සිංහල බසින් නිකුත් වන පළමු මෘදුකාංගය ලෙසට Firefox 3.0 අද (2008 ජූනි 17) දින නිලවශයේන Mozilla ආයතනය වෙතින් නිකුත් වූ වගයි. සිංහල ලිවීමට, කියවීමට සහ සිංහල මුහුණත මෙහි ඇති සුවිශේෂත්වයයි. සැමදා අපි ජපන්, චීන පරිගණක දේශියකරණයට ලක්වි ඇති බව එම රට වල සිට පැමිණි ශ්‍රි ලාංකිකයන්ගෙන් සහ වෙනත් තොරතුරු ආශ්‍රයෙන් දැන ගතිමු. ඔව්, දැන් අපිත් එලෙසම සිංහල බසින් පරිගණක භාවිතයට සැරසිමේ එක් සාර්ථක පියවරකි මේ. මෙතෙක් කල් සියලු කටයුතු සඳහා උර දුන් සැමට Firefox ප්‍රජාව වෙනුවෙන් තුති!