Skip to main content

Posts

සුබ නව වසරක් වේවා!

ඔබ සැමට සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! පොඩි ආරංචියකුත් කියන්නම්.. අද සිට OpenOffice සිංහල ව්‍යපෘතිය පිවරක් ඉදිරියට පැමිණි බවද කියන්න කැමතී. මීට පෙර අපි පළවන මට්ටමේ සිටියත් දැන් අපි දෙවෙනි මට්ටම පියවර තබලයි ඉන්නේ. :) http://projects.openoffice.org/native-lang.html

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත. 100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න. ඉන් අනතුරුව " Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතය...

OpenOffice 3.2 QA Workshop 2010 - Sri Lanka

It was a great pleasure to have the first QA event of the OpenOffice.org Sri Lankan Community and the first gathering of the community. Event was held at The ICTA Auditorium from 8.30AM to 4.00 PM (+5.30GMT) on 25th March 2010. Contributors: Kalpa Pathum Gayan Kalhara Prabath Galagamage Bandula Pushpakumara Bandula Ranathunga Dasun Lokuhetti Gayan Tharaka Rajeen Pranna Chanaka Madushan Anushka Lakmal Prabash Rajarathne + /me The team consisited of school students, university students, school teacher, government and private officials and software developers. These people were selected based on the first come first serve basis. The first 12 people who replied to the mail I sent to the openoffice-lk mailing list were given the chance. Wasantha Deshapriya (Director- Government Re-Engineering), Sujith Jayasooriya, Mahesh Kooragama and Sameera Shakunthala (Intern) who were from ICTA also joined to the team. Booting up... Introduce yourself :) Prabash is introducing himself Let's star...

2010 වසර සඳහා නිවාඩු සිංහලින්

ඔබේ විද්‍යුත් තැපැල් මෘදුකාංග සඳහා එක් කරගැනීමට හැකි ආකාරයෙන් 2010 වසර සඳහා ශ්‍රී ලංකාවේ නම් කර ඇති නිවාඩු පහත සැබැඳියෙන් ලබා ගත හැක. මීට සුලු මොහොතකට පෙර Mozilla ව්‍යාපෘතියට ලබා දුන් අතර, එම ics ගොනුව ඔබේ අනෙකුත් මෘදුකාංග සමාගම් විසින් සකස් කළ දිනදර්ශන මෘදුකාංග සඳහාද එක් කරගත හැක. 2010 වසර සඳහා නිවාඩු: http://snavin.fedorapeople.org/SriLanka_Calendar2010.ics ගුගල් කැලැන්ඩරයද පහත ආකාරයෙන් ඔබට භාවිත කළ හැක :) මෙන්න කේතය.. <iframe src="http://www.google.com/calendar/embed?src=7cgdoobatsun57all6rms3gd1s%40group.calendar.google.com&ctz=Pacific/Auckland" style="border: 0" width="800" height="600" frameborder="0" scrolling="no"></iframe> ගුගල් දිනදර්ශනයට යන්න http://bit.ly/85LMWB දන්න කෙනෙක් ඉන්නවා නම් 2011 සඳහා නිවාඩු දෙන්න. මොකද 2010 සහ 2011 එකවර යාවත් කරන්න පුලුවන්.. ඒවගේම මෙම දිනයන්ගේ කිසියමක් දෝෂයක් ඇති නම් හැකි ඉක්මනින් දැන් වීමට කාරුණික වන්න.