ඔබ මැතක සිට ඉංග්‍රිසි මුහුණතේ සිංහල අකුරු කවලම් වී පෙනිමේ දෝෂය නිසා අපහසුතාවයට පත් වුවා විය හැක. මෙම ගැටලුව දැනට Fedora සඳහා විදා ඇති අතර පහත පියවර මඟින් එය වලක්වා ගත හැක. ඔබ පළමුව qt-4.5.2-1.fc11.i586.rpm ඇසුරුම ස්ථාපනය කරගත යුතු වන අතර එය සඳහා බොහෝ දුරට qt-mysql-4.5.2-1.fc11.i586.rpm සහ qt-x11-4.5.2-1.fc11.i586.rpm අවශය වේ. එම ගොනු ලබා ගෙන එකම ස්ථානයකට රැස්කර පහත විධානය දෙන්න. rpm -Uvh qt-* උදා: ඔබ සියලු ගොනු /home/ /Downloads හි එක් කළා නම් ටර්මිලයට පිචිස (root පරිශීලක ලෙස) cd /home/ /Downloads වෙත ගොස් පසුව rpm -Uvh qt-* විධානය දෙන්න.