Skip to main content

තාත්තා


ජිවිතේට මම කේක් ගෙඩියක් කපල තාත්තගේ උපන්දිනය සමරා නැ. කිසි දිනෙක පිය වරුන්ගේ දිනයට තැගි දීලා නැ. නමුත් පසුගිය මාස කිහිපය තුළ දවසේ පැය 24න් බොහෝ වේලාවක් වෙන්වෙන්නේ තාත්තා වෙනුවෙන් ඇත්තටම විඩාවක් දැනුනත් නොදැනුනා වගේ මොකද කේක් ගෙඩියක් කපල මේ හදවතට ලැබේන සතුට ලබා ගන්න බැ. ඇත්තටම දැන් මම පැය 24 පුරා දින 7 තුළම පියවරුන්ගේ දිනය සමරනවා යැයි හැගිමක් දැනෙනව.

ඒ අතරේ "ඔයා කව්ද?" කියා ඔහු සහමර දිනවල අසන්නේ ඔහුගේ මතකයේ තිබෙන මගේ රුව සහ දැන් මගේ රුව ඔහුගේ මොලයට හරියට ගලපා නොගත හැකි අවස්තාවලදි. සමහර වෙලාවට ඔහු මටම මා ගැන කියනවා එයා අරව කලා මේවා කළා එයා හිටිය නම් දැන් හොදයි. ඒ වෙලාවට අහක බලාගෙන කදුලු පිහිද ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ. නැතිනම් ඔහු ෙපරලා අසන සුපුරුදු පැණයට පිළිතුරක් දෙන්න අපහසු වෙනව. "කව්ද බැන්නේ ඔයාට?".

සමහර වෙලාවට "ඔයා රිපොර්ට් කරන මැනෙජර් කව් ද?" අසන්නේ ඔහුට මා හදුනා ගත නොහැකිව මා ඔහුව නිදි කරවිමට ප්‍රයත්නයක් දැරිමේදි ඉන් මිදිමටයි. මා යම් ආයතනයකින් ඔහුගේ සහයට ලබා දුන් කෙනෙක් යයි සිතා මට එරෙහිව පැමිණිළි කිරිමට තැත්කරමින් නින්ද මග හැරිම ඔහුගේ ප්‍රයත්නයයි.

තාත්තගේ තත්ත්වය හරියට මේ දිනවල වැස්ස වගේ හිටි ගමන් වහිනව ආයේ ලස්සනට පායනව. හැමදාම ඔහුගෙන් අද දිනේ කවද්ද ෙම් මොන මාසේද කියා අහන්නේ හරියට කාලගුන වාර්තාව ගන්න වගේ.

බෙහෙත් තාත්තගේ ප්‍රධාන ආහාර වේළ වගේ දැන් මේ කැමට පසුව ගන්න බෙහෙත් විතරයි. කුබියා කතාවේ කියවෙන පරිදි සැම චීත්තයකට සරමක් වගේ මේ බොහෝ බෙහෙත් වලට අදාලව ගත යුතු කැමට පෙර ෙබහෙතක්ද වේ.

මේ සටහන ලියන්න වුනේ බෙහෙත් සම්බන්ද කතාවක් ලියා තබන්න. පසුගිය දිනෙක තාත්තට අලුතින් බෙහෙතක් නියම කළත් ඒ බෙහෙත කිසිදු පුද්ගලික බෙහෙත් ශාලාවක නොතිබු අතර රාජ්‍ය ඔසුසලේ ප්‍රධාන මධ්‍යාස්ථාන වල මිසක නියෝජිත මධ්‍යස්ථාන වල විකිණිමට තිබුනේ නැ. මමත් කිලෝ මිටර් 25ක පමණ දුරක් ගෙවා ලගම තිබු ඔසු සලින් අදාල බෙහෙත මිළදි ගන්නාවිට මම හේතුව ඇහුව වෙන තැන්වල නැති.

මෙම බෙහෙත වේදනා නාශකයක් වුවත් මත් ලෝලින් අතර ජනප්‍රිය බෙහෙතක් ලු. එමනිසා, ඒ අනිසි අය අතට පත් නොවිමට අදාල වෛද්‍ය නිර්දේශ මත පදනම්ව පමණක් විකිණිම සිදු කරන එකම තැන රාජ්‍ය ඔසුසල වෙන්න ඇති. කෙසේ නමුත් දැනට තාත්තා භාවිත කරන අනෙකුත් බෙහෙත් හා සැසදිමේදි මෙය එතරම් මිළක් නොවේ. 

මොනව වුනත් මත්ලෝලින්ගෙ පිහිටෙන් තව කීදෙනෙක් මේවගේ දුරක් ගෙවා ගෙන අදාල බෙහෙත ගන්න යන්න ඇතිද?

ගුරුවරයකු නොවුනත් 2008 වසරේ සිට වැඩි කාළයක් පාසල් දරුවන් හා ගුරුවරු සමගත් හන්තාන ව්‍යාපෘතිය සදහා කාළය වෙන් කරද්දි දෙමාපියන් ඔවුන්ගේ අවශ්‍යතා යටපත් කරගෙන සිටිබව රහසක් නෙමේ.

මේ සටහන කියවන ඔබට, මා මෙන් පියවරුන්ගේ දිනය හෝ මව් වරුන්ගේ දිනය සැමරිමට සිදු නොවේවායි පතමි!

හැබැයි දෙමාපියන් වෙනුවෙන් නිදිමරන්න, තම කාලය ගතකරන්න වෙනව නම් ඒ දේ මගහරින්න එපා මොකද පාසල් කාලය අහිමි වුනාට වඩා දුකක් දැනෙවි එහෙම නොකලොත් ඒ වගේම එහෙම කලොත් දැනෙන තෘප්තිය කියල තෙරුම් කරන්න බැ.

Comments

  1. I blog quite often and I genuinely thank you for your
    information. The article has really peaked my interest.
    I am going to take a note of your blog and keep checking for new information about once a
    week. I opted in for your RSS feed as well.

    ReplyDelete
  2. //තාත්තා භාවිත කරන අනෙකුත් බෙහෙත් හා සැසදිමේදි මෙය එතරම් මිළක් නොවේ// මචං මේ උඹ කියන්නේ ට්‍රෑමඩොල් (ඇපල් පෙත්ත) ගැනනම්... මත්ලෝලීන් ට මේ පෙත්ත විකිනෙන්නේ සාමාන්‍ය මිලට වඩා දහ ගුණයක් වගේ වැඩියෙන්... මතට තිත නේ :D

    තාත්තා ට ඉක්මනින් සුව වේවා!!!

    ReplyDelete
  3. නාඩි
    ඔව් මචං ඒක තමා පෙත්ත. මම හිතලම නම දැන්මේ නැ. කාඩ් දෙකක් 100වත් වුනේ නැ මතක විදියට.
    ස්තුතියි මචං

    ReplyDelete
  4. ඔබගේ තාත්ත ඉක්මන් සුව වේවා ... !!!

    ReplyDelete
  5. දවසක් කථා කරද්දි අක්කෙ තාත්තව නාවන්න හදන්නෙ.. 12.00 කලින්.. පස්සෙ ගන්නම් කියපි... තව දවසක් කවනවා.. මේව ඇස් දෙකෙන් නොදැක්කට ඇත්තටම අවංකව කළා කියලා ඒ වචන වලින්ම තේරුනා... හුළගට වහළෙට අලාභ උන වෙලාවෙ තාත්ත හිටි කාමරේ වහළෙ හොඳ වෙලාවට බේරිලා අක්කෙ කිව්වෙ මොන තරම් සතුටකින්ද? අම්මට තාත්තට සලකන දරුවන්ට වරදක් වෙන්නෙ නෑ.. කාගෙන් බේරුනත් අපෙ හෘද ශාක්ෂියෙන් බේරෙන්න බෑ... හරි දුකයි.. තාත්ත ඔයාව අඳුනන්නෙ නැති තත්ත්වෙටත් පත් වෙනවයි කියල ඇහුවම... ඒකටයි ජීවිතේ තියන්නෙ.. අපිටත් උරුමයි.... මම ඔයා වගේ දරුවෙක් ගැන හරි ආඩම්බරයි ඩනිෂ්ක.... මේ මගෙ නැන්දම්මගෙ අන්තිම දවස් ගැන මම ලියපුවා..
    http://thanojar.blogspot.com/2010/05/blog-post_24.html

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...