Skip to main content

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි.

ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි.

අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි.

මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද.
මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු.




අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක්.මේක මතක් වුනේ අද හරියට ඇවිදගන්න බැරි වුන තාත්තව මම එයාගේ පැත්තට හැදිලා පස්සෙන් පස්සට ඇවිදගෙන ආවේ එයාට මගේ කකුල් උඩ කකුල තියාගන්න දීලා, මම එයාගේ කකුලත් උස්සගෙන ඇවිදීම.
වැඩේ පරිස්සමට කලේ තවත් දෙදෙනෙක්ම සහයට හිටි නිසා.

අදත් හෙන දිගු දවසක්.
 ඒත් හැම දේම ලියන්නට පැය 24ක්ම මදි.

හෙට උදේට තාත්ත කතා කරාවි.
මට එහෙම හිතෙනව..
තාත්තා කතා කරනකන් මමත් කතා කරන්නව.

පලි:
හඳවතින් යෝදයෙක් වගේ වෙච්ච බඩි සර් දුන්න ඒ උපදෙස් සහ වචන වල හයිට පිං!


Comments

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...