Skip to main content

Posts

Showing posts with the label දිනදර්ශනය

2013 වසර සඳහා සිංහල දිනදර්ශනය

මීට පෙර වර්ශවල ලබා දුන් ලෙසම මෙවරත් 2013 වසර සඳහා වන සිංහල දිනදර්ශනය ICS සහ ගුගල් දිනදර්ශනයක් ලෙස සූදානම් කර ඇත. ඔබේ ජනප්‍රියතම දිනදර්ශන මෘදුකාංග සමඟ භාවිත කරබලන්න. 2013 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කළ දිනදර්ශනයට අනුකූලව මෙම දිනදර්ශනය සකසා ඇත. වෙසක් පුර පෝය දින හැර අනෙකුත් පුර පෝය දිනයන් සඳහා වෙළඳ නිවාඩු මෙවර දක්වා නොතිබීම මා විසින් දුටු කරුණක් වන අතර, එය අත්වැරදීමක්ද මෙතෙක් තහවුරු කරගත නොහැකි විය. ICS ගොනුව පහත සැබැදියෙන් බලාගන්න http://people.fedoraproject.org/~snavin/SriLanka_Calendar2013.ics HTML https://www.google.com/calendar/feeds/lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com/public/basic ගුගල් කැලැන්ඩරය ඔබේ වෙබ් පිටුවකට ඉහත ආකාරයට එක් කිරීමට අවශ්‍ය කේතය පහත දැක්වේ <iframe frameborder="0" height="600" scrolling="no" src="https://www.google.com/calendar/embed?height=600&wkst=1&bgcolor=%23FFFFFF&src=lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com&color=%232F6309&ctz=Asia%2F...

2011 වසර සඳහා මොසිලා/ගුගල් කැලැන්ඩරය... හරිද බලන්න

පසුගිය දෙවසර තුළදීම නිකුත් කළ ශ්‍රී ලංකාව සඳහා දිනදර්ශනය මෙවර කලින්ම දාන්නයි හදන්නේ. Mozilla ආයතනය මඟින් නිකුත් කෙරෙන මෘදුකාංග තුළදි (Thunderbird, SeaMonkey) මෙම දිනදර්ශනය භාවිත කිරීමට නියමිත වුවත් ගුගල් දිනදර්ශනයක් ලෙස ද ඔබේ අනෙකුත් මෘදුකාංග හරහා එනම් Microsoft Outlook වැනි දැ සමඟද භාවිත කළ හැක. මෙවර නිවාඩු දින වලට අමතරව මෙම දිනදර්ශනයේ වෙනත් වැදගත් දින ඇතුලත්ව ඇත. උදා: ලෝක පරිසර දිනය, නිදහස් මෘදුකාංග දිනය, මිහිකත දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය... අමතරව එක් කළ දින සඳහා ලබාගත් මූලාශ්‍රය 100% නිවැරදිදැයි සැකයක් ඇති නිසා මොසිලා වෙත නිකුත් කිරීමට පෙර පිරික්සීමට තීරණය කළා. තවත් වැදගත් යැයි හැගෙන දින ඇත්නම් දන්වන්න. මෙලෙස මෙම දින එක් කළේ පාසැල් දරුනවන්ට හෝ වෙනත් අයෙකුට වැදගත් යැයි හැගුණු නිසයි. කෙසෙවෙතත් ඔබ මෘදුකාංගයක් හරහා (අදාල ගොනු පිරික්සිමෙන් පසුව දෙන්නම්) භාවිත කරන විට Holiday only ලෙස තේරිමෙන් අමතර දින දිස්වීම නතර කළ හැක. අදාල ics ගොනුව. http://snavin.fedorapeople.org/SriLanka_Calendar2009-2011.ics