Skip to main content

Posts

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්
Recent posts

4000

4000 ඊයේ ආව ඇමතුමකට අනුව අමාරුකම් තියෙන පවුලක. අවුරුදු 48 දරුවො 3දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ රුධිර නාල කිහිපයක්ම අවහිර වෙලාලු. නමුත් රෝහලේ හදවත් සැත්කම් ලැයිස්තුව 4000 පැනල ලු. ඒ කියන්නේ හදවත් රෝඟීන් 4000ක් ඉන්න නොපෙනෙන පෝලිමක් තියෙනව. මේ එක ශික්ෂණ රෝහලක පෝලීමක් පමණයි. පුද්ගලික රෝහලකින් සැත්කම කිරීමේන් හෝ ලිස්ට් එකෙ ඉහළින් ඉන්න රෝගියෙක් මිය ගිය අවස්ථාවකදි ඒ වෙනුවට තමන්ගේ නම දාගෙන ඉක්මනින් සැත්කම කරගත්තේ නැත්නම් සමහර විට අදාල රෝගියාගේ අස්ථාව එලැබෙන විට අදාල රෝගිය ජිවතුන් අතර නැති වේවි.  දැන් මේ පෝලිම අඩු කරන්න එක රැයින් බැනේ. ඒකට මෙතෙක් හිටපු සහ දැනට ඉන්න වගකිව යුතු අය ගත්ත පිළියම් මොනව ද කියල මම නම් දන්නේ නැ. ඔය 4000 ආයතනයක තියෙන ෆයිල් නම් දිවා රාත්‍රී වැඩ කරල හරි ඒක ඉවර කරගන්න පුලුවන් අමතර මානව සම්පත් දාල. 4000 කියන එක ලොකුවට අපිට දැනෙන්නේ නැත්තේ අපේ නම් තවම ඒ පොළිමට එක් වෙලා නැති නිසා. දැන් මේ පොලිමේ ඉන්න 4000ට ඒ අය කාපු බීපු දේවල් හොයාගෙන බනින එක නෙමේ කරන්න ඔනා අපි කොහොම ද මේ දිගු ලැයිස්තු අඩු කරන්නේ?  ඒ අයට දැනට තියෙන එකම විසදුම පුද්ගලික රෝහලකින් සැත්කම කරගන්න එක. ඒත් ඒ සඳහ

Chrome profile එක මැකීම

සාමාන්‍යන් අපි භාවිත කරන වෙබ් ගවේශක, එහෙම නැත්නම් බ්‍රවෘසර් වල ප්‍රොයිල් එකක් තියෙනව. කලක් භාවිත කරද්දි සමහර වෙලාවට මේක ක්‍රැශ් වෙන්න පුලුවන්. එක්කෝ අප්ග්‍රේඩ් කරද්දි ඉතා කලාතුරකින් වෙන්න පුලුවන්. අද හිතවත් ගුරුමහතෙක් වන ලක්ෂමන් තිලකරත්න සර් මේ කිහිප දෙනෙක්ට ක්‍රෝම් යාවත් කරාට පස්සේ ක්‍රෝම් නිසි ලෙස වැඩ නොකරන බව සඳහන් කළා. ඉතින් ලෙසිම විදිය පරණ ප්‍රොෆයිල් එක (පැතිකඩ) මකල දාන එක. පහත සඳහන් කරලා තියෙන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය අනුව ක්‍රෝම් ප්‍රොෆයිල් එක තිබෙන තැන. Windows 7, 8.1, and 10: C:\Users\ \AppData\Local\Google\Chrome\User Data\Default Mac OS X El Capitan: Users/ /Library/Application Support/Google/Chrome/Default Linux: /home/ /.config/google-chrome/default උදාහරණයක් ලෙස මේ මගේ (Linux) පරිගණකයේ ක්‍රෝම් ප්‍රෆයල් එක තිබෙන තැන. /home/danishka/.cnfig/google-chrome/Default මේ සඳහා ක්‍රෝම් ඇඩ්රස්බාර් එකෙ chrome://version/ ලෙස ටයිප් කරලා එන්ටර් කරන්න.  එවිට ලැබෙන තොරතුරු අතරේ Profile Path ලෙස Chrome හි profile එක තිබෙන තැන දිස්වේ.  දැන් ඉතින් මේක මකල දාන්න. වින්ඩෝස්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක