Skip to main content

OpenOffice.org අනාගතය..

OO.org ව්‍යාපෘතිය සඳහා ඔබ දුන් සහාය අගය කරන අතර ඔබ ප්‍රජාසේවයක් වෙනුවෙන් කළ ඒ කටයුත්ත Oracle සමාගමේ ආධිපත්‍යයට යට නොවන බව සතුටින් දන්වා සිටිමි.

පසුගිය දිනවල OpenOffice.org ව්‍යාපෘතියේ අනාගතයට අදාලව වෙනස් කම් රැස්ක සිදුවූ අතර.

අද දින සිට ආරම්ඹ වන The Document Foundation මඟින් මෙතෙක් OpenOffice.org ප්‍රජාව සිදුකළ මෙහෙය Oracle සමාගමේ බලපැමකින් තොරව සිදු කරනු ඇත.

දැනට OpenOffice.org වෙළඳ සලකුණ පවා හිමිකරගෙන ඇත්තේ Oracle සමාගමයි, එනමුත් OpenOffice.org හි කේතය LGPL නිසා කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට කටයුතු කරගත හැකි වේ.

The Document Foundation සඳහා සම්බන්ද වීමට Oracle සමාගමටද ඇරයුම් කර ඇති අතර Red Hat, Novell, Google, Canonical වැනි ආයතන මෙම ක්‍රියාදාමයට ශක්තිය ලබාදෙන අතර නිදහස් මෘදුකාංග ලොවේ දැවැන්තයා වන RMS පවා මෙම නව පියවරට සුභපතන ලදි. RMS ඉල්ලා සිටියේ නිදහස් නොවන ඇඩෝන භාවිතයෙන් වලකින ලෙසයි.

ඉතින් නව LibreOffice වෙත ලොව නන්දෙසින් සුභපැතුම් ගලා එන අතර දැනට OpenOffice.org සඳහා භාවිතා වන යටිතල පහසුකම් එලෙසම භාවිතාවේ. සිංහල ආශ්‍රීත පරිවර්තන සියල්ල මේවන විට ආරක්ෂිතව තබාගෙන ඇත (ඔරකල් පිස්සු කෙලිද දන්නේ නැනේ) ;-)

නිදහස් සහ විවෘත මෘදුකාංග ලොවේ නිවැරදි පියවරක් වූ මෙම කාර්යය සඳහා අපගේ සහාය නොමදව LibreOffice සඳහා ලබාදෙන අතර ඉදිරියේදි නිකුත්වන ලිනක්ස් මෙහෙයුම් පද්ධති මඟින් මෙය පෙරනිමියෙන්ම ලබාගත හැක. තවද මෙහිදි ගුණාත්මක බවෙන් කිසිදු අඩුවීමක් සිදු නිවෙන අතර
පදනමක් යටතේ කටයුතු සිදුවන බැවින් පෙරටත් වඩා හොදින් කටයුතු සිදුවිය හැක.

නිදහස් මෘදුකාංග ලොවේ පදනමක් ලෙස ඉතා විශාල සේවයක් කරන ආයතන දෙකක් ඇත. Mozilla සහ Gnome එම පදනම් දෙකයි. ඉතින් ඒම පදනම් දෙස බැලිමේදි ඔබට කිසිදු චකිතයක් ඇති නොවනු ඇතැයි සිතමි.


නිදහස් සහ විවෘත මෘදුකාංග ප්‍රජාවට ජයවේවා!

Comments

  1. හෆ්ෆේ ලොකු දෙයක්. නැත්තං Java පාවිච්චි කළැයි කියලා Google එකට ලොකු ලයින් දෙන්න ගියා වගේ, ඔය Oracle කාරයෝ OO.org පාවිච්චි කරන අපිටත් එක එක කට කැඩිච්ච කතා කියන්න එන ගොඩක් ඉඩ තිබ්බා!

    ReplyDelete
  2. අපිට කලින් ට්විට් කරන්න නේද අපිට අද උදේ මොනවත් කිව්වෙ නැත්තෙ? :(

    ReplyDelete
  3. @Dasun: I think the news broke out in the afternoon or evening, i.e., morning in US. :)

    ReplyDelete
  4. දසුන්: උදේ නමත් කීවනේ මම :)
    නිළ නිවේදන එලියට එනකන් ලිව්වේ නැත්තේ එකයි. මුලින්ම ලිව්වා කියලා මට හම්බෙන දෙයක් නැනේ :D

    ReplyDelete
  5. @gaveen, but OUSL session was before the official news :) that why i gave a small info including the foundation name, and the product name.

    ReplyDelete
  6. ෂා, ඇත්තටම ලොකු දෙයක්. මේකෙන් OO.org අනාගතය සුරක්ෂිත වෙයි කියලා හිතන්න පුළුවන්. කොහොම උනත් Oracle පිස්සු කෙලින්නේ නැතිව හිටියොත් ලොකු දෙයක්. :)

    ReplyDelete
  7. මේක හොඳ පියවරක්.

    ReplyDelete
  8. අම්මෝ දැන් බය නැතුව OO.org පාවිච්චි කරන්න පුලුවන්

    ReplyDelete
  9. සමාගමක ආධිපත්‍යයෙන් ගැලවිච්ච එක කෝකටත් හොදයි. හැබැයි තවම අපේ දේශීයකරණය තියෙන්නෙ ඕපන් ඔෆිස් ඇතුලෙ නේද?

    ReplyDelete
  10. පරිවර්තන මම ලග තියෙන්නේ. ඒවා කල් ඇතිව කළා TDF එලියට එන්න කලින් ;-)

    (පොස්ට් එක ලිවේ නිවුස් බලලා නෙමේ) :D

    ReplyDelete
  11. සෑහෙන්න වටින දෙයක්. ස්තූතියි මේ ගැන දැනුවත් කළාට!

    ReplyDelete
  12. සෑහෙන්න වටින දෙයක්. ස්තූතියි මේ ගැන දැනුවත් කළාට!

    ReplyDelete
  13. Oracle හැමදාම පේන කිය කිය ඉදීද ? :P

    එළකිරි :D සතුටුයි සතුටුයි :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක