාක්ෂණිකයන් වෙනුවෙන්, ඒ වෙන්න ඔනා සීපා ඉලක්ක විරතක්ම නෙමෙ.   මොකද අපිට තිබෙන අවස්තා නැති වෙන්නේ සීපා හරහාම විතරක් නෙමෙ. උදාහරණයකට ලංකාවට එන ආයෝජකයින් ගෙන් කොමිස් මුදල් ගන්න ගිහින් ඒ ආයෝජන අපේ රටට නැති වෙනව වගේම ඒ සඳහා අවස්තාව යන්නෙ අනෙක් රට වලට. එහෙම වෙලාවට තමන්ගෙ පුද්ගලික දේශපාලන මතය වෙනුවෙන් කට-- වගෙන ඉන්නවනම් වැඩක් නැ. එවගේම සිපාට අපි විරුද්යි කියන්න කලින් ගිවිසුමේ සත්‍ය සිංහල පිටපතක් සහ දමිළ පිටපතක් එලි දක්වා ඒ ඇත්තටම සීපා හරහා ඇතිව වන අවධානම ගැන කතා කරනවා විනා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයහදාගන්න ඉදිරියට එන අයට කඩෙ යන්න එපා. ලංකාවේ තොරතුරු තාක්ෂණය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් වඩා හොඳ ආයෝජනයන්, පුහුණු ශ්‍රමිකයන් සහ මේ දෙපිරිසටම ගැලපෙන වඩා සුදුසු නියාමණයක් තියෙන්න අවශ්‍යයි. පුහුණු ශ්‍රමිකයන් විදියට ගත්තම තොරතුරු තාක්ෂණය යටතේ වැටෙන සමහර අංශ සඳහා සුවිශේෂි දැණුමක් සහිත ශ්‍රමිකයන් අපේ රටේ ස