Skip to main content

හැඹිලිගත කරන්න...

සිංහල මහාචාර්යවරු හදුන්වා දෙන හැම සිංහල වචනෙම හරි කියලා දගලන පුංචි පැංචි මල්ලිලාගේ දැන ගැනීම සඳහා මෙසේ පළ කරමි.
මේ cache කියන තාක්‍ෂණික වචනෙට අපේ දේශිය සිංහල පඩිවරු දුන් වචන මේ.

cache සඳහා මෙන්න විකිපිඩීයාවෙ තියෙන අදහස:
http://en.wikipedia.org/wiki/Cache

"In computer science, a cache (pronounced /kæʃ/) is a collection of data duplicating original values stored elsewhere or computed earlier, where the original data is expensive to fetch (owing to longer access time) or to compute, compared to the cost of reading the cache. In other words, a cache is a temporary storage area where frequently accessed data can be stored for rapid access. Once the data is stored in the cache, future use can be made by accessing the cached copy rather than re-fetching or recomputing the original data, so that the average access time is shorter."



තොරතුරු මූලය

Comments

  1. මම දන්න තරමින් නම් ඉස්සර හිටපු කාන්තාවො හැඹිලිය ගොඩක් වෙලාවට තියන් හිටියෙ හැට්ටෙ අස්සෙ හන්ගගෙන.හැඹිලියෙ වැඩි ආරක්ෂාවටත් එක්ක එහෙම කරන්න ඇති.

    ඒ නිසා මේ සිංහල මහාචාර්යතුමා "cache" කියන ඉංග්‍රීසි වචනෙට දීල තියෙන සිංහල තේරුම වන "හැඹිලි ගත කිරීම" වෙනුවට "හැට්ට ගත කිරීම" වගේ සිංහල වචනයක් යොදා ගත්තොත් ගොඩක් අයට තේරෙන නිසා ඒ වගේ යොදා ගැනීමක් වඩා සුදුසුයි කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  2. හැඹිලි පිටුව නම් මල් හතයි :D

    ReplyDelete
  3. මට මතකයි මං පුංචි කාලෙ අපේ ආච්චි ලඟ තිබුනා හැඹිලියක්. හැබයි ඒක නම් පාවිච්චි කලේ සල්ලි එහෙම දාගෙන යන්න. ඒත් cache ගන්නෙ සල්ලි දාන්න නෙවෙයිනෙ. තාවකාලිකව දත්ත තබාගැනීමකටනෙ.

    ReplyDelete
  4. disconnect කියන එකට 'විබෙදන්න' කියලා දාලා තියෙනවා. disconnect internet එකට සිංහලෙන් කිව්වොත් කියවන මිනිහා පොරවකින් පලයිද මන්දා!

    tab, display name, dispaly properties වගේ සමහරක් ඒවාට දාලා තියෙන්නේ අමුතු නම් ඒවායේ තේරුම නොදන්න කෙනෙක්ට ඒවා තේරෙන්නේ නැහැනේ. අණ්ඩර දෙමල මීට වඩා ලේසියි තේරුම් ගන්න.

    drop කියන එකට හෙළුම් කියලා දාලා තියෙනවානේ. අපොයි එහෙනම් ඕක හින්දා drop කරන්න බැහැනේ එතකොට කියන්නෙ 'හෙළුම් කලා' කියලානේ. ඒ කියන්නේ ඇඳ ඉන්න ඇදුම හෙළුවා කියලානේ. අනිත් දෙක (drop shadow, drop ගැනත් එකම තමා.

    ඕන කෙනෙක්ට ආතල් එකක් ගත්ත හැකි මේකෙන්.

    එළම තමා!

    ReplyDelete
  5. මට O/L කරන දවස් වල, "පරිඝණක පාරිභාෂික ශබ්දමාලාව" නමින් අධ්‍යාපන ප්‍රකාශන දේපාර්ත‍මේන්තුව විසින් ප්‍රකාශිත පොතක් ලැබුනා. ඒකේදිත් වැඩිමනක් වචනවලට දීලා තිබුණු සිංහල තේරුම් ඔය විදියෙම විකාර.

    ReplyDelete
  6. මම නම් සිංහලෙන් පරිගනක භාවිතා කරන අදහස අත්හැරියා

    ටිකක් හරි දන්න ඉංගිරිසියම හොදා වගේ...
    මෙහෙම ගියොත් අතරමග තමා

    ReplyDelete
  7. danna sinhalath nethi wena potak. English ita hodai wage

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක