Skip to main content

Posts

Showing posts with the label ශ්‍රී ලංකා

දැයට කිරුළ ප්‍රදර්ශනයේදි හන්තාන සමඟින් විදින්න නිදහස...

64 වන නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේදි පැවැත්වෙන "දැයට කිරුල 2012" අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයේදි ,නිදහස් සහ විවෘත මෘදුකාංග සහ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පිළිබඳ දැණුවත් කිරීම සඳහා හන්තාන ලිනක්ස් කණ්ඩායම පෙබරවාරි 7 සහ 8 දෙදින තුළ ,දැයට කිරුල භූමියේදි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සහයෝගීත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහි දී , එකවර සිය දෙනෙකුට සහභාගි විය හැකි දේශන මාලවන් පැවැත් වීම, පරිගණක තුළ ස්ථාපිත නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට අවස්ථාව ලබා දීම මෙන්ම තමන්ට ඇති ගැටලු පිළිබඳ විමසීමටද අවකාශ ලැබේ. දේශන මාලාවන් තුළදි පහත මාතෘකා පිළිබඳ දැණුවත් කරනු ලැබේ. නිදහස් සහ විවෘත මෘදුකාංග අධ්‍යාපනය සඳහා නිදහස් සහ විවෘත මෘදුකාංග හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති සඳහා දායක වීම ICTA ආයතනය මඟින් දියත් කළ සහ අනුග්‍රහය දැක් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුම ලබා ගැනීම සඳහා දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ ඇති ICTA ආයතනයේ ප්‍රදර්ශන කුටියට පෙබරවාරි මස 7 සහ 8 දිනයන් තුළ ප...

සවුත්ලන්ඩ්ස් බාලිකාවෝ හන්තාන ලිනක්ස් ප්‍රජාවට එක් වෙති!

පසුගිය 2011 ජනවාරි මස 25 දින සිට 29 වැනි දින දක්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 125 වැනි සැමරුමට සමගාමීව පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී එම විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය හන්තාන ලිනක්ස් හදුන්වාදීමට කටයුතු කළේ ය. මෙහි දී හන්තාන ලිනක්ස් 14.5 DVD තැටි 300කට වඩා ප්‍රදර්ශනයට පැමිණි අය අතරේ නොමිලේ බෙදා දීම ද විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශන කුටියට පාසැල් සිසුන්, රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවය කරන අයට අමතරව ගාලු කොටුව ආශ්‍රිත කටයුතුවල නියැළි ඕලන්ද ජාතිකයෝ ද පැමිණියහ.  මෙලෙස පළමු දිනයේ පැමිණි හෙල්මර් නම් වූ ඕලන්ද වැසියා ඔහු ලබාගත් හන්තාන ලිනක්ස් පිටපත ස්ථාපනය කළ පරිගණක යන්ත්‍ර 8ක් ශී ලංකාවේ පාසැලකට එවන බව කියා සිටියේ ය. මීට පෙර කිසිදු දිනෙක ලිනක්ස් භාවිත නොකළ සිසුවියෝ දස දෙනෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් ම පවත්වනු ලැබූ එක් දින වැඩසටහනකින් ලද දැනුමෙන් සන්නද්ධ ව මෙසේ ප්‍රදර්ශන කුටිය තුළ ගාලු පුවරයේ ජනයාට නිදහස් සහ විවෘත මෘදුකාංග හඳුන්වාදීමේ යෙදුණහ. පාසැලක් මෙසේ නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දෙමින්, හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ප්‍රජාව අතරට ගෙනයාම හන...