Skip to main content

Posts

Showing posts from February, 2009

අසාර්ථක මෙහෙයුම....

ඔන්න අද උදේ 5.45ට විතර විදුරුවක් කුඩුවෙනවා ඇහුනා. ඒ එක්කම අපෙ ගෙට්ටුවත් ඇරුනා. මම ඊයේ රැ 2.30ට විතර නිදාගත් නිසා නින්දෙන් අවදිවුවත් ගෙට්ටුවේ සද්දේ නම් හිතුවේ උදැසන සහෝදරයා වැඩට යන්න ඇති කියලා. මම එහෙම හිතතද්දි අම්මලා ලයිට් එක දාලා සද්දේ ආවෙ කොහෙන්නද බලන්න. ඊට විනාඩියකින් තමා ගෙට්ටුව ඇරුනේ. ගෙදර අනිත් අය හිතුවේ මාමා ආවා කියලා. ඇත්තටම වෙලා තිබ්බේ හොරෙක් ඇවිත් පිටුපස ජනේලය බිද ඇතුලට ඒමට සැරසීමයි. එත් ලයිට් දාපු නිසා කිසි කලබලයක් නැතිව ගෙට්ටුවත් ඇරගෙනම ගියා. :D මොනවා උනත් සහෝදරයා කලින් ගියෙ නැත්නම් අම්මා ඔය වෙලාට ඔතන ඉන්නවා උයන්න. එහෙම උනා නම් විසී වුනා වීදුරු වලින් තුවාල වෙන්නත් තිබ්බා. මොනවා උනත් ලයිට් නොදැම්ම නම් ඒ මනුස්සයාගේ දත්ටික අපරාදේ. මොකද ජනේලයට සවිකර තිබෙන යකඩ රාමුව ගලවන්න හො කපන්න සුදුසු දෙයක් ගෙනෙල්ලා නැ. කටින් හපන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. පව් :( එක අතකට එයත් හරි. හොරකමේ එන්නේ තියෙන දෙවල් ගෙනියන්නනේ. බඩු අඩුවෙන් එන්න ඔනා නිසා හිස් අතින්ම එන්න ඇති. විදුරුව බිදින්නත් අරන් තිබුනේ අපේ ගෙදරම එලියේ තිබ්බ විදුරු බෝතලයක්. අගුල තියෙන හරිය අනුමාන කරද කොහෙද බිදලා තියෙන්නේ. මේ පිංතූර දෙක

Windows මත KDE

ඔන්න සමහරු දැන් බලයි පරණ ප්‍රවෘතියක් කියන්නේ ඇයි කියලා. ඇත්තටම මේක සඳහන් කරන්නේ නොදන්න අයට දැනගන්න. මෙම ව්‍යපෘතියේ අරමුණ වින්ඩෝස් මත සිට KDE ව්‍යපෘතියට අයත් යෙදුම් භාවිත කිරීමෙ අවස්ථාව පරිශීලකයන්ට ලබාදීමයි. මොකද මෙම ව්‍යපෘතිය මඟින් ලිනක්ස් ස්ථාපනයට අකමැති කෙනෙක්ට KDE පහස ලබන්න පුලුවන්. නිසි බලපත්‍රයක් ඇති වින්ඩෝස් දාපු කෙනෙක්ට ලිනක්ස් වෙත යන්න තරම් තදබල අවශ්‍ය තාවයක් නැත්නම් මේක හොඳ අවස්ථාවක්. දැනට Windows 2000, XP, 2003 සහ Vista මත මෙය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා. තවද ලගදි නිකුත්වූ Windows 7 බීටා නිකුතුව සමඟත් මෙය වැඩ. වින්ඩෝස් සඳහා KDE අවශ්‍ය අයට එය පහත සබැඳිය මඟින් ගන්න පුලුවන්. http://www.winkde.org/pub/kde/ports/win32/installer/kdewin-installer-gui-latest.exe හිටි ගමන් KDE ගැන කියන්න ගත්තේ.................................................... නැහ්.. ඒ ගැන පස්සේ කියන්නම් ;-)

ටෙක්කතා පටිගත කිරීම අතරේ ගුවන් ප්‍රහාර

ඔන්න සුපුරුදු පරිදි අපි ටෙක්කතා 5වන පටිගත කිරීම සඳහා සූදානම් උනා. සියලුම ගැටලූ සහ තොරතුරු සූදානම් කර පටිගත කිරීමට සැරසෙනවාත් සමඟ මලින්ත මල්ලිත් මමත් හැරෙන්නට අපේ කණ්ඩායමේ අනික් අයගේ සම්බන්ධතාවය නැති වී ගියා. විනාඩි 2ක් පමණ අපි කියවා කියවා හිටියා.. අපි මුලින් හිතුවේ සුපුරුදු පරිදි බුද්ධිකට බඩගිනි වෙලා කියලා. ;) මෙය එච්චර දැනෙන සුලු දෙයක් නොවුනත් අපි කෝකටත් කියා කාලිංග ඇමතීමෙදි දැනගත්තෙ කොළඹට විදුලිය විසන්දි කර ඇති බවයි. එත් ඉන්පසුත් මලින්තත් මමත් කතා බහක හිටියත් සුලුමොහොතකින් අප දෙදෙනාගෙත් සම්බන්ධතාවයක් බිදි යාමත් සමඟ ජංගම දුරකතන වලට පින්සිද්ද වෙන්න කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂදේව යහතින් සිටිනා බව දැනගත්තා. ඇත්තටම මේ ගුවන් යානා එන්නේ කොහෙන්ද? කෙසේ වෙතත් යුද්ධය අවසන් වුවත් මීට වඩා විශේෂිත ගුවන් ආරක්‍ෂණ පද්ධිතයක් අපි අවශ්‍ය වෙනවා. වැරදිලාවත් මේක WTC එකට වැටුන නම් සුලුපටු හානියක් නෙමෙ වෙන්නේ. දැන් ඉතින් වැට් හොරුනම් සතුටින් ඇති :D ආ මෙන්න අපේ අය හොදින් ඉන්නවා. අපේ අය දැන් online එත් කාලිංගගේ tax file එක පිච්චිලා නැති එක නම් පාඩුවක්. ;)

Shiretoko Firefox 3.1

ඔබට දැන් Firefox 3.1 හි සිංහල නිකුතුව පීරික්සිය හැක. මේවන විට බීටා 3 නිකුත් වී ඇති අතර නුදුරු දුනයකදි අවසන් නිකුතුව ලබාගත හැක. Firefox 3.1 බීටා 3 ලබා ගැනීමට වින්ඩෝස් | ලිනක්ස් | මැක් භාවිත කර සිංහල පරිවර්තනයේ දෝස් ඇත්නම් දන්වාසිටීමට කාරුණික වන්න. නවතම නිකුතුවේ ඇති දෑ... Tag Autocomplete Bulk tagging support Awesomebar improvements (control, privacy) Performance improvements Enhanced compatibility checking during upgrades - addons Plugin blocklist fixes - addons Basic tab switch preview Better default controls for video Software updater, permissions fixes Password Manager to mozStorage Performance improvements Theme cleanup SSL error pages improvements Private browsing mode Improvend CMS performance Aero Glass support in chrome on Vista downloadable fonts HTML5 Canvas Text API HTML5 Canvas Shadows API HTML5 Canvas CreateImageData Rendering video to canvas Node iterator HTML5 drag-drop API Cross-site XHR ElementTraversal script defer CSS3 text-shadow CSS3 box-shadow CSS3 column-rule CS

Visualized Budget 2009

Have a look on Thailand Visualized Budget Graph for 2009. Source: http://www.flickr.com/photos/isriya/3260815310/sizes/o/

Ubuntu වෙතින් Fedora වෙතට යන ඔබට

ඔබ Ubuntu භාවිතා කරයි නම් ඔබ විධානයක් දීමට පෙරාතුව sudo යොදනවා ඇති. මෙය Fedora මතද එලෙසම භාවිතා වුවද පෙරමිනිමියෙන්ම sudo පහසුකම Fedora ලබා නොදේ. ඒ සඳහා /etc/sudoers ගොනුව සැකසිය යුතුවේ. එය සැකසීමට කිසියම් පෙළ සැකසුම් මෘදුකාංගයක් අවශ්‍යවේ. උදා: vi පෙළ සැකසුම භාවිතා කරයි නම්. vi /etc/sudoers එසේ නැති නම් visudo විධානය පමණක් ලබාදිය හැක. මෙම පියවර දෙකම සඳහාම ඔබ root පරිශීලක හෝ එම බලය ඇති පරිශීලකයකු ලෙස පිවිසි සිටීම අවශ්‍ය වේ. දැන් පහත කොටස එම ගොනුවට එක් කරන්න. [ vi පෙළ සැකසුම සඳහා ලිවීම ඇරඹීමට i අකුරු එබිමෙන් edit MODE එකට පිවිසිය හැක ] danishka ALL=(ALL) ALL (danishka වෙනුවට ඔබේ පරිශීලක ගිණුම් නාමය දෙන්න) දැන් ගොනුව සුරැකීම සඳහා "esc/ESCAPE" යතුර ඔබා edit MODE එකෙන් ඉවත් වන්න. ඉන්පසු :wq ලබාදි ගොනුව සුරැකීමත් සමඟ ඉවත් වන්න. w - write q - quite දැන් ඔබ sudo භාවිත කර විධාන ක්‍රියාත්මක කිරිමෙදි ඔබේ රහස්පදය විමසයි. ඔබට මෙයත් වදයක් නම් ඉහත [ danishka ALL=(ALL) ALL] කොටස වෙනුවට පහත කොටස එක් කරන්න. danishka ALL=(ALL) NOPASSWD:ALL දැ