Skip to main content

සෝමාලියාණු මුහුදු කොල්ල කරුවන් සහ පාවෙන අවි ගබඩා



අද දිනයේ අහන්න තිබුණු කතාවක් තමයි සෝමාලියාණු මුහුදු කොල්ල කරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය පාවෙන අවිගබඩාව අතිවිශාල මුදලක් ඉපැයුවලු... දැන් රටේ එලි නොකළ යුතු රහස් පිටට ගියාලු...






සොමාලියානු මුහුදු මංකොල්ල කරුවන් සඳහා ලංකාවේන් කරන්නෙ ලංකාව අසලින් ගමන් ගන්නා නැව් සඳහා ආරක්ෂාවක් සැපයීම සහ ඒ ආශ්‍රීතව අවි සැපයීම සම්බන්ද ව්‍යාපාරයක් මිසක ඒ සඳහා මුහුදු මංකොල්ල කරුවන් සම්බන්දව කිසිදු ප්‍රහාරයක් එල්ල කළේ නැ. ඒ වෙනුවෙන් රටවල් 25ක එකතුවෙන් බහරේන් රටේ සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජදානිය, සිංගප්පුරුව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනි, ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය, පාකිස්තානය, තුර්කිය, නෙදර්ලන්තය , ඩෙන්මාර්කය, පෘතුගාලය ස්පාඥය සහ කොරියාව වැනි රටවලින් සැදුම්ලත් Combined Task Force 150 ක්‍රියාත්මක වේ.






2014 මාරතු මස සිංගප්පුරුවෙන් නැවියන්, ගුවන් හමුදාව ඇතුලුවු 151ක පිරිසක් මුහුදු මන්කොල්ල කරුවන් මැඩ පැවැත්විමේ අන්තර්ජාතික වැඩසටහනට 9වන වරටත් එක්වූ අවස්තාවයි.  
(පිංතූරය http://news.asiaone.com වෙතින්.)



2001 සැප්තැම්බර් මස1 දිනට පෙර ඇමරිකානු නාවුක හමුදාවෙ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මේ වන විට රටවල් 25ක එකමුතුවෙන් සවි බල ගැන්වෙන අතර සියලු රටවල් සම්පූර්ණයෙන්ම ස්වෙජ්චාවෙන් කටයුතු කරයි. මෙහි සේනාපතිත්වය මාස 4-6ත් අතර කාලයකට වරක් මෙම වැඩසටහනට සම්බන්ද රටවල් අතර මාරුවේ.

ලංකාවෙන් කරෙ පෙරහැර බලන්න එන අයට අයිස්ක්‍රීම් දුන්නා වගේ ලංකාව අසලින් යන  නැව් සමඟ අවිගණුදෙනු මෙන්ම (වරක් අරාඹි රටකින් අත්ඩංගුවට ගත්තා) අවි ජාවාරමක්ද කිරීමයි. මෙමගින් ආදායමක් එන්න පුලුවන් නමුත් එය ගන්නෙ රටත නෙමෙ යම්කිසි පිරිසක්.

ලංකාවෙන් අවි සැපයීමක් මීට කලින් කලේ නාවික හමුදාව, පාර අයිනේ ආමි එඑන් බත් පැකට් විකුණන්න හැකි, ගුවන්  ටිකට් පත් විකුණන්න හැකිනම්  ඇයි මෙය නාවික හමුදාව යටතේ කරන්න බැරි?

ඉහත සඳන් කළ රටවල් වලින් සැපයෙන තාක්ෂණය සහ නවීණ අයුධ තිබෙද්ධි ලංකාවෙන් T56 අරගෙන ගිහින් කොල්ල කරුවන් මෙල්ල කරන්න ඇවෙන්ට් ගාර්ඩ් ආයතනය හැකිද?

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නෙ විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබෙන මුදල්වන අතර මේවිගබඩා වලින් එන අදායම් නොවන බවත් මතක තබා ගන්න. කව්රු හරි කියනව නම් මෙම අවි වලින් ලාබ ලැබුව නම් ඒ කොපමණද කාටද ඒ මුදල් ගියේ කියලත් සඳහන් කිරීම වටිනව. :-)

එවගේම දැන් සමහර හිතන් ඉන්නෙ සොමාලියානු මුහුදු කොල්ල කරුවො ලංකාවට ඇවිත්  හෙන ජරමරයක් කරයි කියල. (සභාවේ සිනා )

ඔබේ වැඩි දුර කියවීම සඳහා පහත සබැඳියන් වෙත පිවිසෙන්න
http://en.wikipedia.org/wiki/Combined_Task_Force_150
http://combinedmaritimeforces.com/ctf-150-maritime-security/

ප.ලි:
මෙම සටහන ඉතා හදිසියේ පල කළ අතර යම්කිසි දොසක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න. 


Comments

  1. හිකිස්... දන්නේ නැද්ද අයියා. ආශ්චර්යය නේ. ආ නෑ යහපාලනේනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු