Skip to main content

Posts

Showing posts from April, 2011

සිංහල සහ හිංදු අලුත් අවුරුද්දට දැනුම බෙදමු!

මිතුරු මිතුරියනි, ඔබේ නිවසට පැමිනෙන දරුවන්ට මේ අලුත් අවුරුද්දේදි දැනුම බෙදා දීම කෙරෙහි අවදානය යොමු කරවන්නයි මේ කෙටි සටහන. පාසැල් යන ළමයිට අවශ්‍ය උපකාරක දැණුම් පොත් මෙන්ම නවතම පරිගණක අත්දැකීමක් ගෙන දීමට හැකි ලිනක්ස් සංයුක්ත තැටියක් වුවද දීමට හැක. DVD තැටියක් රුපියක් 25 පමණ ඉතා සුලු මුදලක් වුවද එමඟින් දරුවන් ලබන දැණුම මිළ කළ නොහැක. දැනට ආදායම් නොලබන විශ්ව විද්‍යාල සිසුවෙකුට වුවද තමා වටා සිටින හිතමිතුරන්ට මෙලෙස තැග්ගක් දීමට හැකියාවක් ඇත. :) සැමට ප්‍රීතිමත් සිංහල සහ හිංදු අලුත් අවුරුද්දක් වේවා!

කැන්ටබරි ව්‍යාපෘතිය

බලපත්‍ර සහිත මෘදුකාංග විසින් නිදහස් සහ විවෘත මෘදුකාංග මත පදනම්වන ලිනක්ස් ව්‍යාපෘතිවලට කරන ඔච්චමක්නේ එකට වැඩ කරන්න බැ එකයින එක. ඔන්න දැන් Debian , Gentoo, Grml , openSUSE සහ Arch Linux කට්ටිය එකතුවෙලා අලුතින් ව්‍යාපෘතියක් පටන්ගන්නවා. මේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නම Canterbury. මෙහිදි "Canterbury Package Manager" පැකේජ කළමණාකරනය සඳහා භාවිත කිරිමට යන්නේ cant :D cant දැනටම ArchLinux මත භාවිත වන අතර මුල් අවදියේදි cant search , cant install හෝ cant remove ලෙස අනෙකුත් මෙහෙයුම් පද්ධති වලද භාවිත කළ හැකි වන අතර ඉදිරියේදි වඩා වැඩි ගුණාංග එක්වනු ඇත. මීළඟ මිරර් කිරිමේදි Debian හරහා cant භාවිතයට පැමිනෙයි. මීට පෙර ද Fedora සහ OpenSuse අතර මෙන්ම  Mozilla සහ Google අතර එකාබද්ධ කටයුතු පැනතුණි. පොඩි කොස්සකට තියෙන්නේ මේකෙ නිළ නිවේදනය ආවේ ඊයේ නිසා ;-) Arch ලිනක්ස් වගේ තාක්‍ෂණිකව සරලව, Debian වගේ ස්ථායි, Gentoo වගේ ආහන්‍ය, Grml වැනි ශක්තිමත් සජිවී රාමුවක් සහ  openSUSE මෙන් විවෘතව සිතන පද්ධතියක් ලෙස කැන්ටබරි කරලියට එනු ඇතැයි මෙහි නිර්මාපකයෝ පවසයි.