Skip to main content

Posts

Showing posts with the label පාසැල්

දැයට කිරුල ප්‍රදර්ශනයේදි නිදහස් සහ විවෘත මෘදුකාංග සඳහා උණුසුම් ප්‍රතිචාර!

දැයට කිරුළ 2012 අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සහ හන්තාන ලිනක්ස් ප්‍රජාව එක්ව සංවිධානය කළ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුවත් කිරිමේ වැඩසටහන් මාලාව පෙබරවාරි මස 7 සහ 8 දෙදෙන තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ප්‍රදර්ශන කුටිය තුළ දි සිදු කරන ලඳි.   ICTA ආයතනයෙන් තෑග්ගක්.. මේ සඳහා අති විශාල පිරිසක් එක් වූ අතර සහභාගි වුවන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණි. පාසල් ළමුන්, ගුරුවරු, දෙමාපියන් මෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශවල රැකියාවන්හි නියුතු කොටස් මෙම වැඩසටහන සමඟ එක් විය. මෙම වැඩසටහන අතර තුළ දි පාසැල් ගුරුවරුන් සඳහා හන්තාන ලිනක්ස් පද්ධතියේ ඇති අධ්‍යාපනික මෘදුකාංග භාවිතයෙන් කෙටි පාඩමක් තම පාසැල් දරුවන්ට කිරීමටද අවකාශ ලබා දීම විශේෂත්වයකි. එහිදි එම මොහොතේ විනාඩි 2ක් පමණ කාලයකදි අදාල මෘදුකාංගය භාවිතයට හුරුවීම මඟින් පාසැල් දරුවන්ට කෙටි පාඩමක් කිරීමට පාසැල් ගුරුවරු සමත් වූහ. ප්‍රදර්ශනකුටියට පැමිණි පාසැල් ගුරුවරයෙක් පැමිණ සිටි පාසල් ළමුන් ඇතුලු පිරිසට Kalzium මෘදුකාංගය භාවිතයෙන් රසායන විද්‍යාව පිළිබඳ කෙටි පාඩමක් කරමින්... පාසැල් දරුවන් සඳ...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...