Skip to main content

Posts

Showing posts from April, 2016

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක් නැති නිසා.  නිමල්ගෙ නංගි නදීශා 8වසරෙ ඉගෙනුම ලබන්නෙ නුවරට ආසන්න මධ්‍යමහා විද්‍යාලයක. ඇය ඉගෙනීමට දක්ෂයි.  සාමාන්‍යන්  කුඹුරට අයියල නංගිල ගියාට වැඩබිමකට අයියල නංගිලා යන්නෙම නැති තරම්. නමුත් නිමල් ඔහු දැනට වැඩ කරන වැඩබිමට තම නංගිවවරක් එක්කරගෙන යනව. ඒ අත් උදව් දෙන්න නම් නෙමෙ. නිමල් එහෙම කරන්නෙ වැඩ බිමේ කටයුතු සිදුවන අයුරු පෙන්වීමට සහ එහි සේවය කරන ඉංජිනේරු මැඩම්ව පෙන්වන්න.  තම නංගිත් කෙදිනක හෝ ඉංජිනෙරු වරියක් වනු දැකීමට ඇති ආසාව නිසා ඇය දිරිමත් කිරීමටයි නිමල් මෙහෙම කරන්නෙ. ඇත්තටම නිමල්ලා තව ගොඩක් සමාජයේ ඉන්නව, ඒ අයගෙන් අපි ඉගෙන ගත යුත්තේ මෙයයි.  ඔබට බාල සහෝදර සහෝදරියෝ නැතත් ඔබටත් පුලුවන් නිමල් කෙනෙක් වෙන්න. කෙනෙක්ට අත දෙන්න තවමත් ඔබ පමා නැ. මෙය සත්‍ය සිදුවීමක් වන අතරම අද උදැසන සිංහල අවුරුද්දට සුබ පතන්නට අකුර හරහා ශිෂ්‍යත්වයක් ලබන දියනිකට සහ ඇගෙ පියාට දුරකතන ඇමතුමක් දුන් විට මට අහන්න ලැබුනු තොරතුරකි. සුබ අලුත්