Skip to main content

අධ්‍යාපනික කටයුතු සඳහා හන්තාන ලිනක්ස්


හන්තාන ලිනක්ස් යනු අන්තර්ජාල පහසුකම් අවම හෝ රහිත පරිසරකය සිට අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කළ හැකි පහසු මෙහෙයුම් පද්ධතියකි. පාසැල් විශය නිර්දේශයට උපකාරක ලෙස භාවිත කළ හැකි මෘදුකාංග රැසක් මෙහි ඇතුලත් කර ඇත. ආවර්තිතා වගුව, සෞරග්‍රහ මණ්ඩලය සහ තරු රටා අධ්‍යයනය සඳහා  මෙන්ම, ද්විමාණ සහ ත්‍රිමාණ ප්‍රස්තාර නිර්මාණය සහ සමීකරණ විසදීම සඳහා ද මෙහි මෘදුකාංග ඇත. අධ්‍යාපනික ක්‍රීඩා වලින් ද සමන්විත මෙහි ඉලෙක්ට්‍රොනික පරිපත සැලසුම් කරණයට සහ නිර්මාණයට අවශ්‍ය සමාකෘති (simulators) සහ මෙවලම් ද, සඛ්‍යානය සඳහා අවශ්‍ය MathLab මදෘකාංගයට ආදෙශකයක් වන GNUoctave මෘදුකාංගය ද, අවශ්‍ය විටෙක .exe ගොනු භාවිත කිරීම සඳහා wine මෘදුකාංගය ද අඩංගු කර ඇත.


මීට අමතරව පරිගණක ක්‍රමලේඛනය සඳහා භාවිත කරන C++, Python, PHP, Ruby on Rails, OpenJDK මෙන්ම ලොව බහලුව භාවිත කරන Apache වෙබ් සේවා දායකය, MySQL දත්ත සමුදාය කළමණාකරන සේවාදයකය, ජාලය ගොණු කළමනාකරණයට අවශ්‍ය NFS සහ SAMBA සේවාදායක යනාදිය ද මෙහි අඩංගු වීම සුවිශේෂී කරුණකි.


අවශ්‍ය නම් මෙහි අඩංගු වන SELinux (Security Enhanced Linux)  ආරක්‍ෂණ කළමනාකරණ පහසුකම සක්‍රීය කර ගැනීමට ද හැක. එසේම, අවශ්‍ය නම් වෙනත් ලිනක්ස් පද්ධතියක් හෝ වෙනත් වින්ඩෝස් හෝ මැක් වැනි මෙහෙයුම් පද්ධතියක් මෙහි ඇති Kernel-based Virtual Machine (KVM) ඔස්සේ භාවිත කිරීමට ද හැක.

මෙහි, කාර්යාලීය යෙදුම් කට්ටලයට අමතරව ව්‍යපෘති කළමණාකරනයට හා ගෘහස්ත හෝ පුද්ගලික ගිණුම් කළමණාකරනයට අවශ්‍යය මෘදුකාංග ද එක්කර ඇත. එසේ ම ශ්‍රව්‍ය  සහ දෘශ්‍ය සංස්කරණය කිරීම් සහ භාවිත සඳහා මෙවලම්  රැසක් එක්කර ඇත.   එමෙන් ම පද්ධතියට අවශ්‍ය යාවත් කිරීම් ලබා ගැනීම සඳහා අන්තර්යාලයට සම්බන්ද වීම පමණක් සැහෙන අතර ම, අන්තර්ජාල පහසුකම් සහිත සම තත්ත්වයේ හන්තාන ලිනක්ස් පද්ධතියක් හරහා අවශ්‍ය මෘදුකාංග ලබා ගැනීමට ද හැකියාව ඇත.


පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යපානික කටයුතු සහ සාමාන්‍ය භාවිතයට සුදුසු ලෙස සකසා ඇති හන්තාන ලිනක්ස් ඉදිරියටත් අඛණ්ඩ ක්‍රියාත්මක වන සහ වීමට සැලසුම් කර ඇති ප්‍රජා ව්‍යාපෘතියකි.  මෙම ව්‍යපෘතිය පිළිබඳ තොරතුරු www.hanthana.org වෙබ් අඩවියෙන් ද, ප්‍රජා වැඩසටහන් පිළිබඳ තොරතුරු blog.hanthana.org යන හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ නිළ බ්ලොග් අඩවියෙන් ද ලබා ගත හැක. හන්තාන පරිශීලක සමූහයට සම්බන්ධ විමෙන් ඔබට, ඔබේ ගැටලු ඉදිරිපත් කර උදව් ලබා ගැනීමට හැකි අතර ප්‍රජාවට උපකාර සැපයීමෙන් දායක වීමට ද හැක.  මෙම මෙහෙයුම් පද්ධතිය පාසැල් ජාලය ඔස්සේ ද, ලබා ගැනීමට දැන් කටයුතු සලසා ඇත. හන්තාන ලිනක්ස් පාසැල් ජාලය තුළින් ලබා ගැනීම  සඳහා මෙම සබැඳිය භාවිත කරන්න. 


හන්තාන ලිනක්ස් තිරපිටපත් මෙතනින් බලන්න

පසුගිය පෙබරවාරි 4 වැනි දින සිට පුරා දින 7ක් බුත්තල දී පැවැත්වුණු දැයට කිරුළ 2011 අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය විසින් හන්තාන ලිනක්ස් හදුන්වා දීම සිදු කරන ලදි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ප්‍රධානී අධ්‍යාපන අධ්‍යක්‍ෂක නීල් ගුණදාස මහතා විසින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අධ්‍යාපන කටයුතු සඳහා වැදගත් වන අයුරු පැහැදිලි කෙරුණි

Comments

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...