Skip to main content

Posts

Showing posts with the label තාත්තා

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...

ගෙවෙන දින

දිනය: 2018 අප්‍රේල් 22 මම: තාත්තේ මම අනිද්දා කුබුක්වැව පාසලට යනව තාත්තා: නිවාඩුවක් ආව ගමන් පනිනව නේද? ඔහු සිතුවේ මා ඔහු රැකබලා ගැන්මට සිටින සේවකයකු බවත් මම නිවාඩුවක් ගෙන ගමේ යන බවයි දිනය: 2018 අප්‍රේල් 23 මම: තාත්තේ මම හෙට කුබුක්වැව පාසලට යනව තාත්තා: තනියමද යන්නේ?කොහොමද යන්නේ? මේ ඔහුගේ සාමාන්‍ය ප්‍රශ්න වන අතර මා හරි හැටි හදුනා ගත් නිසා එලෙස ප්‍රශ්න කරන ලදි. ඉස්සර අපි භාවිත කලේ පිලිප්ස් ටිවි එකක්. එහි විශේෂත්වය වුයේ සියලුම ඉලෙක්ට්‍රොනික කොටස් සහ රුපවාහිනියේ ඇති විය හැකි දෝෂ පැහැදිලි දක්වා තිබීමත් ඒ අදාල දෝෂය නිරාකරනයට සැකසිය යුතු හෝ සිරුමාරු කළ යුතු කොටස් ගැන සඳහන් කර තිබීම. ඉතින් සමහර වෙලාවට ගැටලුවක් ආවම තාත්ත තනිව ටිවි එක ගොඩ දැන්මා. හැබැයි ඒක හදලා ඉවර වෙද්දි කැලි ඉතිරි වෙලා නම් තිබුණේ නැ (සමහර අය යළි ටිවි එකක් හෝ රෙඩියෝවක් සවි කරද්දි වැඩිපුර යමක් ඉතිරි වෙනව හයිකරන්න අමතක වී). නමුත් අද ටිවි එක දාල දෙන්න කියල අපිට ඔහු කියන්නේ රිමෝට් එකක් පලමු වතාවට අල්ල නිසා නොව දැන් ඔහුට එයද සංකීර්ණ කාර්යයක් වී හමාර නිසා. අද වන විට ශර්ට් එකක් හැගර් එකට දාන්නත් ඔහුටහෙන අමාරු කාර්යයක්. ...

අවුරුදු පැතුම් සහ කන අත්සන

සුපුරුදු ලෙස අවුරුදු ගෙවුනා මුල් දවස් දෙකම ගෙදරටම වෙලා හිටියා.. තාත්ත අසනීප වූ විට විවිධ හිතවුන් විවිධ අයුරින් උපකාර කලා.. සරත් වැලිවිටිගේ අන්කල් ඒ වගේ එක් චරිතයක්. වහලේ උලු ගලවල යන්න පහුගිය වසරේ අගොස්තු අව හුලගත් සමඟ ආව ප්‍රධාන අභියෝගය වුනේ ඊට පසු දීනම දැනගත් තාත්තට තිබූ UTI ප්‍රශනය. දොස්තර කීව දින 6ක් එකම වෙලාවට IV එකක් දෙන්න අවශ්‍ය බවත් ඒ සඳහා පැයක් දෙකක් ඈදේ වැතිර සීටිමටත් සිදු වන බවත්, එය ETU එකේම කළ යුතු බවත්. එදා දැනගත් පරිදි පුද්ගලික රෝහලේ වුවත් වකුගඩු රෝගින් පැමිණෙන නිසා පෝලිමේ නොසිට නිවාඩු පාඩුවේ මෙය කරගැනීමට හැකි වෙලා වන්නේ උදේ 6-7ත් අතර පමණයි. මීළඟ ගැටලුව පැණ නැගුනේ අදාල බෙහෙත හොයාගත්තත් එය අනිවාර්යෙන්ම ශීත කරනය තුළ තබන ලෙස ෆාමසි එකෙන් දුන් උපදෙස්. ඒ වෙද්දි ගෙදරට විදුලි සැපයුම ලැබි තිබුනේ නැ. කොහොම හරි කෝටත් තෛලය බදු සරත් අංකල්ට දුන් ඈමතුම සමඟින් ඔහුගේ ෆාමසියේ විදුලි ජනක යන්ත්‍ර සහිත බවත් උදේ ශිෆ්ට් එකට එන ළමයි දෙන්නව ඔහු අපිට අවශ්‍ය වෙලාවට කඩේ අරින්න සූදානම් කර තිබ්බා. දින 6ම උදේ පාන්දරම කිසිදු ගනුදෙනුවත් නොවුනත් (යමක් මිලදි ගන්න හැදුවත් ඒ අය එපා කීව) ෆාමසියෙ ...

අවුරුදු සූදානම

තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ජනවාරි මාසයේදි අයහපත් වුයේ 2018 වසරට තිබූ මගේ එකම බලාපොරොත්තු බොද කරමින්. ජනවාරි මස තුළ පමණක් දින 5ක් ඔහුට කරකැවිල්ල සමඟ වමනය ඈති විය. මෙය ඔහුට ඉතා වේදනාකාරී අතැ දැකීමක් වන්නේ වමනය කරන විට ඔහුගේ පපුවත් උගුරත් වේදනාවට පත්වීමත් සමඟ. පෙබරවාරි මේ තත්ත්වය යම් තරමක් අවම වුවත් අවස්තා දෙකකදි එකම සංසිද්ධිය යළි ඈති විය. මේ පිටතට පෙනෙන ගැටලු පමණි.. අප්‍රේල් 12 දා තබන්න සිටි මේ සටහන කාර්යය බහුලත්වය නිසාම අවුරුද්දටත් පසුව ලියන්නට සිදු විය. වෙනද වගේම උදේ 2,3,4 වගේ වෙලාවන්ට ඈහැරෙන ඔහු මා ඉස්තෝප්පුව සහ පේමන්ට් එක සෝදන විට මා හට සහය වන්න කොපමණ උත්සාහ කළද ඔහුගේ වෑයම මම නතර කළේ ඔහුට විවේක අවශ්‍ය නිසා. කොහොම හරි තාත්ත මිදුලට ඈවිත් මා අසලින් උපදෙස් දෙමින් සිටියත් වැස්සක් මඟ එන නිසා පිටු පස දොරින් ගෙට යන ලෙස ඈවිටිලි කලේ ඉදිපස ඉස්තෝප්පුව සහ පේමන්ට් එක තෙත්ව තිබීම නිසා ඔහු ලිස්සා වැටීමෙන් වැලක්වීමටයි. විනාඩි 5කට වඩා ගියත් යළි නිවස තුළින් ඔහු මතු නොවු නිසා ගෙයි පිටුපස දොර බැලුවත් පහු පෙන්නට නැ. යළිත් ඉදිරිපසට එද්දි දැක ගන්නට ලැබුනේ ඔහු ගෙයි වටේ වටයක්ම ගසා යළි ඉදි...

තාත්තා

ජිවිතේට මම කේක් ගෙඩියක් කපල තාත්තගේ උපන්දිනය සමරා නැ. කිසි දිනෙක පිය වරුන්ගේ දිනයට තැගි දීලා නැ. නමුත් පසුගිය මාස කිහිපය තුළ දවසේ පැය 24න් බොහෝ වේලාවක් වෙන්වෙන්නේ තාත්තා වෙනුවෙන් ඇත්තටම විඩාවක් දැනුනත් නොදැනුනා වගේ මොකද කේක් ගෙඩියක් කපල මේ හදවතට ලැබේන සතුට ලබා ගන්න බැ. ඇත්තටම දැන් මම පැය 24 පුරා දින 7 තුළම පියවරුන්ගේ දිනය සමරනවා යැයි හැගිමක් දැනෙනව. ඒ අතරේ "ඔයා කව්ද?" කියා ඔහු සහමර දිනවල අසන්නේ ඔහුගේ මතකයේ තිබෙන මගේ රුව සහ දැන් මගේ රුව ඔහුගේ මොලයට හරියට ගලපා නොගත හැකි අවස්තාවලදි. සමහර වෙලාවට ඔහු මටම මා ගැන කියනවා එයා අරව කලා මේවා කළා එයා හිටිය නම් දැන් හොදයි. ඒ වෙලාවට අහක බලාගෙන කදුලු පිහිද ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ. නැතිනම් ඔහු ෙපරලා අසන සුපුරුදු පැණයට පිළිතුරක් දෙන්න අපහසු වෙනව. "කව්ද බැන්නේ ඔයාට?". සමහර වෙලාවට "ඔයා රිපොර්ට් කරන මැනෙජර් කව් ද?" අසන්නේ ඔහුට මා හදුනා ගත නොහැකිව මා ඔහුව නිදි කරවිමට ප්‍රයත්නයක් දැරිමේදි ඉන් මිදිමටයි. මා යම් ආයතනයකින් ඔහුගේ සහයට ලබා දුන් කෙනෙක් යයි සිතා මට එරෙහිව පැමිණිළි කිරිමට තැත්කරමින් නින්ද ම...