Skip to main content

#10yearchallange නිසා සමාජෙන් කොන් වේවිද?



සමාජ ජාල හරහා මේ දිනවල ඉතා වේගයෙන් යන රැල්ලක් තමයි #10yearchallange  එක. වැඩේ නම් සරලයි වගේ බැලු බැල්මට. මේ සඳහා සසභාගී වීමට ඔනම අයෙක්ට පුලුවන්. කරන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැ, විශේෂ මෙවලම් අවශ්‍යත් නැ. කරන්න තියෙන එකම දේ තමන්ගේ මීට වසර 10ට පෙර ලබා ගත් පිංතූරයක් සසදමින් සමාජ ජාලය හරහා එක් කිරීම පමණයි.



දැන් මේ අහිංසක සතුටක් ලබන වැඩක් නේද මේ? පොඩි කාලේ පිංතුර එලියට අදිමින් ඒ මිහිරි අමිහිරි මතක විදින්නට ඔබත් ඔබේ සමාජ ජාල ආශ්‍රීත හිතමිතුරන් එක් වෙනව නේද?

 කමෙන්ට් කරනව ලයික් කරනව.....
ඒ විතරක් නෙමේ අදාල සමාජ ජාල සේවාවක් ගොඩනගා ඇති සමාගම් වලට නත්තල් වගේ.

ඇයි එහෙම නත්තල්?



ඔබ මීට පෙර Facial Recognition ගැන අසා ඇති, එක්කෝ ඒ ගැන හොඳින් දන්නව වෙන්නත් පුලුවන්. දන්නේ නැති අයෙක් නම්.. යම් පුද්ගලයෙක් පිංතුරයක් හෝ විඩීයෝවක ඇති විඩීයෝ ෆ්‍රේම් එකක් භාවිතයෙන් හදුනා ගැණීම, තහවුරු කරගැණීමට හැකියාවක් මේ Facial Recognition තාක්ෂණයට පුලුවන්.

එක පේළියකින් ලිව්වට මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ වැඩේට 1964 වගේ කාලෙකදි හෙලන් චාන් සහ  චාර්ල්ස් බිසන්  දෙදෙනා එක්ව පළමු නිමැවුම කරනව.


මිනිස් මුහුණේ ඇති ගුණාංගසැලකිල්ලට ගනිමින් ඉතා විශාලදත්ත ප්‍රමාණයක් භාවිතයෙන් මේ Facial Recognition පද්දති දියුණු කිරීමට/පුහුණු කිරීමට ලක් කරනව.

Source: wikipedia
Source: wikipedia

ඔබේ මුහුණේ හැඩය පදනම් කරගෙන රටාවන් විශ්ලේෂණය කිරීම මඟින් යම් පුද්ගලයෙක් අනන්‍ය ලෙසම හදුනා ගැණීමේ හැකියාවක් Biometric Artificial Intelligenceයෙදුම් වලට තියෙනව.

ඔබේ මුහුණ මඟින් ඉදිරිපත් කරන ඉරියව්/හැගීම් මනාව විශ්ලේෂණය ඉතා පහසු කාර්යයක් නොවේ.
Source: wikipedia



එහෙම මිනිස්සු හොයන්න පුලුවන් ද? එහෙම ව්‍යාපෘති ලොකෝ දැනටම කරනවද?


2018 වසරේ අප්‍රේල් මස 6 දින ඉංදියාවේ නවදිල්ලී පොලීසිය දරුවන් 45,000කට ආසන්න ප්‍රමාණයකගේ පිංතූර මුහුණු හදුනා ගැණීමේ තාක්ෂණික පද්දතියකට එක් කිරීම මඟින් අතුරු දහන් වූ දරුවන් 2930ක් දින 4ක් තුළ සොයා ගැණීම ඒ දරුවන්ගේ සහ දෙමාපියන්ගෙත් වාසනාවක්. 

මෙහිදි දෙමාපියන් ලබා දෙන පිංතූරයක් සහ නගරයේ ආරක්ෂිත කැමරා මඟින් ලබා ගන්නා විඩීයෝ දත්ත සමඟ ඉහත කී තාක්ෂණය සහිත යෙදුමක් හරහා සැසදීම මඟින් අදාල දරුවන් හදුනා ගැණීම සිදු වෙනව. දරුවන්ගේ දෙමාපියන් ලබා දෙන පිංතූර දරුන් අතුරු දහන් වූ දිනට පෙර දින ලබාගත් පිංතුර නොවන බැවින් අදාල පිංතුරය සහ දරුවන්ගේ වර්තමාන පෙනුමේ සැලකිය යුතු වෙනසක් ඇති නිසා අදාල යෙදුම්/පද්ධති වලට වයස වෙනස් වීම යන සාදකය සඳහා භාවිත කරන ඇල්ගොරිදම් වඩා ප්‍රශස්ත තත්වයක පැවතීම ඉතා වැදගත්.

මේ තාක්ෂණය නිතියේ රැහැනින් බේරි සිටින පුද්ගලයින් සොයා ගැණීමටද භාවිත කළ හැකි යාවත් ඇති අතර කිසිදු අපරාදයක් නොකළ අහිංසක මිනිසුන් පවා ආරක්‍ෂක අංශ වලට ගොදුරු වීමේ අවදානමක් ඇත. 
උදාහරණයක් ලෙස ලංකාවේදි නම් විරෝදතාවලට එක්වන අහිංසකයින්ට අබසරණයි!

එනම් විවිධ විරෝදතා සඳහා එක්වන පුද්ගලයින් ඉතා පහසුවෙන් මේ තාක්ෂණය හරහා සොයාගැණීමත් භාවිත කරන  පද්ධතියේ දොසක් නිසා නිවැරදි පුද්ගලයෙක් වුවද අනවශ්‍ය ලෙස කරදරයේ වැටීමක් සිදු විය හැක.


Photo: independent.co.uk


2016  Amazon ආයතනය හදුන්වා දුන් Real-time Facial Recognition සේවාව ඇමරිකාවේ නිතිය ක්‍රියාත්මක කරන සහ වෙනත් රජයේ ආයතන වෙත විකිණීම ඇරඹුවත් පසුව සමාගමේ සෙවකයින් සහ කොටස්කරුවන් මෙම සේවාව ආරක්‍ෂක අංශ වෙත ලබා දීම නවත්වන ලෙස ඉල්ලා සිටින ලදි.


දැන් මම දාපු පිංතූරෙන් මොකද වෙන්නේ?

සාමාන්‍යන් ඉහත සඳහන් කළ පද්ධතියක් නිසි ලෙස ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මකවීම සඳහා, විශේෂයෙන්ම වයස වැඩී වීම සහ හදුනා ගැණීමට අදාල ඇල්ගොරිදම් පුහුණු කිරීමට අවශ්‍ය මිනිස් මුහුණු ප්‍රමාණය ඔබට සිතා ගැණීමටවත් නොහැකි තරම්. 100, 200, මිලියනයක් නොව එය පෙටා බයිට් ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් විය හැක.



ඉතින් මෙහෙම පිංතුර අපි කලින් දාපු පිංතුර වලින් හොයාගන්න පුලුවන් නේද?

දැනට අන්තර්යාලයේ ඔබෙත්, මගෙත් විවිධ පුද්ගලයින්ගේ පිංතුර ඇතත් ඉන් බෝහෝමයක් නිවැරදි ලෙස වයස හදුනා ගත හැකි ලෙස ඇති දත්ත නොවේ. එලෙස ඉතා පහසුවෙන් ගන්න පිංතූර සහ විඩියෝ යළි ඉතා විශාල සම්පත් (කාලය, මුදල්, පරිගණක බලය, දැණුම ) යොදාගනිමින් පෙරා වෙන්කරගත යුතු වෙනව.

නමුත් මේ දිනවල සිදුවන #10yearchallange  රැල්ල හරහා ඉතා පහසුවෙන්ම යම් පුද්ගලයකුගේ වසර 10ක කාලපරාසයක් තුළ ලබා ගන්නා ලද පිංතුර සමාජ ජාල හරහා ඔබ නොදන්නා ව්‍යාපෘති වලට ලබා දී අවසන්.


ඉතින් මම දෙන පිංතූරය කාටවත් ගන්න බැනේ?
ගත්තත් අතුරුදහන් වුන ළමයෙක් හදුන ගන්න දායක වෙනව නේද මමත්?

2018 වසරේ මාර්තු මස කරලියට පැමිණි "Facebook–Cambridge Analytica" අර්බුදයවස්තාවේදි වාර්තාවුනේ මිලියන 87ක පරිශීලකයින්ගේ දත්ත අදාල සිදුවීමට අයත් වූ බව Facebook සමාගම පසුව පිළිගෙන තිබුණි.
ඔබ ලබා දෙන දත්තවල අයිතිය කාටද? භාවිත කරන්නේ කුමණ ආයතනද? කුමණ කාරනා සඳහා ද යනවග ඔබ දන්නවා ද?



මේ සියදිවි හානි කරගැණීමකට අදාලව සජිවීව විකාශය කළ විඩීයෝවක් ඉවත් කිරීමට කළ ඉල්ලීම Facebook බැහැර කළ අවස්ථාවක්. https://www.newstalkzb.co.nz/news/national/concerns-raised-after-video-of-teens-suicide-posted-on-facebook/


අවසාන වශයෙන් මේ සටහන කියවන දෙමාපියන්ගෙන් මා විමසන්නේ ඔබේ දියණියගේ මල්වර උත්සවයේ පිංතුර සමාජ මාද්‍ය හරහා එක් කරන්නේ දරුවාගේ කැමත්ත සහිතවද?

දරුවන්ගේ උපන්දින සහ වෙනත් විශේෂ අවස්ථා සියල්ල හිතපිතුරන් සමඟ බෙදා ගැනිමේදි වරින් වර ඔබේ දරුවාගේ පිංතූර ලබා දෙන්නේ කාටද? 
සමාජ ජාල වෙත ඔබේ පුද්ගලික තොරතුරු (සුවිශේෂි තොරතුරු,  පිංතූර) ලබා දීමට පෙර දෙවරක් හිතන්න.

ජය! 

 





Comments

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...