Skip to main content

Posts

Showing posts with the label ශ්‍රී ලංකාව

ජාතිවාදය සහ අන්තර්ජාල නිදහස

තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්! තම දේශපාලන, ව්‍යාපාරික සහ උද්ගලික අවශ්‍යතා සඳහා කෝටත් තෛලය ලෙස ජාතිවාදය ඈවිස්සීම අපේ රටේ සමහරක්ට සුලු දෙයක්. අපි මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහල දෙමාපියන් යටතේ අපි ඉපදුන නිසා අපි අනෙක් ජාතීන්ට වෛර කරනවද? මීට සති කිහිපයකට උඩ දී මේ දුපතේ ජනප්‍රිය පුවතක් වූයේ සිංගප්පුරු රජය තම අයවැයෙන් පසුව 2018 වසර සඳහා සිංගප්පුරූ ඩොලර් 300ක් බැගින් තම රට වැසියන්ට "Hongbao" නම් වූ බෝනස් එකක් ලෙස බෙදා දීමයි. මෙහි දි සත්‍යලෙසම සිදු වූයේ වාර්ශික ආදායම සි.ඩොලර් 28,000ට අඩු නම් සි.ඩොලර් 300ද, වාර්ශික ආදායම සි.ඩොලර් 28,001 ත් - 100,000ත් අතර නම් සි.ඩොලර් 200  වාර්ශික ආදායම සි.ඩොලර් 100,000ට වැඩි නම් සි.ඩොලර් 100ක්ද ලෙසයි. අපේ අය මේයට හේතුව ලෙස දැක්කේ සිංගප්පුරු රජයේ සියලුම අමාත්‍ය වරුන් උපාධි ධාරින් වීමයි. එතකොට රටේ වෙන කිසිදු වෙනසක් නැද්ද? සරලව පවසනවා නම් දෙවන ලෝක යුද්ධයේදි (1942-1945) ජපාන අධිරාජ්‍යා යටතට පත්වන සිංගප්පුරුව යුද්ධය අවසන් වෙත්ම බ්‍රිතාන්...

බිංගන්තලාව සාගලපුර වෑයම - පළමු අදියර

මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය. ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය. මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ "සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල. වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්." ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි. ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනය...

උපන්දින දෙකක් සමඟ හන්තාන 19

මීට වසර 30කට පෙර එනම් 1983 සැප්තැම්බර් මස 27දින රිචර්ඩ් ස්ටෝල්මන් විසින් ආරම්භ කළ GNU ව්‍යාපෘතියෙ 30වන උපන්දිනයද, 2009 සැප්තැම්බර් මස 19 දින හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 4වන උපන්දිනයද සමරමින් හන්තාන නවතම නිකුතුව මේ දැන් නිකුත් විය. හන්තාන ගැන කතාව පැත්තකින් තියල කෙටියෙන් කියන්න දෙයක් තියෙනව දැන්. :) ඔබ සියලු දෙනා දන්නා පරිදි ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද අලි ඇතුන්ට විශාල තර්ජනයක් තියෙනව. විශේෂයෙන්ම ඇතුන්ගෙ දළ කැපීම, මිනිසාගෙ කාර්යයන් සඳහා අලි ඇතුන් ලබා ගැණීම, ඔවුන්ගේ ස්වාභාවික නිජබිම් වලින් දුරස්කර මිනිසාගේ පුද්ගලික වැඩ (කොටන් අදින්න, මිනිසුන් ප්‍රවාහනයට.. ) සත්ව උද්‍යාන වල මිනිසා වෙනුවෙන් සන්දර්ශන ඉදිරිපත් කිරීමට යනාදි නොයෙකුත් ක්‍රියාවන්ට මෙන්ම ස්වාභාවි වන විනාශය නිසා අලින් ගම් වැදිමෙ සිදුවන අලි මිනිස් ගැටුම්ද ඔවුන්ගෙ පැවැත්මට බලපාන සාධකයක්. සාමාන්‍යන් අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලි ලස්සනයි කියල බොහොදෙනා පිළිගන්න දෙයක්. ඒවගේම ලංකාව වගේ රටවල සංස්කෘතිකමය අගයකුත් අලි ඇතුන්ට තිබෙනව. ඉතින් මෙහෙම වටින කියන සතෙක් ඉදිරි අනාගතයේදි මේ මිහිතලයෙන් වඳවී යන්න හැකියාවක් අපේ මිනිස් සමාජයේ අකට...

සාගල පුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ වැඩසටහන – 2013 මැයි මස 18 දිනට මූල්‍ය තත්වය

හන්තාන පාසල් විද්‍යාගාර වැඩසටහන යටතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ වළපනේ අධයාපන කළාපයේ දුෂ්කර පාසලක් වන සාගල පුර විදුහලට පරිගණක පහකින් සහ අවශ්‍ය අනෙකුත් උපාංග වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ ව්‍යාපෘතිය අපි දැනටමත් ආරම්භ කර ඇත. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 260,000 වන අතර මේ වන විට රු. 80,000ක මුදලක් එක් රැස් කර ගැනීමට හැකි වී ඇත. එයින් රු. 52,000 ක මුදලින් එක් පරිගණයක් මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී එම පරිගණකය සාගල පුර විදුහලේ සිසු දරු දැරියන්ගේ අධයාපනය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට සහය වීම සඳහා පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. ඉතිරි පරිගණක හතර සහ අනෙකුත් උපාංග අප වෙත මුදල් ලැබෙන ආකාරය අනුව මිළදී ගෙන පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු දෙමු. තවද පරිගණක සියල්ල එකවර ලබා දිමෙන් තොරව  මුදල් සූදානම් වූ විගස අදාල පරිගණ ලබා දීම සිදු කරන බව කරුණුවානෙ සලකන්න. එනම් මීළඟ රු25,000 ලැබුණු විගස දෙවන පරිගණකයද ලබා දෙනු ඇත. රු. 80,000ක මුදල එක් රැස් කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ නම් පහත සඳහන් වේ. හර්ෂණ...

බිංගන්තලාව සාගලපුර විදුහලට උදව් දෙන්න ඔබටත් ඇරයුම්

මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ,  සාගලපුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය පරිගණක 5ක් සහ අවශ්‍ය අනෙකුත් දෑලබා දිමටත්සාහයක නියැලෙනව.  නව පරිගණක උපාංග එකලස් කර තැනෙන පරිගණක 5ක් මුල් අදියරේදි ලබා දීමයි අපෙ අරමුණ. මේ සදහා Core i3 Processor 2GB RAM 500GB HDD LED Display Keyboard/Mouse  (UPS රහිතව)  මහනුවර ආයතනයකින් රුපියල් 52,000ක මුදලකට ලබා ගත හැකි බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතුල හේරත් මහතා දන්වා සිටිනවා. මධ්‍යම පලාතේ දුෂ්කර පෙදෙසක තියෙන පාසලක් නිසා ප්‍රවාහන පහසුකම් ගැනත් අපි හිතුව. නමුත් මේ සඳහා මීට අඩු මුදලකට ගුණාත්මක උපාංග සහිතව පරිගණක ලබා ගැණීමට උදව් කළ හැකි අයෙක් වෙතොත් අතුල හේරත් මහතාව අමතන්න. දැනට ඇස්තමෙන්තුව පරිගණක 5 සඳහා අවම වශයෙන් මුලු මුදළ ලෙස රුපියල් 260,000ක මුදලක් අවශ්‍යව ඇති අතර රුපියල් 40,000ක මුදලක් දැනට සිව් දෙනෙක් (එක් අයෙක් 10,000) ලබා දීමට පොරොන්දු වී ඇත. ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණ...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

අලුත්ගම ධර්ගා නගරයේ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨයේ හන්තාන ලිනක්ස් වැඩසටහන

blog.hanthana.org වෙතින් අලුත්ගම ධර්ගා නගරයේ පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී දෙදින හන්තාන ලිනක්ස් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය 11 සහ 23 වැන දෙදින පුරා පැවැත්විණි. මේ වැඩසටහන සඳහා යාපනය, අම්පාර, පුත්තලම, මඩකලපුව, සහ ධර්ගා නගරය යන ප්‍රදේශවලින් පැමිණ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවියෝ විසි දෙනෙක් සහ ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් සහභාගී වූහ. මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙතෙක් දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද සිසුන් පිරිසක් සඳහා කළ පළමු වැඩසටහන මෙය වීම යි. මෙම වැඩසටහනේ දී ලිනක්ස් හදුන්වාදීම, ස්ථාපනය, අධ්‍යාපනික සහ කාර්යාලීය මෘදුකාංග භාවිතය වැනි කොටස්වලට අමතරව මෘදුකාංග සංවර්ධන අංශය කෙරෙහි ද වඩා වැඩි අවධානයක් යොමු කෙරිණි. විශේෂයෙන් ම ලිනක්ස් මත C++ , Java , HTML වෙබ් පිටු නිර්මාණය වැනි කරුණු මෙන් ම ලොව බහුලව භාවිත වන වෙබ් සේවාදායකය වන ඇපාචී (Apache) වෙබ් සේවාදායකය භාවිතය ද මෙහි දී ආවරණය කරන ලදි. මීට අමතරව ජාල සැකසුම් කළමනාකරණය සහ පරිශීලක කළමනාකරණය වැනි අංශ ද සාකච්ඡා කෙරණි. මෙම වැඩසටහනේ තවත් සුවිශේෂි කාරණයක් නම් පළමු දින අධ්‍යයන කටයුතුවලට අ...

Hanthana Linux for all ~

Hanthana Linux is an easy to use operating system in a environment with less or no internet facility. A lot of applications to be used to aid in school curriculum are included. Applications to study periodic table, planetary behaviour and astronomy as well as to generate 2D and 3D graphs, to solve equations are there in Hanthana Linux. Nevertheless, educational games, applications to design and simulate circuits, GNUoctave which is an alternative to MathLab for statistics and wine in case to run a .exe file and many more comes by default. It is significant that programming languages and tools like C++, Python, PHP, Ruby on Rails, OpenJDK, Apache web server which is widely used throughout the world, MySQL for database management and NFS and SAMBA servers for Network File Sharing services are also included. Although the threats from virus are less in Hanthana Linux as in any other linux based system, you can enable SELinux (Security Enhanced Linux) security management facility if y...

අධ්‍යාපනික කටයුතු සඳහා හන්තාන ලිනක්ස්

හන්තාන ලිනක්ස් යනු අන්තර්ජාල පහසුකම් අවම හෝ රහිත පරිසරකය සිට අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කළ හැකි පහසු මෙහෙයුම් පද්ධතියකි. පාසැල් විශය නිර්දේශයට උපකාරක ලෙස භාවිත කළ හැකි මෘදුකාංග රැසක් මෙහි ඇතුලත් කර ඇත. ආවර්තිතා වගුව, සෞරග්‍රහ මණ්ඩලය සහ තරු රටා අධ්‍යයනය සඳහා  මෙන්ම, ද්විමාණ සහ ත්‍රිමාණ ප්‍රස්තාර නිර්මාණය සහ සමීකරණ විසදීම සඳහා ද මෙහි මෘදුකාංග ඇත. අධ්‍යාපනික ක්‍රීඩා වලින් ද සමන්විත මෙහි ඉලෙක්ට්‍රොනික පරිපත සැලසුම් කරණයට සහ නිර්මාණයට අවශ්‍ය සමාකෘති (simulators) සහ මෙවලම් ද, සඛ්‍යානය සඳහා අවශ්‍ය MathLab මදෘකාංගයට ආදෙශකයක් වන GNUoctave මෘදුකාංගය ද, අවශ්‍ය විටෙක .exe ගොනු භාවිත කිරීම සඳහා wine මෘදුකාංගය ද අඩංගු කර ඇත. මීට අමතරව පරිගණක ක්‍රමලේඛනය සඳහා භාවිත කරන C++, Python, PHP, Ruby on Rails, OpenJDK මෙන්ම ලොව බහලුව භාවිත කරන Apache වෙබ් සේවා දායකය, MySQL දත්ත සමුදාය කළමණාකරන සේවාදයකය, ජාලය ගොණු කළමනාකරණයට අවශ්‍ය NFS සහ SAMBA සේවාදායක යනාදිය ද මෙහි අඩංගු වීම සුවිශේෂී කරුණකි. අවශ්‍ය නම් මෙහි අඩංගු වන SELinux (Security Enhanced Linux)  ආරක්‍ෂණ කළමනාකරණ පහසුක...

උරුමයක් ද? කරුමයක් ද?

අද ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ පැවැත්වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග පුහුණු වැඩසටහනක් සඳහා එහි ගිය විට දුටුවේ විදුලි බල්බ සහ විදුලි පංකා සහිතව අකුරු කරන දැරියන් පිරිසකි. ඉතා සීමිත ඉඩකඩක මෙලෙස දරුවන් හිරවීට සිදුව ඇති එක් හේතුවක් නම් ගාලු උරුමය මඟින් ගාලු කොටුව තුළ නව ගොඩනැගිලි ඉදිරි කිරීමට යොදා ඇති සීමාවන් නිසයි. ගාරා වැටුනු පරදෙසක්කාරයින් තැනු උරුමය කරෙතියන් යන ඔවුන් මේ දරුවන්ට කරුමයක් වී ඇති බවයි මට තේරුනේ. අල්ලපු වැටේ තියේන සියලු ශාන්තුවරයින්ගේ පාසැලේද මෙවැනිම තත්ත්වයක් ඇත. සුද්දෝ ඇවිත් කොටුවේ සිරි බලයි, මේ පොඩ්ඩෝ කොටුවේ සිරවි අකුරු කරයි. එලියෙන් බලන අයගේ නෙමේ මේ පැරණි ගොඩ නැගිලි කඩන් වැටෙන්නේ ඇතුලේ ඉගෙන ගන්න දරුවන්ගේ. ඉතා කුඩා පංති කාමර තුළ විදුලි බල්බයක් නොමැතිව අකුරු කරන්න බැ. හුලන් පොදක් නැ ඉතින් විදුලිය නැති විට ඒ ළමයි විදින දුක උරුමය රකින්නන් දන්නවද දන්නැ? ඇත්තටම මේ ගාලු උරුමයක් ද? කරුමයක් ද?

Birth Day @ Police Head Quarters

For the first time I spent the Bday at Sri Lanka Police Head Quarters. :D No worries.. i wasn't a WANTED person. ;-) I have conducted a FOSS workshop for Police Officers and the Civil Staff. The workshop was based Hanthana Linux 14.5, a remix of Fedora 14. After the some of them were installed the H14.5 in their systems. Highly appreciated the kind help rendered by the Deputy Inspector of Police and the ASP attached to the Department of ICT, Sri Lanka Police. This was arranged within a day. :) I did not sent single reply in the day time as the mobile was switched of due security reasons. But it was really productive. Otherwise I have to keep replying to wishes.. ;-) Note: Hanthana Linux 14.5 yet to be upload..

2011 වසර සඳහා මොසිලා/ගුගල් කැලැන්ඩරය... හරිද බලන්න

පසුගිය දෙවසර තුළදීම නිකුත් කළ ශ්‍රී ලංකාව සඳහා දිනදර්ශනය මෙවර කලින්ම දාන්නයි හදන්නේ. Mozilla ආයතනය මඟින් නිකුත් කෙරෙන මෘදුකාංග තුළදි (Thunderbird, SeaMonkey) මෙම දිනදර්ශනය භාවිත කිරීමට නියමිත වුවත් ගුගල් දිනදර්ශනයක් ලෙස ද ඔබේ අනෙකුත් මෘදුකාංග හරහා එනම් Microsoft Outlook වැනි දැ සමඟද භාවිත කළ හැක. මෙවර නිවාඩු දින වලට අමතරව මෙම දිනදර්ශනයේ වෙනත් වැදගත් දින ඇතුලත්ව ඇත. උදා: ලෝක පරිසර දිනය, නිදහස් මෘදුකාංග දිනය, මිහිකත දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය... අමතරව එක් කළ දින සඳහා ලබාගත් මූලාශ්‍රය 100% නිවැරදිදැයි සැකයක් ඇති නිසා මොසිලා වෙත නිකුත් කිරීමට පෙර පිරික්සීමට තීරණය කළා. තවත් වැදගත් යැයි හැගෙන දින ඇත්නම් දන්වන්න. මෙලෙස මෙම දින එක් කළේ පාසැල් දරුනවන්ට හෝ වෙනත් අයෙකුට වැදගත් යැයි හැගුණු නිසයි. කෙසෙවෙතත් ඔබ මෘදුකාංගයක් හරහා (අදාල ගොනු පිරික්සිමෙන් පසුව දෙන්නම්) භාවිත කරන විට Holiday only ලෙස තේරිමෙන් අමතර දින දිස්වීම නතර කළ හැක. අදාල ics ගොනුව. http://snavin.fedorapeople.org/SriLanka_Calendar2009-2011.ics

නිදහසේ පණිවිඩය ගෙනයාමට පොස්ටර් තරගයක්!

අපි කව්රුත් දන්නවනේ ලංකාවේ නිදහස් සහ විවෘත මෘදුකාංග වලට තියෙන තැන. මේ ප්‍රචාරණ සඳහා තවමත් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නැ. ඉතින් අද හවස නිකමට වගේ හිතුනා මෙම නිදහස් සහ විවෘත මෘදුකාංග ප්‍රචාණ කටයුතු සඳහාම ඉල්ලක්ක කරගෙන පොස්ටර් තරඟයක් තිබුනොත් හොදයි කියලා. පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විවෘත ලෙස අංශ තුනකින් කළා නම් හොදයි කියලා තමයි හිතෙන්නේ. මේක ලෙසි පහසු දෙයක් නෙමේ. පූර්ව ප්‍රචාරන කටයුතු, දිනන අයට තැගි දෙන්න, තරගෙන් නිදහස් සහ මෘදුකාංග ප්‍රචාරණය වගේ කාර්යය සඳහා සැලසුම් කරන්න වෙනවා. පටන්ගන්නා දිනයක් තවම ස්තිරව නැතත් 2011 වසරේ පළමු කාර්තුව තුළ මෙය ක්‍රියාත්මක කිරීමට අදහසක් දැනට තියෙනවා. ඉතින් නිදහස විදින් සහ එහි රසය තම මිතුරන්ට බෙදන්න කැමති අයට, නිදහස් අදහස් වලින් මෙම වැයම ශක්තිමත් කරන්න ඇරයුම්. ----------------------------- පසුව එක් කළ කොටස: මෙම ව්‍යාපෘතිය හුදෙක් නිදහස් සහ විවෘත මෘදුකාංග සාමාන්‍ය ජනයා අතරට ගෙනයාමට, ඒ ගැන අවබෝදයක් දීමට සහ ජනප්‍රිය කරවීම පිනිසයි!

අපි විතරද?

ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ ලංකාවේ සිටින සුලු පිරිසක් පමණක් විවෘත සම්මත (Open Standards) සහ නිදහස් සහ විවෘත මෘදුකාංග ජනප්‍රිය කරවීමට වලිකන බවයි. මෑත කාලයේ කියුබාව නිදහස් සහ විවෘත මෘදුකාංග වැදලගත් අතර අලුත්ම මුහුණු දෙකක්ද මේ අතරට දැන් එක් වී ඇත. පසුගිය දිනෙක ඉංදියාව සිය විවෘත සම්මත යන් පිළිබඳ පිළිවෙත (Open Standard Policy) නිම කළ අතර. නොර්වේ රාජ්‍යද ඉතා වේගයෙන් මෙම නිදහස කරා ඇදියන්නට පටන්ගෙන ඇත. නොර්වේ රාජ්‍ය තුළ පාසැල් සහ පලාත් පාලන ආයතන තුළ මේ වන විට OpenOfffice.org සහ අනෙකුත් නිදහස් සහ විවෘතු මෘදකාංග භාවිතය ප්‍රවර්ධනය වෙමින් පවති. අදාල ලිපිය: Public administrations in Norway are increasingly turning to open source, says Martin Bekkelund, business developer at Friprog, the country's open source competence centre. This year, all ninenteen county administrations are using open source in some form, compared to 76 percent in 2005. Uses varies from server oper...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...

සුබ නව වසරක් වේවා!

ඔබ සැමට සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! පොඩි ආරංචියකුත් කියන්නම්.. අද සිට OpenOffice සිංහල ව්‍යපෘතිය පිවරක් ඉදිරියට පැමිණි බවද කියන්න කැමතී. මීට පෙර අපි පළවන මට්ටමේ සිටියත් දැන් අපි දෙවෙනි මට්ටම පියවර තබලයි ඉන්නේ. :) http://projects.openoffice.org/native-lang.html

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත. 100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න. ඉන් අනතුරුව " Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතය...

OpenOffice 3.2 QA Workshop 2010 - Sri Lanka

It was a great pleasure to have the first QA event of the OpenOffice.org Sri Lankan Community and the first gathering of the community. Event was held at The ICTA Auditorium from 8.30AM to 4.00 PM (+5.30GMT) on 25th March 2010. Contributors: Kalpa Pathum Gayan Kalhara Prabath Galagamage Bandula Pushpakumara Bandula Ranathunga Dasun Lokuhetti Gayan Tharaka Rajeen Pranna Chanaka Madushan Anushka Lakmal Prabash Rajarathne + /me The team consisited of school students, university students, school teacher, government and private officials and software developers. These people were selected based on the first come first serve basis. The first 12 people who replied to the mail I sent to the openoffice-lk mailing list were given the chance. Wasantha Deshapriya (Director- Government Re-Engineering), Sujith Jayasooriya, Mahesh Kooragama and Sameera Shakunthala (Intern) who were from ICTA also joined to the team. Booting up... Introduce yourself :) Prabash is introducing himself Let's star...