Skip to main content

Posts

Showing posts with the label Google

2010 වසර සඳහා නිවාඩු සිංහලින්

ඔබේ විද්‍යුත් තැපැල් මෘදුකාංග සඳහා එක් කරගැනීමට හැකි ආකාරයෙන් 2010 වසර සඳහා ශ්‍රී ලංකාවේ නම් කර ඇති නිවාඩු පහත සැබැඳියෙන් ලබා ගත හැක. මීට සුලු මොහොතකට පෙර Mozilla ව්‍යාපෘතියට ලබා දුන් අතර, එම ics ගොනුව ඔබේ අනෙකුත් මෘදුකාංග සමාගම් විසින් සකස් කළ දිනදර්ශන මෘදුකාංග සඳහාද එක් කරගත හැක. 2010 වසර සඳහා නිවාඩු: http://snavin.fedorapeople.org/SriLanka_Calendar2010.ics ගුගල් කැලැන්ඩරයද පහත ආකාරයෙන් ඔබට භාවිත කළ හැක :) මෙන්න කේතය.. <iframe src="http://www.google.com/calendar/embed?src=7cgdoobatsun57all6rms3gd1s%40group.calendar.google.com&ctz=Pacific/Auckland" style="border: 0" width="800" height="600" frameborder="0" scrolling="no"></iframe> ගුගල් දිනදර්ශනයට යන්න http://bit.ly/85LMWB දන්න කෙනෙක් ඉන්නවා නම් 2011 සඳහා නිවාඩු දෙන්න. මොකද 2010 සහ 2011 එකවර යාවත් කරන්න පුලුවන්.. ඒවගේම මෙම දිනයන්ගේ කිසියමක් දෝෂයක් ඇති නම් හැකි ඉක්මනින් දැන් වීමට කාරුණික වන්න.

Search Engine Market Share

Google reached 81.2% of Search Engine Market Share. [1] Search Engine Market Share [2] Top Search Engine Share Trend

Google Chrome Takes Off “Beta” Label

via googleblog " Since we first released Google Chrome, the development team has been hard at work improving the stability and overall performance of the browser. In just 100 days, we have reached more than 10 million active users around the world (on all seven continents, no less) and released 14 updates to the product. We're excited to announce that with today's fifteenth release we are taking off the "beta" label! Google Chrome is a better browser today thanks to the many users who sent their feedback and the many more who enabled automatic crash reports, helping us rapidly diagnose and fix issues. Some of the areas where we've made great progress include: ........"

සිතන්නට යමක්....

ගුගල් වෙතින් එන පහත තොරතුරු අනුව ඔබට මොකද හිතෙන්නේ? මේක ක්ලික් කර බලන්න ලංකාවේ අයත් දැන් සෙවුම් භාවිතය හොදමට්ටමකට කරනවා නේද? කෙනෙකුට ඒක වැඩකට ඇති දෙයක් ලෙස නොපෙනුනත් දැන් බලන්න සිංහල වචනයක් යොදා සොයන අයත් ඉන්නවා... මේක ඇත්තටම හොඳ ප්‍රවනතාවයක්, සිංහලින් ලිවීම වගේම සිංහලින් සෙවීම. :) තවත් දෙයක් පසුගිය 11 දා පැමිණීමට නියමිතව තිබු ෆයර්ෆොක්ස් 3.0.2 අද නිකුත් වනවා. එපමණක් නොවේ, අද සිට සිංහල නිකුතුව තවදුරටත් බීටා නිකුතුවක් නොවනු ඇත. සහාය දුන් සැමට තුති!

Google [Chrome] & Mozilla [Firefox]

Google නව වෙබ් ගවේශකයක් නිකුත් කිරීම Mozilla සඳහා තර්ජනයක්ද? එය අපට දැන්ම කිව නොහැකියි. දැනට පවතින සහයෝගිතාවය මෙම ලිපිය කියවන ඔබට මැනවින් වැටහෙන ඇතැයි මා විශ්වාස කරමි. [නමුත් තර්ජනයක් වනවාද නැද්ද යන්න රදා පවතින්නේ Mozilla ඉදිරියේදි ක්‍රියාත්මක වන ආකාරය අනුවයි] නමුත් මෙය නවතම තාක්‍ෂණික සොයාගැනීම් කරා Mozilla තවත් වෙගත්ව ඉදිරියට යැවීමට පෙළබවීමක් විය හැක. කෙනෙක්ට තරගයේ රැදි සිටිමට නම් තම හැකියාවන් තරගය පුරා තබාගත යුතු වේ. Google විසින් Mozilla මිලදි ගනිවිද? නැත! Google මොසිලා ගැනීම කළ නොහැක්කක්. Mozilla කිසිදු දිනෙක විකිනෙන්නේ නැත. ඇත්තටම Google විසින් Chromw ව්‍යපෘතිය ආරම්භ කළේ මෙම හේතුව නිසයි. ;-) [අපි නොදන්න Live] ලාභ නොලබන ආයතනයක් ලෙස Mozilla ආරම්ඹ කළේ කිසිම ආයතනයකට එය මිලදිගත නොහැකි වීමටයි. Google හි අරමුණ ලාභ ලැබීමයි. එමනිසා එය කිසිසේත්ම Mozilla වෙතට පිවිසෙන්නේ නැත. 1990 දි Netscape ආයතනයට Microsoft වෙතනින් තදබල පහරක් වැදුනා. එවකට Netscape ආයතනයේ සිටි Mitchell Baker සහ Brendan Eich විසින් Mozilla ව්‍යපෘති ඇරඹූයේ Netscape සහ Microsoft අතර ඇති ගැටුමත් මතකයේ තබා ගෙනයි. මෙහිදි ඔවුන් ...

Chrome නිසා IE ට තවත් තර්ජනයක්!

නුදුරු දිනයකදි නිකුත් වීමට නියමිත Chrome වෙබ් ගවේශකය IE වලට අනිවාර්යෙන්ම තර්ජනයක් වනු නොඅනු මානායි. මෙය අපි කවුරුත් දන්න Google ගේ වැඩක්. එමෙන්ම Chrome එන්නේ විවෘත මෘදුකාංගයක් ලෙසයි. ඇයි මේක අනිත් ගවේශක වලට තර්ජනයක් නැද්ද? දැනට වෙළඳපොල තත්වය අනුව IE හි අගය 80% කටත් වඩා අඩුවීමට පසුගිය ජුනි මස 17 දින නිකුත් වූ Firefox 3 බලපැ බව නොරහසකි. IE හි මෙම වෙළඳපොල පවතින්නේ එය MSFT මෙහෙයුම් පද්ධති සමඟ පෙරනිමියෙන් ලැබීම නිසයි. කෙසෙ වෙතත් අනතර්ජාය භාවිත කරන්නගේ වඩාත් ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය වන ගුගල් ලබාදෙන මෙම අවස්ථාවෙන් IE හි ආධෛපත්‍ය බිදවැටෙන අතර ෆයර්ෆොක්ස්, ඔපෙරා සහ සෆාරි යන ගවේශක සඳහා ඇති වන බලපෑම එතරම් නොවේ බව මගේ පෞද්ගලිකව විශ්වාසයයි. තවත් දෙයක්, Mozilla හට මුදල් දෙන ප්‍රධානතම පාර්ශවයක් වන්නේ Google, Google සෙවුම පෙරනිමිය ලෙසට පැවතීම සහ Google සෙවුම් දැන්වීම්. ඉතින් බලමු වෙන්නේ මොකද කියලා. අනාවැකි කියන්න තවමත් කල් වැඩියි! කෙසෙ වෙතත් පසුගිස මොසිලා සමුලුවේදි ඉතාමත් ආකර්ශනිය පර්යේශන ඔවුන් පෙන්වා සිටියා. ඉතින් තවත් ගවේශකයක් කරලියට ඒම IE ආධිපත්‍ය බිද වැටීමටත් පරිශීලකයන්හට උපරිම සේවාවක් විවෘත මෘද...