Skip to main content

හන්තාන පාසැල් පරිගණක ව්‍යාපෘති ප්‍රගති වාර්තාව : 2012 මාර්තු 22

01 වන ව්‍යාපෘතිය:  වලපනේ අධ්‍යාපන කලාපය, මධ්‍යම පලාත
මෙය අප විසින් පළමුවෙන්ම දියත් කිරිමට නියමිතවු පාසැල් විද්‍යාගාරය වන අතර එහිදි අප නව පරිගණක ලබා දීමට පොරොන්දු චිය. නව පරිගණක ලැබුනු විගස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ හැක. මෙම විද්‍යාගාරය සඳහා පාසැල තුළ සුදුසු ඉඩක් තිබෙන අතර ප්‍රදේශයේ දේශපාලනඥයකු විදුලි සැපයුම ලබා දීමට පොරොන්දු වී ඇත.
සාරාංශය: ව්‍යාපෘතිය ඇරඹීමට අවශ්‍ය නව පරිගණක ගණන 5 කි.
සටහන: නව පරිගණක 5ක් හැකි ඉක්මනින් අවශ්‍යව ඇත.
සම්බන්ධීකාරක: අතුල හේරත්  0718-217443

02 වන ව්‍යාපෘතිය: මලල්ගොඩ සිරි සීවලි ප්‍රාථමික විද්‍යාලය, අහංගම, (ගාල්ල අධ්‍යාපන කලාපය)
දැනට එක් පරිගණකයක් මගින් ක්‍රියාත්මක වේ. සිංහල අවුරුද්දෙන් පසුව තවත් භාවිත කළ පරිගණක 3ක් එක් කිරිමේ හැකියාව ඇත.
සටහන: 2012 මාර්තු 21 වන දින මෙම පාසැල නිරීක්ෂණයට  ආසියානු සංවර්ධන බැංකු නිළධාරින් සමග  පලාත් අධ්‍යාපන කාර්යයාලයේ නිළධාරින් එක් විය.
වෙනත් අවශ්‍යතා: විදුලි රැහැන් ඇදීමට සහ පරිගණක ජාලකරණය සඳහා උපකරණ අවශ්‍යව ඇත.
සම්බන්ධීකාරක:  බන්දුල පුෂ්පකුමාර 0716-146331

03 වන ව්‍යාපෘතිය: දෙකටන ප්‍රාථමික විද්‍යාලය, දෙකටන (ගම්පහ දිස්ත්‍රික්කය)

පාසැල තුළ එක් පරිගණකයක් දැනට ඇත.
සටහන: පරිගණක 4ක් අවශ්‍යයි
සම්බන්ධීකාරක: බන්දුල රණතුංග 0714-315426

04 වන ව්‍යාපෘතිය: හේරත් හල්මිල්ලැව විද්‍යාලය, කැබිතිගොල්ලෑව

භාවිත කළ පරිගණක කිහිපයක් දැනට ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි. බොහෝ දුරට මෙය සාර්ථක විය හැක.
සටහන:
මූලික පුහුණු වැඩසටහන සඳහා රජරට විශ්ව විද්‍යාලයේ හෝ ඒ අනුරාධපුරය ආශ්‍රීතව ලිනක්ස් දැණුම ඇති මිතුරන්ගේ සහාය අවශ්‍ය වේ.
භාවිත කළ පරිගණක යළි භාවිතයට සුදුසු ලෙස සැකසීම සඳහා අතුල හේරත්, තුසිත කුමාර යන ගුරුවරුන්ගේ තාක්ෂණික ශ්‍රම දායකත්වය හිමි වේ.
භාවිත කළ පරිගණක යළි භාවිතයට සුදුසු ලෙස සැකසීම සඳහා අවශ්‍ය වන දේ සපයා දීමට දායකත්වයක් අවශ්‍ය වේ. (උදා: කැපැසිටර්, IC, …)
සම්බන්ධීකාරක: තාරක තිසේරා,  0718-665002

 පරිත්‍යාග

  1. බුද්ධික සිද්ධිසේන මිතුරා තම භාවිත කළ පරිගණකය නඩත්තු කිරිමෙන් පසුව ලබා දීමට කැමැත්ත පළකර ඇත.
  2. ගයාන් කල්හාර හරහා භාවිත කළ පරිගණක 3ක් ලැබීමට නියමිතයි.
  3. පුද්ගලික ආයතනයකින් නව පරිගණකයක් ලබා දීමට එකඟ වී ඇත. සදීප පල්ලියගුරු මිතුරා සිදු කළ ප්‍රචාරණයකින් එම අවස්ථාව හිමි විය.
  4. LSTP  තාක්ෂණික දැණුම ලබා දීමට මිහිර ප්‍රනාන්දු කැමැත්ත පල කරන ලදි.

ඔබට කළ හැකි දේ…
ඉහත සඳහන් ව්‍යාපෘති 4 දැනට නිම කර ගැනීමට අවශ්‍ය සහාය හැකි ඉක්මනින් ලබා දීමට එක්වන්න.
ඔබටත් මෙම සත් කාර්යයට දායක වීමට අවශ්‍ය නම් අපට දන්වන්න.
තවත් මිතුරකුට මේ ගැන කීම මඟින් මෙම ව්‍යාපෘතියෙන් උදව් අවශ්‍ය පාසැල් මෙන්ම දායකත්වය දීමට කැමති මිතුරන් එක් රැස්කර දීමද මෙම ව්‍යාපෘතියට දායක විය හැකි ක්‍රමයකි. එමෙන්ම බ්ලොග් අඩවි, Facebook, Twitter, Google+ හරහා මෙන්ම ආයතනයේ රැස්වීම් අවස්ථාවන් වලදි මේ ගැන ජනතාව අතරට ගෙනයාමෙන් ඔබට මුදල් වියදම් කිරිමකින් තොරව දායක විය හැක.

Comments

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක