Skip to main content

www.ආමි.lk hacked! උඩ බලන් කෙල ගැසීම

ඊයේ රාත්‍රි සිට www.army.lk වෙබ් අඩවිය LTTE ය විසින් කෙලෙසා ඇති බව
ප්‍රවෘති මඟින් පල විය.

ඇත්තටම ලංකාවේ අයට මෙය මහ බැංකුවට ගැසු බොම්බය මෙන් දරුණු අපරාදයක් සේ පෙනෙන්නට මෙන්ම පෙන්වන්නට විය. මෙතැන කව්රුන් හෝ කර ඇත්තේ වැරදි වැඩකි.

නමුත් නිසි ආරක්‍ෂාවක් එම අඩවියට නොදි කැගැසීම ද ලැජ්ජා නැති වැඩකි.
මන්දා www.citizen.lkවෙබ් අඩවියේද තාක්‍ෂණික අඩුලුහුඩු කම් ඇති බව බොහෝ දෙනා පැවසීය.

වෙබ් අඩවියකට නිසි ආරක්‍ෂාව ලබා නොදි මෙය LTTE කළ වැඩක් සේ මහා හයියෙන් කියවන්නේ රටේ ජනතාව නිසි තත්ත්වයන් නොදන්නා නිසා එයින්ද 1 දමා ගැනීමටයි.

රජයේ වෙබ් අඩවි අක්‍රමණය වන විට මෙලෙස පවසනවා නම් ඇයි මීට කලින් යකා නටාපු අධ්‍යාපන අමාත්‍යංශයේ අඩවි ගැන නොකිව්වේ. :D

මා LTTE සංවිධානයේ කෙනෙක් හෝ එයට අනුබල දෙන්නෙක් නොවේ. :D
එත් මේ වගේ ප්‍රවෘත්තියක් කියන්න කොට අපේ රටේ තොරතුරු තාක්‍ෂණයට වගකිව යුතු අයට අබමල් රෙනුවකින්වත් ලැජ්ජාවක් නැද්ද?

අපේ රටේ කරන්නේ දෙයක් උනාට පස්සේ දැගලීම මිස, එයට වලක්වා ගැනීමට පූර්‍ව පිළියම් යෙදිම නොවේ.
ගෙදර උන්දැ පරිස්සම් කරන්නේ නැතිව හොරු ගෙනියනකන් ඉදලා කට උත්තර දෙන එක නම් ලස්සනයි. :)

මා උඩ බලන් කෙල ගැසීම ලෙස දැක්වුයේ සුපිරි තොරතුරු තාක්‍ෂණයක් ගැන කතා කරන අපේ උදවියට මෙවැන අඩවියක් වත් පරිස්සන් කරගන්න බැරිව එක ගැන තවත් කියවන නිසයි.

අපේ රටට තොරතුරු ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් තිබේ ද?

Comments

  1. මොන ආරක්ෂණයක් ද? ජාතික තොරතුරු කිව්වට මේව තියෙන්නෙත් godaddy හවුල් සර්වර මත. දැන් ගිහින් බැලුවත් www නැතුව නිකං army.lk අඩෙවියේ පෙන්වන්නෙ godaddy.com එකේ පිටුවක් :D

    ඉතින් මොන තොරතුරු ආරක්ෂණ ද?

    ReplyDelete
  2. ධනිෂ්ක, ඔබ කියන දේ සහමුලින්ම ඇත්ත.. එත් මුලු ලෝකෙම LTTE එකට උදව් දෙද්දී අපේ ලොක්කන් මේ වගේ අවස්ථාවකින් උපරිම ප්රයයෝජනයක් ගැනීම ගැන මම සතුටු වෙනවා. හැබැයි මේ ප්රදවෘත්තිය වඩාත් ඉස්මතු කලයුත්තේ අන්තර්ජාතික ප්රසජාවටයි. එයින් අපේ හෙළුව කෙසේ වෙතත් ලකුණු අඩුකරන්න පුලුවන් කියල මම හිතනව.

    ReplyDelete
  3. ඇත්තටම මේ අඩවි වල අරක්ෂාව ඉතාමත් පහල තත්වයක තිබ්බේ. Eg citizen.lk මම මෙවැනි දෙයක් කලින් බලපොරොත්තු උනා. දැන්වත් නිසි බලධාරින් නිසි පියපර ගත යුතුයි..මේව රටේ ජතික අරක්ෂාවට අදල අඩවි නිසා..

    ReplyDelete
  4. @Anandawardhana
    කලින් නම් දන්නැ දැන්නම් www.army.lk තියෙන්නේ ලංකාවේ තිබෙන හොදම IDC එකක.

    dns තිබෙන්නේ godaddy වෙන්න ඇති.. :-/

    ReplyDelete
  5. අකමැත්තෙන් වුණත් මේ ටික කියන්න වෙනවා. මේක ඇත්තටම ලජ්ජාවට පත් විය යුතු කාරණාවක්. යුද හමුදාවකට අයත් වෙබ් අඩවියක් සාර්ථකව ප්‍රහාරයට ලක් වෙනවා කියන්නෙ information security පැත්තෙන් ඒ හමුදාව දුර්වලයි කියන එක. නිකං ඉන්න ගමන් ping කරල බලන්න වෙන වෙනම pentagon.afis.osd.mil එකටයි army.lk එකටයි. මේ ආරක්ෂක දුර්වලතා ඉක්මනින් යථා තත්වයට පත් විය යුතුයි.

    LTTE කාරයින්ට කඩේ යන සිංහල බ්ලොග් ලියන්නනුත් ඉන්න කා‍ලේ... ඕකත් සිංහලයෙකුට සල්ලි දීලා NGO එකකින් කළා වෙන්නත් බැරි නෑ. :D

    ReplyDelete
  6. ඇයි නාවික හමුදාවෙ එක. උපරිම ආරක්ෂාවක් තියෙන තැන් නොවැ. ඒක වෙන්න ඇති.

    ReplyDelete
  7. ආරක්ෂණය මොන විදියකට සපයනවද කියන එක නම් හිතා ගන්න බැහැ. ඒත් SLCERT කියල ආයතනයක් නම් ලංකාවෙ තියනවා. මේකත් ඉතින් තවත් එක ආයතනයක් විතරක් වගේ. මොනව උනත් මෙන්න මේ වචන ටික දාගෙන ඉන්න එක ගැන තව සැරයක් හිතුවොත් හොඳයි.

    "The Sri Lanka Computer Emergency Response Team (SLCERT) is the Center for cyber security in Sri Lanka , mandated to protect the nation’s information infrastructure and to coordinate protective measures against, and responses to cyber security threats and vulnerabilities."
    --source taken http://www.slcert.gov.lk/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...