Skip to main content

Ubuntu වෙතින් Fedora වෙතට යන ඔබට

ඔබ Ubuntu භාවිතා කරයි නම් ඔබ විධානයක් දීමට පෙරාතුව sudo යොදනවා ඇති. මෙය Fedora මතද එලෙසම භාවිතා වුවද පෙරමිනිමියෙන්ම sudo පහසුකම Fedora ලබා නොදේ.

ඒ සඳහා /etc/sudoers ගොනුව සැකසිය යුතුවේ.

එය සැකසීමට කිසියම් පෙළ සැකසුම් මෘදුකාංගයක් අවශ්‍යවේ.

උදා:
vi පෙළ සැකසුම භාවිතා කරයි නම්.

vi /etc/sudoers

එසේ නැති නම් visudo විධානය පමණක් ලබාදිය හැක.

මෙම පියවර දෙකම සඳහාම ඔබ root පරිශීලක හෝ එම බලය ඇති පරිශීලකයකු ලෙස පිවිසි සිටීම අවශ්‍ය වේ.

දැන් පහත කොටස එම ගොනුවට එක් කරන්න.
[ vi පෙළ සැකසුම සඳහා ලිවීම ඇරඹීමට i අකුරු එබිමෙන් edit MODE එකට පිවිසිය හැක ]

danishka ALL=(ALL) ALL

(danishka වෙනුවට ඔබේ පරිශීලක ගිණුම් නාමය දෙන්න)

දැන් ගොනුව සුරැකීම සඳහා "esc/ESCAPE" යතුර ඔබා edit MODE එකෙන් ඉවත් වන්න.
ඉන්පසු :wq ලබාදි ගොනුව සුරැකීමත් සමඟ ඉවත් වන්න.


w - write
q - quite

දැන් ඔබ sudo භාවිත කර විධාන ක්‍රියාත්මක කිරිමෙදි ඔබේ රහස්පදය විමසයි.
ඔබට මෙයත් වදයක් නම් ඉහත [ danishka ALL=(ALL) ALL] කොටස වෙනුවට පහත කොටස එක් කරන්න.


danishka ALL=(ALL) NOPASSWD:ALL


දැන් sudo භාවිත කරන විට ඔබෙන් රහස්පදය විමසීමක් නොකරයි.

ඔබ මෙතෙක් වෙලා වෙහෙස වූයේ ඔබේ පරිගණකය අනාරක්‍ෂි කරගැනීමට බවද සිහිතබා ගැනීම මැනවි.


භාවිතය සඳහා උදාහරණයක්:


sudo service network restart
- විධානයක් මඟින් ජාලය යළි ඇරඹීමට
sudo yum install firefox - yum විධානය මඟින් ෆයර්ෆොක්ස් ස්ථාපනයට

Comments

  1. උබුන්ටු වල ඉඳල ‍ෆෙඩෝරා වෙත යන්න ඕන කම නම් තියෙනවා. ඒ උනාට ‍‍පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මගෙ laptop එක ‍ෆෙඩෝරට එච්චර කැමති නෑ වගේ. logon screen එකේදි stuck වෙනවා. මගෙ තියෙන්නෙ Asus F5RL එකක්. මේකට විසඳුමක් දන්නවනම් කියන්න. ලොකු උදව්වක්...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...