google talk ලිනක්ස් මතදි හඬ සහ විඩියෝ මගින් සංවාදයේ යෙදිමට අවස්තාව දෙන්නේ නැනේ. ඒ වගේම ගොඩක් අයට pidgin කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් pidgin සහාය දක්වන Jabber, Gtalk, MSN, IRC, Salut ඔක්කොම සහය දක්වන මෘදුකාංගයක් මේ. Empathy අපි කව්රුත් දන්න Gnome ව්‍යපෘතිය යටතේ 2.24 වෙළුම එක්ක නිකුත් උනේ. දාලා බලන්න. Fedora එක්ක මේක එනවා. yum install empathy ඊට පස්සේ තමන්ට අවශ්‍ය විදියට Google, yahoo සහ MSN ගිණිම් පිහියුවා ගන්න. :) මේක දාන්න වෙනත් තෙවන පාර්ශික මෘදුකාංග අවශ්‍ය නැ. Wine වත් අවශ්‍ය නැ. ලොකු ලොකු හැඩ වැඩ නැති උනාම අවශ්‍යම දේ තියෙනවා. gtalk voice/Video තියෙන එක ලොකු දෙයක්. ඇත්තටම සිම්පල්... :) එත් සිංහල හොඳට ලියන්න සහ කියවන්න නම් පුලුවන්. ඊළඟ වෙළුමෙ මෙය සිංහල මුහුණතින් එවි :)