Skip to main content

ජාතිවාදය සහ අන්තර්ජාල නිදහස

තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්!

තම දේශපාලන, ව්‍යාපාරික සහ උද්ගලික අවශ්‍යතා සඳහා කෝටත් තෛලය ලෙස ජාතිවාදය ඈවිස්සීම අපේ රටේ සමහරක්ට සුලු දෙයක්.

අපි මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහල දෙමාපියන් යටතේ අපි ඉපදුන නිසා අපි අනෙක් ජාතීන්ට වෛර කරනවද?

මීට සති කිහිපයකට උඩ දී මේ දුපතේ ජනප්‍රිය පුවතක් වූයේ සිංගප්පුරු රජය තම අයවැයෙන් පසුව 2018 වසර සඳහා සිංගප්පුරූ ඩොලර් 300ක් බැගින් තම රට වැසියන්ට "Hongbao" නම් වූ බෝනස් එකක් ලෙස බෙදා දීමයි.

මෙහි දි සත්‍යලෙසම සිදු වූයේ වාර්ශික ආදායම සි.ඩොලර් 28,000ට අඩු නම් සි.ඩොලර් 300ද, වාර්ශික ආදායම සි.ඩොලර් 28,001 ත් - 100,000ත් අතර නම් සි.ඩොලර් 200  වාර්ශික ආදායම සි.ඩොලර් 100,000ට වැඩි නම් සි.ඩොලර් 100ක්ද ලෙසයි.
අපේ අය මේයට හේතුව ලෙස දැක්කේ සිංගප්පුරු රජයේ සියලුම අමාත්‍ය වරුන් උපාධි ධාරින් වීමයි.

එතකොට රටේ වෙන කිසිදු වෙනසක් නැද්ද?

සරලව පවසනවා නම් දෙවන ලෝක යුද්ධයේදි (1942-1945) ජපාන අධිරාජ්‍යා යටතට පත්වන සිංගප්පුරුව යුද්ධය අවසන් වෙත්ම බ්‍රිතාන්‍ය පාලනයටත් පසුව 1963දි යළි ෆෙඩරේශනය සමඟ එක්ව මැලේසියාව බිහිවෙනව. එනමුත් යළි 1965 අගෝස්තු 9 වන දින ස්වාදීන ජනරජය රජයක් බවට පත්වේ.

මේ තැන් සිට විවිධ වූ වෙනස් කම් වලට භාජනය වන මේ කුඩා දිවනයින වර්ග කිලෝමිටර 719.9 පමණ වේ.  (ශ්‍රී ලංකාවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610ක් පමණවේ).
සිංගප්රුවේ ආගම්:
33.2% බෞද්ධ
18.8% ක්‍රිස්තියානි
18.5% නිරාගමික
14.0% ඉස්ලාම්
5%  හිංදු භක්තිකයින්ද වේ.

ශ්‍රී ලංකාවේ ආගම්:
74.9% බෞද්ධ
9.7%  හිංදු
7.4% ක්‍රිස්තියානි


සිංගප්රුවේ ජන වර්ග:
74.3% චීන
13.3% මැලේ
9.1% ඉංදියානු
3.3% වෙනත්

ශ්‍රී ලංකාවේ ජන වර්ග: (2012)
74.9% සිංහල
11.2% ශ්‍රී ලංකා දමිළ
9.2% ශ්‍රී ලංකා මුස්ලිම්
4.2% ඉංදියානු දමිළ
0.5% වෙනත්

සිංගප්පුරුවේ ජාතික භාෂා 4ක් වේ (ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් සහ දමිළ)
ශ්‍රී ලංකාවේ ජාතික භාෂා 3ක් වේ (ඉංග්‍රීසි, සිංහල සහ දමිළ)

මේ දත්ත සැලකූ විට ආසියාවේ ආශ්චර්ය වූ සිංගප්පුරුවට මෙරටට වඩා මුස්ලිම් ජන ප්‍රථිශතයක් සිටියත් කිසිදු කල කෝලහලයක් සිදු නොවේ. ඒ මන්ද එරට නිසි නීති සහ ප්‍රතිපත්ති ගෙන ඒම සහ ඒවා නිසි ලෙස බලාත්මක කර ක්‍රියාත්මක කිරීම කර තිබීමයි.

සිංගප්රුවේ දි කිසිදු පුද්ගලයෙකු ආගම, ජාතිය හෝ වෙනත් කාරනා මත අපහාසයට අපහසුතාවයට ලක් කළ නොහැක. මෙම නීතියම පාර්ලිමේන්තුවට 2015 ජනවාරින් 8දිනෙන් පසුව ගෙන ආවත් උතුරේ සහ දකුණේ ජාති වාදී දේශපාලකයින් එයට විරුද්ධ විය.

ඈයි ඒ ඔවුන්ට පැවැත්මක් නැති නිසා...

සිංගප්රුවේ රජයෙන් දෙනු ලබන නිවාස එක් ජාතියකට අයත් පිරිස් සදහා පමණක් එකම නිවාස යෝජනා ක්‍රමයෙන් ලබා දීමෙන් තොරව සමිශ්‍රණයකින් යුතුව විවිධ ජාතීන් පදිංචි කරවීම සිදුවේ.

ජනතාව අසීරුවට පත් වන කිසිදු වර්ජනයක් හෝ ජනතාවට පීඩාවට පත්වන ශබ්ද දූශනයක් තියා සැබැ ලෙස රතින්ඥා කරලක් දැල්වීම පවා අසීරුවේ.  මෙරට වසරකට මිනිස් දින කොපමණ වර්ජන ආදි නොයෙක් හේතු නිසා විනාශ වේද?

දැන් අවම පඩි ගන්න සුලු තරයකට සි.ඩොලර් 300ක් (වරකට) ලබා දීම අපහසුද?
අපේ රටේ වගේ කොටස්වෙළඳ පොළ දික්විජය කළත් රටට ලැබෙන බදු වංචා කරන ව්‍යාපාරිකයින් සහ සිවිල් පුර වැසින් නොමැත. සියල්ලම නිසි කළට බදු ගෙවයි.
අපේ  බදු වංචා කරුවන් ගෙන්වන වාහන වෙනුවෙන් සමාජ ජාලවල මරා ගනි...

මේ කෙසේ නමුත් එරට තොරතුරු තාක්ෂණය සඳහා ආසියාවේ හබ් එක ලෙස ප්‍රධානවේ. දත්ත සඳහා සුරක්‍ෂිත බව මෙන්ම පැහැදිලි ව්‍යාපරික සහ ආරක්‍ෂණ ප්‍රතිපත්ති විශේෂ වේ.

කිසිම විටෙක ගම් දෙකක් ගහ මරාගන්නා පුවත් නැත.
කාන්තාවන්ට අවශ්‍ය ඕනෑම විටක ඕනෑම තැනක යා හැක.
ආරක්ෂක අංශ සඳහා ඔවුන්ට අවශ්‍ය ගරුත්වය ලබා දී ඈති අතර නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමානවේ.
සියලු දෙනාටම ආගම් ඈදහීමේ අයිතිය සහ නිදහස හිමිවේ.

ඉතින් ඈයි අපි විතරක් වෙනස්?

ඉහත තොරතුරු පදනම් කරමින් මා ඔබට පැහැදිලි කරන්නේ අපේ රටේ දේශපාලකයින්ගේ පමණක් නොව සිවිල් වැසියන්ද මේරට අගාදයට යාම ගැන වගකිව යුතු බවයි.

කොටකෙත සේයා දියණියගේ අවාසනාවන්ත සිදුවිමේදි ඔබ කොටකෙත ගම්වාසින්ගේ සියලු ගෙවල් ගිනිබත් කලාද? නැ! මොකද ඒ චූදිතයාද සිංහලයෙකු විමයි.

නමුත් කොන්ඩයා මුස්ලිම් වුනා නම් පොලිස් පරික්ෂණ සඳහා කොන්ඩයාගේ මස්කලදක් ඉතිවන්නේ නැත.

සෑම ජන කොට්ඨාශයකම විද්වතුන්, කුඩු කාරයන් සහ මැරයන් අඩු වැඩියෙන් ඈත.
නමුත් බුද්ධිමත් ඔබ ජාති බේදයෙන් කටයුතු කර සමාජයට අහිතකර පිලිලයන් ඉවත් කළ යුතුම වේ!
 
දකුණ ආසියාණු කළාපයේ ඉහළම සාක්‍ෂරතාවයක් තිබුනද, හොඳින් අධ්‍යාපනය ලැබූවන් පාව ඉතා සුලු සිද්ධියකදි වෙනත් රටවල සිද්ධි ගෙනහැර පාමින් නැති චිත්‍රයක් මවා පානන්නට සියලු වීරිය දමයි. 


දුර්වල පාලකයින් මේ සඳහා දීර්ඝ කාලීන නිසි පිළියම් නොයෙදා තම වාසිය සඳහා සාමාන්‍ය ජනයා පොරකුකුලන් මෙන් ගහ මරා ගැණීමට ඉඩ දේ.

                         




අන්තර්ජාල නිදහස...

 ලොව අන්තර්ජාල නිදහස පිළිබඳ දර්ශයකේ මේ වන විට 43වන ස්ථානයේ පවතින අප රට පළමු වරට සමාජ ජාලා අවහිර කීරිමකට ලක්කර ඈත.

 2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස් අගය

2018 මාර්තු මස 7 වන දින මෙරටට සුවිශේෂි දිනයක් වේ. ඒ ජාතිවාදය පාළනය කර ගැණීමේ නොහැකියාව අවසානයේ අවසන් වන්නේ මෙරට ජනයාට සමාජ ජාල වෙත ප්‍රවේශ වීම අවහිර කිරීමෙනි.

බොහෝ පිරිස් තම හිතවතුන්ගේ ආදාරයෙන් Virtual Private Network (VPN) තාක්ෂණය භාවිත කරමින් සමාජ ජාල වෙත පිවිස විශාල ජයග්‍රහණයක් ලෙස උදම් අනන්නේ සැබැ තත්ත්වය පිළිබඳ අවබෝදයකින් තොරවයි.

 එක්සත් ජාතින්ගේ සංගමය පවා අන්තර්ජාල ප්‍රවේශනය මානව හිමිකම් ලෙස දක්වා ඈත.  
ඔබට සාමාන්‍ය ජිවීතයේදි යම් නිදහසක් ඈත්ද ඔබට ඒ නිදහසම අන්තර්ජාලයට එක් වූ පසුද හිමිවිය යුතුයි.
"the same rights people have offline must also be protected online"

 2016 ජුනි මස 27 දින  එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ 32 වන සැසියේ පත්‍රිකාව

ඔබට වතුර වීදුරුවක් බොන්නට කිලෝමිටර් ගණනක් යන්නට සිදු වුවහොත් එය ඔබට සැමරීමට දෙයක්ද?
ඔබට වැසිකිලි පහසු කම් සඳහා අල්ලපු ගමට යාමට සිදු වූව හොත් එය සැමරීමට දෙයක්ද?

උඹල බ්ලොක් කළාට අපි සමාජ ජාලවලට ආව කියන එක තරම් මෙය සරල කාරණයක් නෙමේ මේ සිද්ධිය.

අපි නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදි රටක් නම් ඈයි අපි කරදර වෙලා සමාජ ජාල වලට පවිසෙන්නේ?
අද දිනයේ සමාජ ජාල ආශ්‍රීතව කටයුතු කරන මෙරට සමාගම් හා ස්වාදීන තාක්‍ෂණ වේදින්ට, මාධ්‍ය වේදීන්ට සහ අනෙකුත් තොරතුරු ලබා ගැණීමේ අරමුණින් ප්‍රවේශනයට උත්සාහ කළ සිසුන්, ගුරුවරුන් වැන කොපමණ පිරිසක් මේමඟින් අපහසුතාවයට පත් වුනාද?

කොපමණ පිරිසක් අනාරක්‍ෂිත අන්තර්ජාල ප්‍රවේශන ක්‍රියාමාර්ග භාවිත කළාද?

අපට යළි යුද්ධයක් හෝ කිසිම ආකාරයක ලේ වැගිරීමක් හෝ සිත් බිදිමක් අවශ්‍යම නැත!
ඒවගේම අපට මානව අයිතියක් වන නිදහස් අන්තර්ජාල ප්‍රවේශනයක් අවශ්‍යම වේ!

පලි:
තොරතුරු තාක්‍ෂණ සැපයුම් කරුවන් හරහා ගිලිහෙන  Net Neutality ගැන පසුව කතා කරමු.


Comments

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...