Skip to main content

Posts

Showing posts from 2009

වැල්ලේ දේවාලේ.......

පහුගිය කාලේ ගාල්ලේ FOSS වැඩක් අහවර කරලා අපි වැල්ලේ දේවාලේ පැත්තේ ගියා. මම නම් වැල්ලේ දේවාලේ ගැන ඒ හැටි අතීත විස්තරයක් දන්නේ නැ.. දන්න කෙනෙක්ට මෙතන කමෙන්ට් එකක් දාන්න පුලුවන් ;-) දකුණු පැත්තේ කොනෙ තියෙන්නේ වැල්ලේ දේවාලේ තමා.. හැබැයි එදා වැල්ලට වෙලා කයිය ගගහා හිටියා මිස එක්කෙනෙක්වත් දේවාලෙට නම් ගියේ නැ! මේ ගමනට බන්දුල, හේරත් ඇදුරන් දෙදෙනා සමඟ කල්හාර, තාරක සහ අනුෂ්කත් එක් වුනා. ටික වෙලාවකින් තවත් යාලුවෙක් ආවා.. එයා ගෙන් නම් බේරෙන්න බැ :D

Mahapola, MoE, OLPC, FOSS

sorry.com! some how Mobitel took the MoE stall poor management of Mahapola anyway we moved to another place :) Kids and OLPC Sugar on Desktop with Fedora Education Spin Friends.. and Freedom...

OLPC Installation @ MoE Sri Lanka

Last week the OLPC Sri Lanka Foundation, LKLUG and MoE installed 1k OLPC systems for the MoE's pilot project. Demo by Deep.. Content Development Team These teachers have been created content related to the school syllabus. Bud ~ geekaholic

Manage your proxies with FoxyProxy

If you have more than one proxy to access outside networks, Use FoxyProxy . FoxyProxy is an advanced proxy management tool that completely replaces Firefox's limited proxying capabilities. It offers more features than SwitchProxy, ProxyButton, QuickProxy, xyzproxy, ProxyTex, TorButton, etc. FoxyProxy support for Firefox 2.0 to 3.6pre

Firefox reached 1 Billion downloads

Firefox 1 Billion served! Firefox reached 1 Billion downloads on 2009-07-31 15:00 UTC

හිරුගේ පිහිටෙන් අලි මඩින විල්ගමුව

මෙන්න තවත් විල්ගමු අත්දැකීමක්. විදුලි ගැටලුව සහ අලි ගැටලුවට විසදුමක්... සුර්ය බලය භාවිත කර අලි වැට DC ධාරාවක් ලබා දෙන අතර එමගින් අලියා මරණයට පත් කිරීමක් නොව ඉතා සුළු වේදනාවක්/හිරිවැටිමක් ඇති කරයි. කෙසේ නමුත් අලියත් දැන් ක්‍රමයක් හොයාගෙනලු, ඒ විදුලි වැටට ලොකු කොටයක් ගෙනත් දානවලු.. අප විල්ගමුවේ ගත කළ අවසන් රාත්‍රියේදි තුන්පත් රෑනක් අප ස්නානයට ඇලට බැස්ස තැන සිට මිටර 100ක් පමණ දුරින් දැකගත හැකි විය. අපට එම දින කිහිපය පුරා කිසිදු අන්තරාවක් නොවුයේ අපේ කණ්ඩායමේ නින්දෙන් ගොරවන්නන්ගේ දැඩි කැපවීම නිසායයි මට පසුව සිතුණි. ;-) Electric fence for the wild elephants..

අඹ ගහ යට සෙවනේ....

මේ විල්ගමුවේ දරුවෝ අකුරු කරණ විලාසයයි.. 2009 ජුනි මස 10 සහ 11 වැනි දින තුළ පැවැත්වුණු ප්‍රධාන ශාලවේ පැවැත්වුණු නිදහස් විවෘත මෘදුකාංග (FOSS) හදුන්වාදිමේ වැඩසටහන නිසා මොවුන්ට මෙලෙස ඉගෙනීමට සිදු විය. ඔබ කිසි දිනෙක මෙලෙස හිරු එළිය වැටෙද්දි අකුරු ලියා තිබේ ද? මේ දරුවන් පාසැල් එන්නේ උදැසන අලි මාරු වී අවසන් වූ පසුවයි.. සවසටත් 6-6.30 වෙද්දි අවදානම්. ඒ වගේම පාසැල් එන්නේ පාසැල් වැන් සේවයකින් නෙමේ බොහෝ විට පයින්. නිරන්තරයෙන් බස් රත නොමැති නිසා හිතුනු ගමන් ගමන් බිමන් බොරු.. නමුත් මේ දරුවන් තුළ ඔබට වඩා හැකියාවක් බුද්ධියක් ඇත. ඔවුන්ට එය ඔප් නැන්වීමට සම්පත් නැ. නමුත් නගරයේ සමහර දරුවන් මා දකින්නේ ගෙවුඩ පුලුස්සා ගැනීමක් ලෙසයි සම්පත් නිසා ඔවුන් සමජයේ ඉහලින් වැජබෙයි, මොකද මෙවැනි වටිනා මැනික් කපා ඔප දැමීමට ගුරුවරු එම ප්‍රදේශ වලට යාමට එකපයින් කැමති නොවේ එමෙන් ගුරු සිසු දෙකොටසටම සම්පත් භෞතික සම්පත් හිගය බලපා ඇත. වැඩ වැඩි වූ නිසා නියමිත දිනකදි සටහන් යෙදිමට නොහැකි වුවත් විල්ගමුවේ තොරතුරු බිදන් මතු දිනයක ලියන්නම්.. :)

ජාතික මට්ටමේ පරිගණක/අධ්‍යාපන ව්‍යපෘතියකට ඇරයුම්..

දැනට පාසැල් ගුරුවරු සහ වෙනත් පිරිස් මඟින් පරිවර්තනය කළ ඉදිරියේදි මෙරට දරුවන් අතරට යන මෙහෙයුම් පද්ධතියක සෝදුපත් බැලීමට දායක විය හැක ඔබටයි මේ ආරාධනය. මෙහිදි කිසිදු ගෙවිම් සිදු නොවන අතර වගකිමෙන් කටයුතු කළ හැකි අය කරුණාකර දන්වන්න. ඔබ කළ යුත්තේ: දැනට පරිවර්තිත කොටස් වල සෝදුපත් බැලීම, සිංහල පරිවර්තනය සඳහා භාවිතා වන වචන අදාල මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය සමඟ ගැලපේද බැලීම, එසේ නොගැලපේනම් නිසි වදන් යෙදීම. සුදුසුකම්: 01. අලස නොවි තමාට පැවරෙන කාර්යය අවසානය තෙක් මැනවින් ඉටු කිරීමේ හැකියාව 02. තොරතුරු තාක්‍ෂණය සහ සිංහල පිළිබඳ අවබෝදයක් තිබීම * මෙහිදි ඉංග්‍රිසි දැණුම අවශ්‍ය වන අතර ඉංග්‍රිසි 100% දැනගත් පමණින්ම මෙම කටයුත්ත කළ නොහැක. මන්ද පරිගණක/මෘදුකාංග පිළිබඳ නිසි අවබෝධයක් අවශ්‍ය වේ. 03. පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම පරිගණක දැණුම ඇති අය. අවශ්‍ය දේ: පරිගණකයක් අදාල මෙහෙයුම් පද්ධතියේ (Linux) LiveCD එක පිරික්සීමට VirtualBox වැනි මෘදකාංගයක් සිංහල [සයුර හෝ විජේසෙකර යන ඕනැම ක්‍රමයකින් ලිවිය හැක) Lokalize, poedit වැනි පරිවර්තන මෘදුකාංග මෙම ව්‍යපෘතිය ඉතා අවම පහසුකම් ඇති කුඩා පාසැල් තුළ මේ වසර තුළදි

අනතර්ජාලේ Live Stream කොළඹට විතරද?

මෙන්න ගමේ පාසැලක සිංහල සාහිත්‍ය දිනය අද (ජූලි 09) දින උදැසන සජිවීව දැකබලාගන්නට. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ප්‍රදේශයේ බටුවන්ගල පාසැලේ සාහිත්‍ය දිනයයි මේ. මීට සුලුවෙලාවකට පෙර මේ සබැඳිය ලබාදුන් එම පාසැලේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරයාට තුති. http://www.ustream.tv/channel/batuwangala-e-village

KDE යෙදුම් තුළ ඉංග්‍රිසි මුහුණතේ සිංහල අකුරු කවලම් වීම

ඔබ මැතක සිට ඉංග්‍රිසි මුහුණතේ සිංහල අකුරු කවලම් වී පෙනිමේ දෝෂය නිසා අපහසුතාවයට පත් වුවා විය හැක. මෙම ගැටලුව දැනට Fedora සඳහා විදා ඇති අතර පහත පියවර මඟින් එය වලක්වා ගත හැක. ඔබ පළමුව qt-4.5.2-1.fc11.i586.rpm ඇසුරුම ස්ථාපනය කරගත යුතු වන අතර එය සඳහා බොහෝ දුරට qt-mysql-4.5.2-1.fc11.i586.rpm සහ qt-x11-4.5.2-1.fc11.i586.rpm අවශය වේ. එම ගොනු ලබා ගෙන එකම ස්ථානයකට රැස්කර පහත විධානය දෙන්න. rpm -Uvh qt-* උදා: ඔබ සියලු ගොනු /home/ /Downloads හි එක් කළා නම් ටර්මිලයට පිචිස (root පරිශීලක ලෙස) cd /home/ /Downloads වෙත ගොස් පසුව rpm -Uvh qt-* විධානය දෙන්න.

ලංකාවේ ICT සඳහා හොඳම කාලය

ඇත්තටම මේක දිගට ලියන්න නෙමේ යන්නේ.. මීට සුලු මොහොතකට පෙර දසුන් සමීරත් මමත් පොඩි වැඩක යෙදි සිටින විට සිදුවු දෙබසක් දෙයක්... [22:20:16] Dasun:මගේ නෙට් අලම වෙලානේ [22:20:29] Danishka: නැ.. හැමතැනම එහෙමයි [22:20:37] Dasun: එහෙමද [22:20:39] … ඇයි ඒ [22:20:44] Danishka: ලංකාවේ මචං ICT හරියන්නේ පායන කාලෙට [22:20:44] Dasun: මේක දැන් ලොඩ් වෙන්නේම නෑ [22:20:46] … :( [22:20:52] … ථෘ [22:20:54] … :D [22:20:58] … (rofl) [22:21:00] Danishka: වහිද්දි වයර් අස්සේ වතුර (rofl) [22:21:14] Dasun: (rofl) පට්ට ආතල් [22:21:29] … හිටු මේකට මලින්තට අලවන්න [22:21:29] … :D [22:21:42] Danishka: නැද්ද මම අහන්නේ ඇත්තටම පායන කාලෙටත් විදුලිය නැ... :(

Fedora 11 and ibus-sayura

ඔබ ෆෙඩෝරා 11 මත සයුර පිහිටුවා ගැනීමට උත්සාහ දැරුවානම් මෙවර Fedora 11 DVD තැටිය මත සයුර සඳහා අවශ්‍ය පැකේජය නොමැති බව දැනටමත් හදුනාගෙන තිබිය හැක. ** මෙම පියවර ibus සහාය ලැබෙන RHEL සහ CentOS මෙහෙයුම් පද්ධති සඳහා ද භාවිත කළ හැක. මෙම ගැටලුව ෆෙඩෝරා සඳහා සයුර පැකේජයෙහි නඩත්තුකරු අතින් සිදුවූ අතපසු වීමක් නිසා සිදු වූ අතර ෆෙඩෝරා ස්ථාපනයෙන් පසුව සයුර ස්ථාපනය සඳහා gnome-terminal හෝ වෙනත් විධාන ලබාදිය හැකි කන්සෝලයක් වෙත ගොස් root පරිශීලක ලෙසට පිවිස yum install ibus-sayura යන විධානය ලබා දෙන්න. නමුත් මෙහිදි ඔබට 'කේ', 'කෝ' වැනි අකුරු ලිවිමේදි තිත් සහිත රවුමක් දිස් විය හැක. එම ගැටලුව ෆෙඩෝරා ව්‍යපෘතියට අනුබද්ධව සිටින සයුර පැකේජයෙහි නඩත්තුකරු විසදා ඇති අතර එය ෆෙඩෝරා මෘදොකාංග මූලය හරහා ඔබට ලැබීමට ටික දිනක් ගතවේ. එතෙක් ඔබට රැදි සිටීමට අපහසු නම් පහත දැක්වෙන පියවර මඟින් විසදා ගත හැක. [root පරිශීලක ලෙසට ටර්මිනලේ වෙනස් වීමට su - ලෙස යතුරුකරණය කර ENTER යතුර ඔබන්න. ඉන්පසු ඔබ මීට පෙර root පරිශීලකට ලබාදුන් රහස්පදය ලබා දෙන්න. මෙවිට මෙතෙක් $ සලකුණින් අවසන්ව තිබූ ප්‍රොම්ට් එක #සලකුණට

කලකට පස්සේ!!

ඔන්න ඉතින් කලකට පස්සේ ආයෙත් පුංචි පහේ නිදහස් සහ විවෘත මෘදුකංග ( Free and Open Source Software ) හදුන්වාදිමේ වැඩසටහන් ඉදිරිපත් කෙරුනා බටපොල නවෝද්‍යා පාසැලේදි. පසුගිය මස 26 වැනි අඟහරුවාදා දින එම විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩංගනයෙදි පැවැත් වූ මෙම වැඩසටහන ගයාන් තාරක මල්ලිත් එම විද්‍යාලයේම ගුරුතුමියක වන ඔහුගේ මැණියන්ගෙත් දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. තොරතුරු තාක්‍ෂණ විශයට වගකීමක් එතුමියට විදුහල තුළ නොතිබුනත් ඇය ඇගේ උපරිම දායකත්වය ලබා දීම පැසසිය යුතු කාරණයක්. මේ වැඩසටහන සඳහා බන්දුල පුෂ්පකුමාර ඇදුරු තුමා, කල්ප පැතුම් , වී අමිත්ත, ගයාන් කල්හාර , අනුෂ්ක ලක්මාල් යන අය දායකත්වය ලබා දුන්නා. මෙම වැඩසටහනේදි GNU/Linux (උබුන්ට සහ ෆෙඩෝරා දෙකම) පිහිටුවා ගැනීම, GNU/Linux Desktop, Gnome , Fedora සහ Firefox සිංහල ව්‍යපෘති හදුන්වා දෙන ලදි. පාසැල සවස 12.30ට අවසන් වීම නිසාත් සවස 1.00ට එම ස්ථානයේ ගුරු රැස්වීමත් නිසා වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට සිදු උනා. ඉතින් වැඩසටහනේ තවත් රූප ටිකක් බලන්න ආස නම්..... මෙන්න flickr (ගන්න ඔක්කොම අප්ලෝඩ් කරන්න නම් කම්මැලියි :( ) දැන් ඔන්න ලංකාවේ හොඳම පාසැල් පරිගණක විද්‍

සාහිත්‍ය.lk

සිංහල යුනිකේතය, අන්තර්ජාල ජනමාධ්‍යකරණය හා සිංහල බ්ලොග්කරණය ප්‍රවර්ධනය අරමුණින් කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය ලොකු සහ හොඳ වැඩකට අතගහලා ඉන්නේ. ඉතින් ඊයේ එනම් මැයි 21 වැනි දින රාජකීය විද්‍යාලයීය සම්මන්තණ ශාලාවේ දී මෙම වැඩසටහන ගැන මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත් වුනා. ඔවුන් දන්වා සිටින පරිදි: අප මව් බස, සිංහල භාෂාව භාවිතෙයන් තොරව අභාවයට යමින් පවතින මෙවන් යුගයක සිය ජාතික වගකීම හඳුනාගනිමින්, වගකීම වෙනුවෙන් කැපෙවමින් කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, දේශයේ අනාගතය භාරගැනීමට දෑස් දල්වා බලාසිටින වත්මන් ශිෂ්‍ය පරපුර තොරතුරු තාක්ෂණය, ජනමාධ්‍යකරණය සහ සිංහල භාෂාව යන ත්‍රිත්වෙයන් සන්නද්ධ කරවමින්. නව ලොවට මුහුණෙදන ශක්තිමත් සිසු පරපුරක් නිර්මාණය කිරීමේ ජාතික වගකීමට මෙසේ කියාත්මක වන වගයි. මෙම අදහස් දැක්වීම සඳහා පහත සඳහන් මහත්ම මහත්මීන් එක්වූහ. අතුල පුෂ්පකුමාර - වැඩසටහන් ප්‍රධානී. සන්නිවේදන හා ජනමාධ්‍ය (ICTA) පියංක ආරියසුමන - ව්‍යාපෘති නිළධාරී (ICTA) උපාලි ගුණෙසේකර - ගරු විදුහල්පති (රාජකීය විද්‍යාලය) ඉන්දා මාදුගොඩ - සිංහල භාෂා හා සාහි

Test Firefox 3.5 RC1 Sinhala - litmus test

We welcome volunteers to run litmus test for Firefox 3.5 RC1 - Sinhala release. If you interested on running the litmus test please download the Firefox 3.5 nightly build: Linux or Windows or Mac and run the litmus test What is Litmus ? Litmus is the new integrated test case management and QA tool that is designed to improve workflow, visibility, and turnaround time in the Mozilla QA process. Its developed by Mozilla Corp/Mozilla Foundation. If you need any help please read the litmus test help .

Web Statistics and Trends

2009 IE7 IE6 IE8 Fx Chrome S O April 23.2% 15.4% 3.5% 47.1% 4.9% 3.0% 2.2% March 24.9% 17.0% 1.4% 46.5% 4.2% 3.1% 2.3% February 25.4% 17.4% 0.8% 46.4% 4.0% 3.0% 2.2% January 25.7% 18.5% 0.6% 45.5% 3.9% 3.0% 2.3% Source: Browser Statistics

Top 7 countries for SW Piracy - සිරිලංකාවත් ඉන්නවා නොවැ!

Georgia Bangladesh Armenia Zimbabwe Sri Lanka Azerbaijan Moldova these countries are with piracy rates of 90 percent or higher The lowest-piracy countries are the US, Japan, New Zealand, and Luxembourg, all near 20 percent source: Study finds software piracy growing ඔන්න හැමදේටම අපේ රට මුලින්ම ඉන්නවා වගේ මේකටත් හොඳම තැනක ඉන්නවා. :) අපරාදේ කියන්න බැ ආසියාවෙන් නම් අංක 2.. ඉතින් මේකට වගකිව යුත්තේ ගෙදර ඉන්න ඔබ නොවේ! මේවා පාලනය කරන අය..... මිනිහෙකුට කන්න සල්ලි නැත්නම් හොරකම් කරලා හරි කනවා. ඒවගේම තමා අස්ප ගණන් වලට ලංකාවේ විකුණන මෘදුකාංග ගන්න තියා සාමාන්‍ය ජිවිතය ගෙනියන්න බැරි මිනිස්සු හොරෙන් තමා භාවිත කරන්නේ. නිතිය විතරක් වැඩක් නැ.. මිනිස්සු ලග මුදල් නැත්නම්.. අධ්‍යාපන ආයතන වලට නොමිලේ පිටපත් දුන්නට වැඩක් නැ... ඇයි බලධාරින් නිසි පිලියම් සහ විකල්ප වලට ඉබිගමනින් යන්නේ? ** යන බව දන්නවා එත් ගමන හිමින් ** අපේ රටට මේ වසරේ යම් සංවිධානයක සභහපති කමත් ලැබුනා... ඒ මදිවට මේ අපේ රටේ තොරතුරු තාක්‍ෂණ වසර... ඉතින් ලොකේ පුදුම 7ට නැති අපි මෙහෙම හරි වසර අවසානයට පෙර ඉදිරියට ඒම කොච්චර පැසසිය යුතු කරුනක් ද? වාසනා

New logo for Firefox 3.5 (Shiretoko)

ඔන්න Firefox 3.5 සඳහා අලුත් නිළ ලංඡනයක් නිකුත් වීමටයි සූදානම. මෙය 2007 නොවැම්බර් මසදි Jon Hicks විසින් නිර්මිත සංකල්පය මත පිහිටා නිමවා ඇත. නව ඉදිරිපත් කිරීම එදා.. අද.. හෙට.... Source: මෙම නව නිර්මාණය සඳහා Alex Faaborg සහ Anthony Piraino දායක විය.

[Sri Lanka] Firefox reached 48.31% of browser usage

last April 26 th Firefox touched 48.31% of browser usage in Sri Lanka while IE showing 42.39% Source: statcounter Source: statcounter One thing I can point out here is that we don't get these kind of graphs for other countries; such as, USA , Japan , Germany , China , India , etc They all use same set of features in IE and same set of features in Firefox . Only difference is each country has their own language specific release of IE and Firefox . What could be the reason? 01) Fast FOSS education by volunteer groups.. 02) Sri Lankan LAW against pirated software / piracy 03) Firefox is the only browser released in Sinhala language. OR ??

www.ආමි.lk hacked! උඩ බලන් කෙල ගැසීම

ඊයේ රාත්‍රි සිට www.army.lk වෙබ් අඩවිය LTTE ය විසින් කෙලෙසා ඇති බව ප්‍රවෘති මඟින් පල විය. ඇත්තටම ලංකාවේ අයට මෙය මහ බැංකුවට ගැසු බොම්බය මෙන් දරුණු අපරාදයක් සේ පෙනෙන්නට මෙන්ම පෙන්වන්නට විය. මෙතැන කව්රුන් හෝ කර ඇත්තේ වැරදි වැඩකි. නමුත් නිසි ආරක්‍ෂාවක් එම අඩවියට නොදි කැගැසීම ද ලැජ්ජා නැති වැඩකි. මන්දා www.citizen.lkවෙබ් අඩවියේද තාක්‍ෂණික අඩුලුහුඩු කම් ඇති බව බොහෝ දෙනා පැවසීය. වෙබ් අඩවියකට නිසි ආරක්‍ෂාව ලබා නොදි මෙය LTTE කළ වැඩක් සේ මහා හයියෙන් කියවන්නේ රටේ ජනතාව නිසි තත්ත්වයන් නොදන්නා නිසා එයින්ද 1 දමා ගැනීමටයි. රජයේ වෙබ් අඩවි අක්‍රමණය වන විට මෙලෙස පවසනවා නම් ඇයි මීට කලින් යකා නටාපු අධ්‍යාපන අමාත්‍යංශයේ අඩවි ගැන නොකිව්වේ. :D මා LTTE සංවිධානයේ කෙනෙක් හෝ එයට අනුබල දෙන්නෙක් නොවේ. :D එත් මේ වගේ ප්‍රවෘත්තියක් කියන්න කොට අපේ රටේ තොරතුරු තාක්‍ෂණයට වගකිව යුතු අයට අබමල් රෙනුවකින්වත් ලැජ්ජාවක් නැද්ද? අපේ රටේ කරන්නේ දෙයක් උනාට පස්සේ දැගලීම මිස, එයට වලක්වා ගැනීමට පූර්‍ව පිළියම් යෙදිම නොවේ. ගෙදර උන්දැ පරිස්සම් කරන්නේ නැතිව හොරු ගෙනියනකන් ඉදලා කට උත්තර දෙන එක නම් ලස්සනයි. :) මා උඩ බලන් කෙල ගැසීම ලෙස දැ

lkluggers @ SFD 2008 - Galle, Sri Lanka

පසුගිය වසරේ ගාල්ලේදි පැවති නිදහස් මෘදුකාංග දිනයේ දි පටිගත කළ වැඩසටහනේ කොටස් කිහිපයක්. මෙම විඩියෝ කොටස් වැරදීමකින් රාත්‍රී නිරික්‍ෂණ ආකාරයට කැමරාව සකසා ඇතිවිට පටිගත කර ඇත. :D http://www.youtube.com/watch?v=kXWmE9uWzto http://www.youtube.com/watch?v=NDnVKYHF0Ig http://www.youtube.com/watch?v=4OTukzpa3-U http://www.youtube.com/watch?v=sSXdoi6-Ew0 මෙම වැඩසටහන සඳහා මීට පෙර කළ සටහන මෙහිදි කියවිය හැක.. " නිදහස සොයන සිසු දරුවන් "

රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?

මෙම ලිපිය සකසන මා බෞද්ධයෙකු බව පළමුවෙන්ම පවසා සිටිමි. දැන් කාලේ ගොඩක් නගරවල තිබෙන දැන් වීම් නම් අසවල් පන්සලේ රන්වැට සඳහා පිංවතුන් ආධාර කරන ලෙසයි. නැත්නම් ආසියාවේ දිගම/විශාලම පිළිමයට ආදාර දෙන ලෙසයි. (මේ වගේ එකක් දුම්රියෙන් යන විට මග්ගොන හරියෙත් තියෙනවා) ඇත්තටම සාමාන්‍ය ශාඛ මෙන් බෝ ගසටත් ස්වභාවික සම්පත් හැරෙන්නට මෙවැනි අමුතුම සත්කාර අවශ්‍ය ද? විශේෂයෙන් හිසට සෙවනක් කුසට අහරක් නැති අය සිටින මෙරටේ ගසක් වටේ මෙවැනි වැටක් ගහන්න ඇයි මෙලෙස වියදම් කරන්නේ? ගසේ ආරක්‍ෂාවට නම් මම හිතන්නේ කම්බි වැටක් තරම් තවත් දෙයක් නැ. තෘෂ්ණාව නැති කරන්න කියලා හැම පෝය දිනකදීම යකඩ කටින් කියවන අපේ ගමේ පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය ලගදි හොරු අරන්. :D මම හිතන්නේ බුදුන් දෙසු දහමේ සිට අපේ හාමුදුරුවෝ හොරාට මෛත්‍රි කරන්න ඇති නේද? පිස්සුද මේ හාමුදුරුවෝ පන්සල වටේ තාප්පය ගහන්න ගිහින් අල්ලපු වැටේ මනුස්සයට විරුද්ධව පොලිසි ගියා.. (මා දන්න කාලයක සිට ඒ ගෙදර වැසියන් යන්න එන්න ගියේ ඒ පාරෙන්...) දෙයියනේ පන්සලට තාප්පයක් මොකටැ.. ඔය කියන හොරා ආවෙත් තාප්පේ ගැහුවම හැබැයි. හරි නම් පන්සල් වලින් ගිහියන්ගේ අපහසුකම් වලට සහනයක් දෙන්න ඔනා. දැන්

2008 අ.පො.ස. (සා.පෙළ) IT විශය සඳහා ඔබත් වංචාකරුවෙක් ද?

පසුගිය වසරේ පැවැත් වූ 2008 අ.පො.ස. (සා.පෙළ) තොරතුරු තාක්‍ෂණ වියට අදාලව ලකුණු 25 වෙන්කර තිබුනේ පළමු වාරයේ සිට ක්‍රියාත්මක විය යුතුව තිබු තොරතුරු තාක්‍ෂණ ව්‍යපෘතියක් සඳහායි. එම ව්‍යපෘතියට අදාල උපදෙස් පත්‍රීකාවලට අනුව එය නිසිසේ සැලසුම් කර තිබුණි. මෙම ව්‍යපෘතිය සඳහා යෝජනා පළමු වාරයේ තුන්වන සතිය වන විට විශය භාර ගුරුවරයාට ලබා දියයුතූ බව අදාල උපදෙස් වල මැනවින් සටහන් වී තිබුණි. නමුත් බහුතරයක් තොරතුරු තාක්‍ෂණ විශය භාර ගුරුවරු මෙම ව්‍යපෘතිය පිළිබඳව සිසුන් දැනුවත් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ වීම අතිශය කනගාටුදායක සිද්ධියකි. විභාගය අතලගට ආවම කව්ද මේවගේ ව්‍යපෘති කරන්න යන්නෙ? එක්කෝ කලින් අවුරුද්දේ කළ කෙනෙක්ගේ එක ඉල්ලන් පෙන්වනවා,... හැබැයි මෙකෙදි විභාග දෙපාර්තුමෙන්තුවට ලකුණු යවන්නේ අදාල විශය භාර ගුරුවරයා වීම ද සිසුන්ගේ සැනසුමට කාරනයක් විය. ඉතින් මෙන්න සිද්ධිය: මෙවර තොරතුරු තාක්‍ෂණ විෂයට A සාමාර්තයක් ගත් කිහිපදෙනෙක්ගෙන් විමසූ විට ඔවුන් මෙවැනි ව්‍යාපෘතියක් ලබා දී නොමැත. එසේ නම් පිළිතුරු පත්‍රයට ලැබෙන ලකුණු 75න් 75ම ඔවුන් ලබාගෙන ඇත. එක් ලකුණක් හෝ අඩු වුවා නම් B එකක් ලැබිය යුතුයි. ඇත්තටම ඒකද උනේ? A සාමාර්

දෙවසරක අතීතය....

මීට වසර දෙකකට පෙර එනම් 2007 අප්‍රේල් මස 11 දින Red Hat සමාගම යටතේ දේශියකරණයට එක් වුයේ ඊට පෙර එම සමාගමේ සිංහල වෙනුවෙන් කටයුතු කළ මා මිත්‍ර ටිරෝන් වෙනත් අංශයකට යොමු විමෙන් ඇති වූ පුරප්පාඩුව පිරිවීමටයි. ඉතින් මේ කතා සියල්ල ඇරඹීමට පළමුව කිව යුතු එක් දෙයක් ඇත. එනම් දැනට සිටින බොහෝමයක් සහ එවකට සිටි සියළු සිංහල යුනිකෝඩ් ලැදි මිතුරන් මුණගැසුනාක් මෙන් ටිරෝන් හමු වුයෙ සිංහල යුනිකෝඩ් සමූහය හරාහායි. පුෂ්පකුමාර සහෝදරයාගේ ඇරයුමින් සිංහල යුනිකෝඩ් සමුහයට එක් වුයේ එය භාවිතා කරන්නට ආරම්භ කර දින කිහිපයකට පසුවයි. ඉතින් ඇරඹූ තැන තවමත් මතකයේ තිබෙන බව සිංහල යුනිකෝඩ් සමූහයේ මිතුරන්ට සතුටින් දන්වා සිටිමි. කෙසේ වෙතත් අදාල අරමුණු වලින් ඉවතට ගමන් කෙරුණු එම සමූහයෙන් නොදන්වාම වසර කිහිපයකට පෙර ඉවත් විය. දැනට සක්‍රීයව සිටින සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයද බිහිවුයේ එම සමූහයෙ සිටි මිතුරන් පිරිසකගෙනි. මා මෙහිදි දේශීයකරණය ලෙස දක්වන පදයේ අංශ දෙකක් ඇත. එනම් පරිගණකයේ සිංහල පිහිටුවීම පළමු සහ වැදගත් අංගයයි. අනෙක පරිගණකයේ අවශ්‍ය මෘදුකාංග/යෙදුම් සිංහලින් සැකසීම දෙවැනි කොටසයි. පළමු අංගය සඳහා අනුරාධ රත්නවීරන් විසින් මහත් කැපකිරී

Firefox exceeded IE ~ 48% of the browser market in Sri Lanka

Source: StatCounter Global Stats - Browser Market Share According this graph more than 48% of the browser market share [ in Sri Lankan] handle by Firefox FOSS web browsers as at 15th March 2009 : Firefox - 48.86% IE - 45.29% This impact was due to Fireofx 3.0 !! Similarly Firefox became the most popular web browser in Europe last week. South Korea.. Source: StatCounter Global Stats - Browser Market Share India.. Source: StatCounter Global Stats - Browser Market Share Japan.. Source: StatCounter Global Stats - Browser Market Share

ඇයි වෙන සිම්පල් ප්ලැන් මොබිටෙල් තියෙද්දි

ඔන්න අද ඉදන් මොබිටෙල් එකේ ගාස්තු එයාටෙල් වගේමයි :D Package Name Cool Plus 100 Active F SRIL Subscription Rs. 100.00 Rs. 300.00 Rs. 500.00 Free Bundle M2M - Video 100 Mins 300 Mins 500 Mins M2M - Voice N/A N/A 500 Mins Data N/A 300 MB 500 MB Call Charges All Incoming Calls Free Free Free M2 Others - Peak - Outgoing 2.50 2.00 2.00 - O/Peak - Outgoing 2.50 2.00 2.00

simple plan ~ gtalk, yahoo voice/Video chat on gnu/linux

google talk ලිනක්ස් මතදි හඬ සහ විඩියෝ මගින් සංවාදයේ යෙදිමට අවස්තාව දෙන්නේ නැනේ. ඒ වගේම ගොඩක් අයට pidgin කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් pidgin සහාය දක්වන Jabber, Gtalk, MSN, IRC, Salut ඔක්කොම සහය දක්වන මෘදුකාංගයක් මේ. Empathy අපි කව්රුත් දන්න Gnome ව්‍යපෘතිය යටතේ 2.24 වෙළුම එක්ක නිකුත් උනේ. දාලා බලන්න. Fedora එක්ක මේක එනවා. yum install empathy ඊට පස්සේ තමන්ට අවශ්‍ය විදියට Google, yahoo සහ MSN ගිණිම් පිහියුවා ගන්න. :) මේක දාන්න වෙනත් තෙවන පාර්ශික මෘදුකාංග අවශ්‍ය නැ. Wine වත් අවශ්‍ය නැ. ලොකු ලොකු හැඩ වැඩ නැති උනාම අවශ්‍යම දේ තියෙනවා. gtalk voice/Video තියෙන එක ලොකු දෙයක්. ඇත්තටම සිම්පල්... :) එත් සිංහල හොඳට ලියන්න සහ කියවන්න නම් පුලුවන්. ඊළඟ වෙළුමෙ මෙය සිංහල මුහුණතින් එවි :)

හැඹිලිගත කරන්න...

සිංහල මහාචාර්යවරු හදුන්වා දෙන හැම සිංහල වචනෙම හරි කියලා දගලන පුංචි පැංචි මල්ලිලාගේ දැන ගැනීම සඳහා මෙසේ පළ කරමි. මේ cache කියන තාක්‍ෂණික වචනෙට අපේ දේශිය සිංහල පඩිවරු දුන් වචන මේ. cache සඳහා මෙන්න විකිපිඩීයාවෙ තියෙන අදහස: http://en.wikipedia.org/wiki/Cache "In computer science , a cache (pronounced /kæʃ/ ) is a collection of data duplicating original values stored elsewhere or computed earlier, where the original data is expensive to fetch (owing to longer access time ) or to compute, compared to the cost of reading the cache. In other words, a cache is a temporary storage area where frequently accessed data can be stored for rapid access. Once the data is stored in the cache, future use can be made by accessing the cached copy rather than re-fetching or recomputing the original data, so that the average access time is shorter." තොරතුරු මූලය

The quick brown fox jumps over the lazy dog ~ Sinhala

"The quick brown fox jumps over the lazy dog" මෙම වැකියේ ඉංග්‍රීසි හෝඩියම ඇතුලත් වේ. මෙම වැකිය පරිගණක පද්ධති තුළ අකුරු නිසියාකාරව දර්ශනය වීම පිරික්සීම සඳහා භාවිතා වන සම්මත වැකියකි. ඉතින් මේක ඉංග්‍රිසී නිසා දැන් සිංහලින් එක මෙහෙයුම් පද්ධතියේ මෙකෙරුවාව අපිට අවශ්‍ය ලෙස වෙනස් කළ යුතුව ඇත. ඉතින් සිංහල බසින් මෙමෙ කාර්‍යය කර ගැනීමට සුදුසු සභ්‍යත්වයෙන් යුතු වැකියක් ලබ් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. රේපය, බැදි අකුරු වැනි විශේෂිත අවස්තා සහිතව ඇත්නම් මැනවි. :) උදා: "ධාර්‍මශෝක ගොවියා නෞකාවෙදි කෛරාටික බ්‍රහ්මයා ඇබුල ලිහනු දැක මඤ්ඤං විය"

Amarok සිංහල [ඇල්ෆා නිකුතුව]

Amarok කියන්නේ ලිනක්ස් වලට තියෙන හොඳ මාධ්‍ය වාදකයක්. ඉතින් දැන් ඇමරොක් ටිකින් ටික සිංහල වෙනවා. :) මෙකේ තව වැඩ කරන්න තියෙනවා. ඉතින් පොඩි පහේ පෙර දැනුම් දීමක් තමයි මේ කළේ. :)

Firefox 3.5

At yesterday’s Firefox/Gecko Delivery Meeting, a proposal was put forward to change the version number for Shiretoko to Firefox 3.5. This is now also being discussed in a thread on the mozilla.dev.planning newsgroup. The increase in version number is proposed due to the sheer volume of work which makes Shiretoko feel like much more than a small, incremental improvement over Firefox 3: TraceMonkey,video tag and player support, improvements to user controls over data privacy, significant improvements in the web layout and rendering platform, and much more. Under this proposal: Shiretoko would be released as Firefox 3.5, the upcoming third beta release would still carry the 3.1b3 version numbering, the following foruth beta will be numbered Firefox 3.5b4 , “Minefield” builds from the trunk mozilla-central repository will be renumbered to 3.6a1pre until further notice - we will need to consider and decide on a version number for that release at a future date, the Gecko version numbering

Sinhala NOT Sinhalese

If you still use "Sinhalese" as the language name in your localization project, pls revert it to "Sinhala". "Sinhala" is the preferred word for the language as per the Sri Lankan constitution and ISO 639: http://www.constitution.gov. lk/downloads/Chapter%20IV%20-% 20Language.pdf 18. 3[(1)] The Official Language of Sri Lanka shall be Sinhala. http://www.loc.gov/standards/ iso639-2/php/code_list.php sin si Sinhala; Sinhalese * Sinhala language * Sinhala script * Sinhalese people

අසාර්ථක මෙහෙයුම....

ඔන්න අද උදේ 5.45ට විතර විදුරුවක් කුඩුවෙනවා ඇහුනා. ඒ එක්කම අපෙ ගෙට්ටුවත් ඇරුනා. මම ඊයේ රැ 2.30ට විතර නිදාගත් නිසා නින්දෙන් අවදිවුවත් ගෙට්ටුවේ සද්දේ නම් හිතුවේ උදැසන සහෝදරයා වැඩට යන්න ඇති කියලා. මම එහෙම හිතතද්දි අම්මලා ලයිට් එක දාලා සද්දේ ආවෙ කොහෙන්නද බලන්න. ඊට විනාඩියකින් තමා ගෙට්ටුව ඇරුනේ. ගෙදර අනිත් අය හිතුවේ මාමා ආවා කියලා. ඇත්තටම වෙලා තිබ්බේ හොරෙක් ඇවිත් පිටුපස ජනේලය බිද ඇතුලට ඒමට සැරසීමයි. එත් ලයිට් දාපු නිසා කිසි කලබලයක් නැතිව ගෙට්ටුවත් ඇරගෙනම ගියා. :D මොනවා උනත් සහෝදරයා කලින් ගියෙ නැත්නම් අම්මා ඔය වෙලාට ඔතන ඉන්නවා උයන්න. එහෙම උනා නම් විසී වුනා වීදුරු වලින් තුවාල වෙන්නත් තිබ්බා. මොනවා උනත් ලයිට් නොදැම්ම නම් ඒ මනුස්සයාගේ දත්ටික අපරාදේ. මොකද ජනේලයට සවිකර තිබෙන යකඩ රාමුව ගලවන්න හො කපන්න සුදුසු දෙයක් ගෙනෙල්ලා නැ. කටින් හපන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. පව් :( එක අතකට එයත් හරි. හොරකමේ එන්නේ තියෙන දෙවල් ගෙනියන්නනේ. බඩු අඩුවෙන් එන්න ඔනා නිසා හිස් අතින්ම එන්න ඇති. විදුරුව බිදින්නත් අරන් තිබුනේ අපේ ගෙදරම එලියේ තිබ්බ විදුරු බෝතලයක්. අගුල තියෙන හරිය අනුමාන කරද කොහෙද බිදලා තියෙන්නේ. මේ පිංතූර දෙක