Skip to main content

Posts

Showing posts with the label හන්තාන

බිංගන්තලාව සාගලපුර වෑයම - පළමු අදියර

මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය. ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය. මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ "සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල. වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්." ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි. ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනය...

උපන්දින දෙකක් සමඟ හන්තාන 19

මීට වසර 30කට පෙර එනම් 1983 සැප්තැම්බර් මස 27දින රිචර්ඩ් ස්ටෝල්මන් විසින් ආරම්භ කළ GNU ව්‍යාපෘතියෙ 30වන උපන්දිනයද, 2009 සැප්තැම්බර් මස 19 දින හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 4වන උපන්දිනයද සමරමින් හන්තාන නවතම නිකුතුව මේ දැන් නිකුත් විය. හන්තාන ගැන කතාව පැත්තකින් තියල කෙටියෙන් කියන්න දෙයක් තියෙනව දැන්. :) ඔබ සියලු දෙනා දන්නා පරිදි ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද අලි ඇතුන්ට විශාල තර්ජනයක් තියෙනව. විශේෂයෙන්ම ඇතුන්ගෙ දළ කැපීම, මිනිසාගෙ කාර්යයන් සඳහා අලි ඇතුන් ලබා ගැණීම, ඔවුන්ගේ ස්වාභාවික නිජබිම් වලින් දුරස්කර මිනිසාගේ පුද්ගලික වැඩ (කොටන් අදින්න, මිනිසුන් ප්‍රවාහනයට.. ) සත්ව උද්‍යාන වල මිනිසා වෙනුවෙන් සන්දර්ශන ඉදිරිපත් කිරීමට යනාදි නොයෙකුත් ක්‍රියාවන්ට මෙන්ම ස්වාභාවි වන විනාශය නිසා අලින් ගම් වැදිමෙ සිදුවන අලි මිනිස් ගැටුම්ද ඔවුන්ගෙ පැවැත්මට බලපාන සාධකයක්. සාමාන්‍යන් අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලි ලස්සනයි කියල බොහොදෙනා පිළිගන්න දෙයක්. ඒවගේම ලංකාව වගේ රටවල සංස්කෘතිකමය අගයකුත් අලි ඇතුන්ට තිබෙනව. ඉතින් මෙහෙම වටින කියන සතෙක් ඉදිරි අනාගතයේදි මේ මිහිතලයෙන් වඳවී යන්න හැකියාවක් අපේ මිනිස් සමාජයේ අකට...

හන්තාන ලිනක්ස් මත ජුම්ලා ස්ථාපනය

මෙම සටහන Fedora/CentOS/RHEL මත ජුම්ලා ස්ථාපනයට භාවිත කළ හැක. පරිගණකයට පිවිසිමේන් අනතුරුව ටර්මිනල් එක විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න. [danishka@localhost ~]$ cd Downloads/ [danishka@localhost Downloads]$ wget http://joomlacode.org/gf/download/frsrelease/18323/80368/Joomla_3.1.1-Stable-Full_Package.zip   ජුම්ලා නවතම නිකුතුව අවශ්‍ය නම් පහත සබැඳිය භැවිත කළ හැක. http://www.joomla.org/download.html මෙම ස්ථාපනය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබේ පද්ධතියේ apache, php සහ mysql ස්ථාපනය කර තිබීම අවශ්‍ය වේ. හන්තාන 14 නිකුතුවේ සිට සියලුම නිකුතුවන් පෙරනිමියෙන්ම apache, php සහ mysql ඇතුළත් වේ. නමුත් වෙනත් පද්ධතියක් සඳහා ස්ථාපනය කරන්නෙ නම් පහත විධානය ලබා දෙන්න. root පරිශීලක ලෙස පිවිසීමට su  විධානය ලබා දෙන්න. [danishka@localhost ~]$ su Password: [root@localhost danishka]# yum -y install httpd php mysql mysql-server php-mysql හන්තාන ලිනක්ස් පද්ධතිය තුළදි ඉහත දැක්වෙන විධානය ලබා දීම අවශ්‍ය නොවේ පහත විධාන මඟින් mysql සහ apache සේවාවන් ඇරඹීම සිදුවන අතර පරිගණකය ආරම්ඹ කිරීමේදි ස්ව...

සාගල පුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ වැඩසටහන – 2013 මැයි මස 18 දිනට මූල්‍ය තත්වය

හන්තාන පාසල් විද්‍යාගාර වැඩසටහන යටතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ වළපනේ අධයාපන කළාපයේ දුෂ්කර පාසලක් වන සාගල පුර විදුහලට පරිගණක පහකින් සහ අවශ්‍ය අනෙකුත් උපාංග වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ ව්‍යාපෘතිය අපි දැනටමත් ආරම්භ කර ඇත. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 260,000 වන අතර මේ වන විට රු. 80,000ක මුදලක් එක් රැස් කර ගැනීමට හැකි වී ඇත. එයින් රු. 52,000 ක මුදලින් එක් පරිගණයක් මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී එම පරිගණකය සාගල පුර විදුහලේ සිසු දරු දැරියන්ගේ අධයාපනය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට සහය වීම සඳහා පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. ඉතිරි පරිගණක හතර සහ අනෙකුත් උපාංග අප වෙත මුදල් ලැබෙන ආකාරය අනුව මිළදී ගෙන පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු දෙමු. තවද පරිගණක සියල්ල එකවර ලබා දිමෙන් තොරව  මුදල් සූදානම් වූ විගස අදාල පරිගණ ලබා දීම සිදු කරන බව කරුණුවානෙ සලකන්න. එනම් මීළඟ රු25,000 ලැබුණු විගස දෙවන පරිගණකයද ලබා දෙනු ඇත. රු. 80,000ක මුදල එක් රැස් කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ නම් පහත සඳහන් වේ. හර්ෂණ...

බිංගන්තලාව සාගලපුර විදුහලට උදව් දෙන්න ඔබටත් ඇරයුම්

මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ,  සාගලපුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය පරිගණක 5ක් සහ අවශ්‍ය අනෙකුත් දෑලබා දිමටත්සාහයක නියැලෙනව.  නව පරිගණක උපාංග එකලස් කර තැනෙන පරිගණක 5ක් මුල් අදියරේදි ලබා දීමයි අපෙ අරමුණ. මේ සදහා Core i3 Processor 2GB RAM 500GB HDD LED Display Keyboard/Mouse  (UPS රහිතව)  මහනුවර ආයතනයකින් රුපියල් 52,000ක මුදලකට ලබා ගත හැකි බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතුල හේරත් මහතා දන්වා සිටිනවා. මධ්‍යම පලාතේ දුෂ්කර පෙදෙසක තියෙන පාසලක් නිසා ප්‍රවාහන පහසුකම් ගැනත් අපි හිතුව. නමුත් මේ සඳහා මීට අඩු මුදලකට ගුණාත්මක උපාංග සහිතව පරිගණක ලබා ගැණීමට උදව් කළ හැකි අයෙක් වෙතොත් අතුල හේරත් මහතාව අමතන්න. දැනට ඇස්තමෙන්තුව පරිගණක 5 සඳහා අවම වශයෙන් මුලු මුදළ ලෙස රුපියල් 260,000ක මුදලක් අවශ්‍යව ඇති අතර රුපියල් 40,000ක මුදලක් දැනට සිව් දෙනෙක් (එක් අයෙක් 10,000) ලබා දීමට පොරොන්දු වී ඇත. ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණ...

හන්තාන පාසැල් පරිගණක ව්‍යාපෘති ප්‍රගති වාර්තාව : 2012 මාර්තු 22

01 වන ව්‍යාපෘතිය:  වලපනේ අධ්‍යාපන කලාපය, මධ්‍යම පලාත මෙය අප විසින් පළමුවෙන්ම දියත් කිරිමට නියමිතවු පාසැල් විද්‍යාගාරය වන අතර එහිදි අප නව පරිගණක ලබා දීමට පොරොන්දු චිය. නව පරිගණක ලැබුනු විගස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ හැක. මෙම විද්‍යාගාරය සඳහා පාසැල තුළ සුදුසු ඉඩක් තිබෙන අතර ප්‍රදේශයේ දේශපාලනඥයකු විදුලි සැපයුම ලබා දීමට පොරොන්දු වී ඇත. සාරාංශය: ව්‍යාපෘතිය ඇරඹීමට අවශ්‍ය නව පරිගණක ගණන 5 කි. සටහන: නව පරිගණක 5ක් හැකි ඉක්මනින් අවශ්‍යව ඇත. සම්බන්ධීකාරක: අතුල හේරත්  071 8-217443 02 වන ව්‍යාපෘතිය: මලල්ගොඩ සිරි සීවලි ප්‍රාථමික විද්‍යාලය, අහංගම, (ගාල්ල අධ්‍යාපන කලාපය) දැනට එක් පරිගණකයක් මගින් ක්‍රියාත්මක වේ. සිංහල අවුරුද්දෙන් පසුව තවත් භාවිත කළ පරිගණක 3ක් එක් කිරිමේ හැකියාව ඇත. සටහන: 2012 මාර්තු 21 වන දින මෙම පාසැල නිරීක්ෂණයට  ආසියානු සංවර්ධන බැංකු නිළධාරින් සමග  පලාත් අධ්‍යාපන කාර්යයාලයේ නිළධාරින් එක් විය. වෙනත් අවශ්‍යතා: විදුලි රැහැන් ඇදීමට සහ පරිගණක ජාලකරණය සඳහා උපකරණ අවශ්‍යව ඇත. සම්බන්ධීකාරක:  බන්දුල පුෂ්පකුමාර 0716-146331 03 වන ව්‍යාපෘතිය: දෙකටන ප්‍රාථමික ...

දැයට කිරුල ප්‍රදර්ශනයේදි නිදහස් සහ විවෘත මෘදුකාංග සඳහා උණුසුම් ප්‍රතිචාර!

දැයට කිරුළ 2012 අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සහ හන්තාන ලිනක්ස් ප්‍රජාව එක්ව සංවිධානය කළ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුවත් කිරිමේ වැඩසටහන් මාලාව පෙබරවාරි මස 7 සහ 8 දෙදෙන තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ප්‍රදර්ශන කුටිය තුළ දි සිදු කරන ලඳි.   ICTA ආයතනයෙන් තෑග්ගක්.. මේ සඳහා අති විශාල පිරිසක් එක් වූ අතර සහභාගි වුවන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණි. පාසල් ළමුන්, ගුරුවරු, දෙමාපියන් මෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශවල රැකියාවන්හි නියුතු කොටස් මෙම වැඩසටහන සමඟ එක් විය. මෙම වැඩසටහන අතර තුළ දි පාසැල් ගුරුවරුන් සඳහා හන්තාන ලිනක්ස් පද්ධතියේ ඇති අධ්‍යාපනික මෘදුකාංග භාවිතයෙන් කෙටි පාඩමක් තම පාසැල් දරුවන්ට කිරීමටද අවකාශ ලබා දීම විශේෂත්වයකි. එහිදි එම මොහොතේ විනාඩි 2ක් පමණ කාලයකදි අදාල මෘදුකාංගය භාවිතයට හුරුවීම මඟින් පාසැල් දරුවන්ට කෙටි පාඩමක් කිරීමට පාසැල් ගුරුවරු සමත් වූහ. ප්‍රදර්ශනකුටියට පැමිණි පාසැල් ගුරුවරයෙක් පැමිණ සිටි පාසල් ළමුන් ඇතුලු පිරිසට Kalzium මෘදුකාංගය භාවිතයෙන් රසායන විද්‍යාව පිළිබඳ කෙටි පාඩමක් කරමින්... පාසැල් දරුවන් සඳ...

දැයට කිරුළ ප්‍රදර්ශනයේදි හන්තාන සමඟින් විදින්න නිදහස...

64 වන නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේදි පැවැත්වෙන "දැයට කිරුල 2012" අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයේදි ,නිදහස් සහ විවෘත මෘදුකාංග සහ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පිළිබඳ දැණුවත් කිරීම සඳහා හන්තාන ලිනක්ස් කණ්ඩායම පෙබරවාරි 7 සහ 8 දෙදින තුළ ,දැයට කිරුල භූමියේදි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සහයෝගීත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහි දී , එකවර සිය දෙනෙකුට සහභාගි විය හැකි දේශන මාලවන් පැවැත් වීම, පරිගණක තුළ ස්ථාපිත නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට අවස්ථාව ලබා දීම මෙන්ම තමන්ට ඇති ගැටලු පිළිබඳ විමසීමටද අවකාශ ලැබේ. දේශන මාලාවන් තුළදි පහත මාතෘකා පිළිබඳ දැණුවත් කරනු ලැබේ. නිදහස් සහ විවෘත මෘදුකාංග අධ්‍යාපනය සඳහා නිදහස් සහ විවෘත මෘදුකාංග හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති සඳහා දායක වීම ICTA ආයතනය මඟින් දියත් කළ සහ අනුග්‍රහය දැක් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුම ලබා ගැනීම සඳහා දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ ඇති ICTA ආයතනයේ ප්‍රදර්ශන කුටියට පෙබරවාරි මස 7 සහ 8 දිනයන් තුළ ප...

Hanthana Linux Download stats from the Sourforge.net

Here is the download statistics from the SourceFourge for the period of 1st  of  January 2012 to 25th of January 2012. The total downloads for the period was 263 while Philippines listed as the leading country with 20% of downloads. List of Top downloading countries for the last 25 days Country Downloads 1. Philippines 48 2. Sri Lanka 41 3. Israel 27 4. Canada 26 5. Germany 23 6. United States 23 7. United Kingdom 10 8. Italy ...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

උතුරු මැදපලාතේ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ වැඩසටහන්

පසුගිය මාස දෙක තුළ ලංකාවේ විශාලතම පලාත වන උතුරු මැද පලාතේ ලිනක්ස් භාවිතය නැන්වීම සඳහා වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තබුත්තේගම සහ මැදවච්චිය අධ්‍යාපන කලාප සඳහා ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ දිඹුලාගල අධ්‍යාපන කලාප සඳහා ද හන්තාන ලිනක්ස් භාවිත කරමින් විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ දෙදින පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා අදාල කලාප අධ්‍යාපන කාර්යයලාවල සහාය ඇතිව එම ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්තකව නිමා විය. අනුරාධපුර දිස්ත්‍රික්කය :   තඹුත්තේගම අධ්‍යාපන කලාපය දිනය  : 2011 මැයි මස 20 හා 21 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා ස්ථානය : එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලය සම්බන්ධීකරණය :- තුසිත කුමාර මහත්මා    කැබිතිගොල් ලෑව අධ්‍යාපන කලාපය දිනය  : 2011 ජුනි මස 08 හා 09 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා ස්ථානය : මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මැදවච්චිය සම්බන්ධීකරණය :- ලයනල් මහත්මා පොලොන්නරුව දිස්ත්‍රික්කය : හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය දිනය  : 2011 ජූලි මස ...

සවුත්ලන්ඩ්ස් බාලිකාවෝ හන්තාන ලිනක්ස් ප්‍රජාවට එක් වෙති!

පසුගිය 2011 ජනවාරි මස 25 දින සිට 29 වැනි දින දක්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 125 වැනි සැමරුමට සමගාමීව පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී එම විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය හන්තාන ලිනක්ස් හදුන්වාදීමට කටයුතු කළේ ය. මෙහි දී හන්තාන ලිනක්ස් 14.5 DVD තැටි 300කට වඩා ප්‍රදර්ශනයට පැමිණි අය අතරේ නොමිලේ බෙදා දීම ද විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශන කුටියට පාසැල් සිසුන්, රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවය කරන අයට අමතරව ගාලු කොටුව ආශ්‍රිත කටයුතුවල නියැළි ඕලන්ද ජාතිකයෝ ද පැමිණියහ.  මෙලෙස පළමු දිනයේ පැමිණි හෙල්මර් නම් වූ ඕලන්ද වැසියා ඔහු ලබාගත් හන්තාන ලිනක්ස් පිටපත ස්ථාපනය කළ පරිගණක යන්ත්‍ර 8ක් ශී ලංකාවේ පාසැලකට එවන බව කියා සිටියේ ය. මීට පෙර කිසිදු දිනෙක ලිනක්ස් භාවිත නොකළ සිසුවියෝ දස දෙනෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් ම පවත්වනු ලැබූ එක් දින වැඩසටහනකින් ලද දැනුමෙන් සන්නද්ධ ව මෙසේ ප්‍රදර්ශන කුටිය තුළ ගාලු පුවරයේ ජනයාට නිදහස් සහ විවෘත මෘදුකාංග හඳුන්වාදීමේ යෙදුණහ. පාසැලක් මෙසේ නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දෙමින්, හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ප්‍රජාව අතරට ගෙනයාම හන...

Hanthana Linux for all ~

Hanthana Linux is an easy to use operating system in a environment with less or no internet facility. A lot of applications to be used to aid in school curriculum are included. Applications to study periodic table, planetary behaviour and astronomy as well as to generate 2D and 3D graphs, to solve equations are there in Hanthana Linux. Nevertheless, educational games, applications to design and simulate circuits, GNUoctave which is an alternative to MathLab for statistics and wine in case to run a .exe file and many more comes by default. It is significant that programming languages and tools like C++, Python, PHP, Ruby on Rails, OpenJDK, Apache web server which is widely used throughout the world, MySQL for database management and NFS and SAMBA servers for Network File Sharing services are also included. Although the threats from virus are less in Hanthana Linux as in any other linux based system, you can enable SELinux (Security Enhanced Linux) security management facility if y...

අධ්‍යාපනික කටයුතු සඳහා හන්තාන ලිනක්ස්

හන්තාන ලිනක්ස් යනු අන්තර්ජාල පහසුකම් අවම හෝ රහිත පරිසරකය සිට අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කළ හැකි පහසු මෙහෙයුම් පද්ධතියකි. පාසැල් විශය නිර්දේශයට උපකාරක ලෙස භාවිත කළ හැකි මෘදුකාංග රැසක් මෙහි ඇතුලත් කර ඇත. ආවර්තිතා වගුව, සෞරග්‍රහ මණ්ඩලය සහ තරු රටා අධ්‍යයනය සඳහා  මෙන්ම, ද්විමාණ සහ ත්‍රිමාණ ප්‍රස්තාර නිර්මාණය සහ සමීකරණ විසදීම සඳහා ද මෙහි මෘදුකාංග ඇත. අධ්‍යාපනික ක්‍රීඩා වලින් ද සමන්විත මෙහි ඉලෙක්ට්‍රොනික පරිපත සැලසුම් කරණයට සහ නිර්මාණයට අවශ්‍ය සමාකෘති (simulators) සහ මෙවලම් ද, සඛ්‍යානය සඳහා අවශ්‍ය MathLab මදෘකාංගයට ආදෙශකයක් වන GNUoctave මෘදුකාංගය ද, අවශ්‍ය විටෙක .exe ගොනු භාවිත කිරීම සඳහා wine මෘදුකාංගය ද අඩංගු කර ඇත. මීට අමතරව පරිගණක ක්‍රමලේඛනය සඳහා භාවිත කරන C++, Python, PHP, Ruby on Rails, OpenJDK මෙන්ම ලොව බහලුව භාවිත කරන Apache වෙබ් සේවා දායකය, MySQL දත්ත සමුදාය කළමණාකරන සේවාදයකය, ජාලය ගොණු කළමනාකරණයට අවශ්‍ය NFS සහ SAMBA සේවාදායක යනාදිය ද මෙහි අඩංගු වීම සුවිශේෂී කරුණකි. අවශ්‍ය නම් මෙහි අඩංගු වන SELinux (Security Enhanced Linux)  ආරක්‍ෂණ කළමනාකරණ පහසුක...

Birth Day @ Police Head Quarters

For the first time I spent the Bday at Sri Lanka Police Head Quarters. :D No worries.. i wasn't a WANTED person. ;-) I have conducted a FOSS workshop for Police Officers and the Civil Staff. The workshop was based Hanthana Linux 14.5, a remix of Fedora 14. After the some of them were installed the H14.5 in their systems. Highly appreciated the kind help rendered by the Deputy Inspector of Police and the ASP attached to the Department of ICT, Sri Lanka Police. This was arranged within a day. :) I did not sent single reply in the day time as the mobile was switched of due security reasons. But it was really productive. Otherwise I have to keep replying to wishes.. ;-) Note: Hanthana Linux 14.5 yet to be upload..