4000
ඊයේ ආව ඇමතුමකට අනුව අමාරුකම් තියෙන පවුලක. අවුරුදු 48 දරුවො 3දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ රුධිර නාල කිහිපයක්ම අවහිර වෙලාලු. නමුත් රෝහලේ හදවත් සැත්කම් ලැයිස්තුව 4000 පැනල ලු.
ඒ කියන්නේ හදවත් රෝඟීන් 4000ක් ඉන්න නොපෙනෙන පෝලිමක් තියෙනව. මේ එක ශික්ෂණ රෝහලක පෝලීමක් පමණයි. පුද්ගලික රෝහලකින් සැත්කම කිරීමේන් හෝ ලිස්ට් එකෙ ඉහළින් ඉන්න රෝගියෙක් මිය ගිය අවස්ථාවකදි ඒ වෙනුවට තමන්ගේ නම දාගෙන ඉක්මනින් සැත්කම කරගත්තේ නැත්නම් සමහර විට අදාල රෝගියාගේ අස්ථාව එලැබෙන විට අදාල රෝගිය ජිවතුන් අතර නැති වේවි.
දැන් මේ පෝලිම අඩු කරන්න එක රැයින් බැනේ. ඒකට මෙතෙක් හිටපු සහ දැනට ඉන්න වගකිව යුතු අය ගත්ත පිළියම් මොනව ද කියල මම නම් දන්නේ නැ.
ඔය 4000 ආයතනයක තියෙන ෆයිල් නම් දිවා රාත්රී වැඩ කරල හරි ඒක ඉවර කරගන්න පුලුවන් අමතර මානව සම්පත් දාල. 4000 කියන එක ලොකුවට අපිට දැනෙන්නේ නැත්තේ අපේ නම් තවම ඒ පොළිමට එක් වෙලා නැති නිසා. දැන් මේ පොලිමේ ඉන්න 4000ට ඒ අය කාපු බීපු දේවල් හොයාගෙන බනින එක නෙමේ කරන්න ඔනා අපි කොහොම ද මේ දිගු ලැයිස්තු අඩු කරන්නේ?
ඒ අයට දැනට තියෙන එකම විසදුම පුද්ගලික රෝහලකින් සැත්කම කරගන්න එක. ඒත් ඒ සඳහා යන වියදම දරාගන්න හැකි ද?
කාටහරි බණක් කියන්න බැරිද අසරණයෙක්ගේ බයිපාස් බිලක් ගෙව්වොත්... ලැබෙන පින ගැන හෝ ස්වර්ගයේදි ලැබෙන පහසුකම් ගැන?
මේ රටේ රෝහල් වල මේවගේ පෝලිමක ඉන්න රෝගීන්ගේ පුද්ගලිකත්වය සුරකිමින් ඒ පොලීමේ දිග එලියේ ඉන්න අයට පේන්න දාන්න හැකි, නම් මිනිස්සූ යුටියුබ් විව්ස් මිලියන ගානකට දෙන අවදානය හෝ ක්රිකට් තරගයකදි ලකුණු පුවරුවට දෙන අවදානය ලැබේවි.
Comments
Post a Comment