Skip to main content

බිංගන්තලාව සාගලපුර වෑයම - පළමු අදියර

මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය.



ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය.






මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ

"සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල.
වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්."




ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි.

ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනයක යෙදීමට හන්තාන ලිනක්ස් සමඟ ලැබෙන අධ්‍යාපනික මෘදුකාංග ඉතා ප්‍රයෝජනතව් වනු නොඅනුමානයි.


පහල විඩියෝ අනුව ඔබට තෙරෙයි දෙවැනි වසරෙ ඉන්න මේ දුවට තමන්ගෙ පාසලට ලැබුන දේ කුමක්ද කියල කියන්න තවම තෙරුනෙ නැති වුනාට ඔවුන්ට උදැසන රැස්විමෙදි නම් අමූතු අත් දැකීමක් ලබපු බව.








එවගේම මේක One man show නෙමෙ!


මේ සඳහා මුදලින් දායකත්වය දුන් මිතුරන්:

හර්ෂණ වීරසිංහ
ජීවන් සූරියආරච්චි
ලක්ෂාන් පෙරේරා
තිස්ස දොඩංගොඩ
බන්දුල රණතුංග
ඉෂාන් ලියනගේ
ප්‍රසන්න සිසිකැලුම්
ප්‍රවීන් ඉන්ද්‍රණාම
කල්ප පැතුම්
(නමක් නැතිව දායකත්වය දුන් අයෙක් සිටි)


මෙම මුදල් එක් රැස්කර ගැනීමට වසරක කාලයක් ගත වූ අතර මේ වන විට පාසලට English as a life skill ව්‍යාපෘතියෙන් පරිගණකයක් සහ මල්ටිමිඩියා ප්‍රොජෙක්ටර් එකක් ලැබි ඇත. මේ නිසා පාසලට දැන් පරිගණක 3ක් සහ මල්ටිමිඩියා ප්‍රොජෙක්ටර් එකක් තිබෙනව.

මෙම කාර්යය සාර්තක කරගැණීමට සහාය වූ අතුල හේරත්, සමන් හේරත් ගුරු දෙපල සහ මධ්‍යම පලාත් අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ සහ සැලසුම් අංශ ප්‍රධාන උපාලි චන්ද්‍ර කුමාර මහතා ඇතුලු සැමටත් චලපනේ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ ඒ.බි. ගංගොඩ මහතාටත් ස්තුතිය පුදකර සිටිමි.



මෙම කර්තව්‍ය සඳහා තවමත් ඔබට දායක වීමට හැකියාවක් ඇත. ප්‍රධාන අංගය වන්නෙ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අප විසින් මාසිකව සිදු කිරීමට නියමිත පුහුණු වැඩසටහන් සඳහා ඔබේ දායකත්වය ලබා දීමයි.

මූලිකව ඉගැන්වීමට තිබෙන්නෙ...
Open Source based Educational Tools
GIMP
LibreOffice


ඒ සඳහා සහාය වීමට ඇති අය සිටී නම් කරුණාකර දන්වන්න.




ස්තුතියි!

පාසලට යද්දි වගේම පාසලට ගියත් ඒ වටේටම පෙන්නෙ සුදන්දර පරිසරයක්. මේ කෙටි විඩියෝවෙන් ඔබට පෙනෙවි ඒ සුන්දරත්වය.. නමුත් ඔවුන්ට පරිසරය මෙන්ම වූ සුන්දර අනාගතයක් ලැබෙන වනම් කොච්චර හොද ඳ?



පාසලේ කියවිමේ කාමරයට නම් මගේ හිත ගියා...



 

ඉතින් මේ එක් පාසලක් විතරයි, තවත් මේ වගේ ගොඩක් පාසල් තියෙන අපේ රටේ.

Comments

  1. සාගලපුර විද්‍යාලයේ දරුවන්වෙනුවෙන් කරනලද මේ මහඟු සත්කාර්ය සඳහා සහභාගිවූ සැමට බොහොම පින් !!!. ඒ වගේම මෙම පරිගණක දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා උපරිම අයුරින් භාවිතයට ගැනීමට ගුරුභවතුන් යොමුවීම,මෙම පරිගණක ලබාදීමට සහභාගිවූ සැමට කරන කෘත ගුණ සැලකීමකි. !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...