Skip to main content

ගෙවෙන දින


දිනය: 2018 අප්‍රේල් 22
මම: තාත්තේ මම අනිද්දා කුබුක්වැව පාසලට යනව
තාත්තා: නිවාඩුවක් ආව ගමන් පනිනව නේද?

ඔහු සිතුවේ මා ඔහු රැකබලා ගැන්මට සිටින සේවකයකු බවත් මම නිවාඩුවක් ගෙන ගමේ යන බවයි


දිනය: 2018 අප්‍රේල් 23
මම: තාත්තේ මම හෙට කුබුක්වැව පාසලට යනව
තාත්තා: තනියමද යන්නේ?කොහොමද යන්නේ?
මේ ඔහුගේ සාමාන්‍ය ප්‍රශ්න වන අතර මා හරි හැටි හදුනා ගත් නිසා එලෙස ප්‍රශ්න කරන ලදි.

ඉස්සර අපි භාවිත කලේ පිලිප්ස් ටිවි එකක්. එහි විශේෂත්වය වුයේ සියලුම ඉලෙක්ට්‍රොනික කොටස් සහ රුපවාහිනියේ ඇති විය හැකි දෝෂ පැහැදිලි දක්වා තිබීමත් ඒ අදාල දෝෂය නිරාකරනයට සැකසිය යුතු හෝ සිරුමාරු කළ යුතු කොටස් ගැන සඳහන් කර තිබීම. ඉතින් සමහර වෙලාවට ගැටලුවක් ආවම තාත්ත තනිව ටිවි එක ගොඩ දැන්මා. හැබැයි ඒක හදලා ඉවර වෙද්දි කැලි ඉතිරි වෙලා නම් තිබුණේ නැ (සමහර අය යළි ටිවි එකක් හෝ රෙඩියෝවක් සවි කරද්දි වැඩිපුර යමක් ඉතිරි වෙනව හයිකරන්න අමතක වී).

නමුත් අද ටිවි එක දාල දෙන්න කියල අපිට ඔහු කියන්නේ රිමෝට් එකක් පලමු වතාවට අල්ල නිසා නොව දැන් ඔහුට එයද සංකීර්ණ කාර්යයක් වී හමාර නිසා.
අද වන විට ශර්ට් එකක් හැගර් එකට දාන්නත් ඔහුටහෙන අමාරු කාර්යයක්.

දින ගෙවෙනව ජිවිතේ ගෙවෙනව අපි දුක්වුනත් සතුටු වුනත්..

අද පියවරුන්ගේ දිනය ලු..
විශේෂ වෙනසක් නැ
විශේෂ බලාපොරොත්තුවක් නැ
ඔහු හොදින් හිටියොත් ඒ ඇති.


ඇත්තටම කේක් කපනවට වඩා
තමන්ගෙ අතින්ම කොන්ඩේ කපල නාවනකොට
හදවතට දැනෙන විදිය කරලම බලන්න!

Comments

Popular posts from this blog

Chrome profile එක මැකීම

සාමාන්‍යන් අපි භාවිත කරන වෙබ් ගවේශක, එහෙම නැත්නම් බ්‍රවෘසර් වල ප්‍රොයිල් එකක් තියෙනව. කලක් භාවිත කරද්දි සමහර වෙලාවට මේක ක්‍රැශ් වෙන්න පුලුවන්. එක්කෝ අප්ග්‍රේඩ් කරද්දි ඉතා කලාතුරකින් වෙන්න පුලුවන්. අද හිතවත් ගුරුමහතෙක් වන ලක්ෂමන් තිලකරත්න සර් මේ කිහිප දෙනෙක්ට ක්‍රෝම් යාවත් කරාට පස්සේ ක්‍රෝම් නිසි ලෙස වැඩ නොකරන බව සඳහන් කළා. ඉතින් ලෙසිම විදිය පරණ ප්‍රොෆයිල් එක (පැතිකඩ) මකල දාන එක. පහත සඳහන් කරලා තියෙන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය අනුව ක්‍රෝම් ප්‍රොෆයිල් එක තිබෙන තැන. Windows 7, 8.1, and 10: C:\Users\ \AppData\Local\Google\Chrome\User Data\Default Mac OS X El Capitan: Users/ /Library/Application Support/Google/Chrome/Default Linux: /home/ /.config/google-chrome/default උදාහරණයක් ලෙස මේ මගේ (Linux) පරිගණකයේ ක්‍රෝම් ප්‍රෆයල් එක තිබෙන තැන. /home/danishka/.cnfig/google-chrome/Default මේ සඳහා ක්‍රෝම් ඇඩ්රස්බාර් එකෙ chrome://version/ ලෙස ටයිප් කරලා එන්ටර් කරන්න.  එවිට ලැබෙන තොරතුරු අතරේ Profile Path ලෙස Chrome හි profile එක තිබෙන තැන දිස්වේ.  දැන් ඉතින් මේක මකල දාන්න. වින්ඩෝස්

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්. නඩේ ගුරා මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ. කොට අදින අලි මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක. බටා ගෙනව නේද? ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුව

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු