Firefox 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් යළි බ්‍රවෘසරය විවෘත කරන කොට නැ කියන අය මෙම මේ රූපයේ පරිදි When Firefox starts කියන එක "Show my windows and tabs from last time" ලෙස සකසන්න. වින්ඩෝස් පරිගණකයකදී නම් Tools > Options ලෙස පිවිස කවුළුවේ General ටැබ් එකෙන්ද, ලිනක්ස් නම් Edit > Preferences කවුළුවේ General ටැබ් එකෙන් ද මෙම සැකසුම් ලබාගන්න. මෙතෙක් ඇඩෝන කළමණාකරුහමු වි නැත්නම් ඔය කවුළුවේම (Preferences > General)පහළ තිබෙන Manage Add-ons.. බොත්තමත් ඔබලා බලන්න. පහත රූපයේ පරිදි ඉතා පහසුවෙන් ඇඩෝන, දිගුවන් ආදිය කළමණාකරනයට ඉඩ ලබා දී ඇත. තව දෙයක් ෆයර්ෆොක්ස් 4 සඳහා සමහර ඇඩෝන සහාය නොදැක් වීමේ ගැටලුව ඇත්තේ බ්‍රවෘසරයේ නොව අදාල ඇඩෝනයේ කේතරචකයා එහි කේතය අලුත් නිකුතුවල සරිලන ලෙස සැකසීමට පමා වීමයි. සිංහල යුනිකෝඩ් නොවන අකුරු සහිත වෙබ් පිටු දිස් නොවෙන බව පවසන අයට ගැටලුවක් වි ඇති සියබස්ස්ක්‍රිප්ටය ද ඉදිරියෙදි නව නිකුතුවට සරිලන ලෙස නිකුත් වීමට නියමිතයි.