Skip to main content

Posts

Fedora 11 and ibus-sayura

ඔබ ෆෙඩෝරා 11 මත සයුර පිහිටුවා ගැනීමට උත්සාහ දැරුවානම් මෙවර Fedora 11 DVD තැටිය මත සයුර සඳහා අවශ්‍ය පැකේජය නොමැති බව දැනටමත් හදුනාගෙන තිබිය හැක. ** මෙම පියවර ibus සහාය ලැබෙන RHEL සහ CentOS මෙහෙයුම් පද්ධති සඳහා ද භාවිත කළ හැක. මෙම ගැටලුව ෆෙඩෝරා සඳහා සයුර පැකේජයෙහි නඩත්තුකරු අතින් සිදුවූ අතපසු වීමක් නිසා සිදු වූ අතර ෆෙඩෝරා ස්ථාපනයෙන් පසුව සයුර ස්ථාපනය සඳහා gnome-terminal හෝ වෙනත් විධාන ලබාදිය හැකි කන්සෝලයක් වෙත ගොස් root පරිශීලක ලෙසට පිවිස yum install ibus-sayura යන විධානය ලබා දෙන්න. නමුත් මෙහිදි ඔබට 'කේ', 'කෝ' වැනි අකුරු ලිවිමේදි තිත් සහිත රවුමක් දිස් විය හැක. එම ගැටලුව ෆෙඩෝරා ව්‍යපෘතියට අනුබද්ධව සිටින සයුර පැකේජයෙහි නඩත්තුකරු විසදා ඇති අතර එය ෆෙඩෝරා මෘදොකාංග මූලය හරහා ඔබට ලැබීමට ටික දිනක් ගතවේ. එතෙක් ඔබට රැදි සිටීමට අපහසු නම් පහත දැක්වෙන පියවර මඟින් විසදා ගත හැක. [root පරිශීලක ලෙසට ටර්මිනලේ වෙනස් වීමට su - ලෙස යතුරුකරණය කර ENTER යතුර ඔබන්න. ඉන්පසු ඔබ මීට පෙර root පරිශීලකට ලබාදුන් රහස්පදය ලබා දෙන්න. මෙවිට මෙතෙක් $ සලකුණින් අවසන්ව තිබූ ප්‍රොම්ට් එක #සලකුණට ...

කලකට පස්සේ!!

ඔන්න ඉතින් කලකට පස්සේ ආයෙත් පුංචි පහේ නිදහස් සහ විවෘත මෘදුකංග ( Free and Open Source Software ) හදුන්වාදිමේ වැඩසටහන් ඉදිරිපත් කෙරුනා බටපොල නවෝද්‍යා පාසැලේදි. පසුගිය මස 26 වැනි අඟහරුවාදා දින එම විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩංගනයෙදි පැවැත් වූ මෙම වැඩසටහන ගයාන් තාරක මල්ලිත් එම විද්‍යාලයේම ගුරුතුමියක වන ඔහුගේ මැණියන්ගෙත් දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. තොරතුරු තාක්‍ෂණ විශයට වගකීමක් එතුමියට විදුහල තුළ නොතිබුනත් ඇය ඇගේ උපරිම දායකත්වය ලබා දීම පැසසිය යුතු කාරණයක්. මේ වැඩසටහන සඳහා බන්දුල පුෂ්පකුමාර ඇදුරු තුමා, කල්ප පැතුම් , වී අමිත්ත, ගයාන් කල්හාර , අනුෂ්ක ලක්මාල් යන අය දායකත්වය ලබා දුන්නා. මෙම වැඩසටහනේදි GNU/Linux (උබුන්ට සහ ෆෙඩෝරා දෙකම) පිහිටුවා ගැනීම, GNU/Linux Desktop, Gnome , Fedora සහ Firefox සිංහල ව්‍යපෘති හදුන්වා දෙන ලදි. පාසැල සවස 12.30ට අවසන් වීම නිසාත් සවස 1.00ට එම ස්ථානයේ ගුරු රැස්වීමත් නිසා වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට සිදු උනා. ඉතින් වැඩසටහනේ තවත් රූප ටිකක් බලන්න ආස නම්..... මෙන්න flickr (ගන්න ඔක්කොම අප්ලෝඩ් කරන්න නම් කම්මැලියි :( ) දැන් ඔන්න ලංකාවේ හොඳම පාසැල් පරිගණක විද්‍...

සාහිත්‍ය.lk

සිංහල යුනිකේතය, අන්තර්ජාල ජනමාධ්‍යකරණය හා සිංහල බ්ලොග්කරණය ප්‍රවර්ධනය අරමුණින් කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය ලොකු සහ හොඳ වැඩකට අතගහලා ඉන්නේ. ඉතින් ඊයේ එනම් මැයි 21 වැනි දින රාජකීය විද්‍යාලයීය සම්මන්තණ ශාලාවේ දී මෙම වැඩසටහන ගැන මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත් වුනා. ඔවුන් දන්වා සිටින පරිදි: අප මව් බස, සිංහල භාෂාව භාවිතෙයන් තොරව අභාවයට යමින් පවතින මෙවන් යුගයක සිය ජාතික වගකීම හඳුනාගනිමින්, වගකීම වෙනුවෙන් කැපෙවමින් කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, දේශයේ අනාගතය භාරගැනීමට දෑස් දල්වා බලාසිටින වත්මන් ශිෂ්‍ය පරපුර තොරතුරු තාක්ෂණය, ජනමාධ්‍යකරණය සහ සිංහල භාෂාව යන ත්‍රිත්වෙයන් සන්නද්ධ කරවමින්. නව ලොවට මුහුණෙදන ශක්තිමත් සිසු පරපුරක් නිර්මාණය කිරීමේ ජාතික වගකීමට මෙසේ කියාත්මක වන වගයි. මෙම අදහස් දැක්වීම සඳහා පහත සඳහන් මහත්ම මහත්මීන් එක්වූහ. අතුල පුෂ්පකුමාර - වැඩසටහන් ප්‍රධානී. සන්නිවේදන හා ජනමාධ්‍ය (ICTA) පියංක ආරියසුමන - ව්‍යාපෘති නිළධාරී (ICTA) උපාලි ගුණෙසේකර - ගරු විදුහල්පති (රාජකීය විද්‍යාලය) ඉන්දා මාදුගොඩ - සිංහල භාෂා හා සාහි...

Test Firefox 3.5 RC1 Sinhala - litmus test

We welcome volunteers to run litmus test for Firefox 3.5 RC1 - Sinhala release. If you interested on running the litmus test please download the Firefox 3.5 nightly build: Linux or Windows or Mac and run the litmus test What is Litmus ? Litmus is the new integrated test case management and QA tool that is designed to improve workflow, visibility, and turnaround time in the Mozilla QA process. Its developed by Mozilla Corp/Mozilla Foundation. If you need any help please read the litmus test help .