Skip to main content

දැයට කිරුල ප්‍රදර්ශනයේදි නිදහස් සහ විවෘත මෘදුකාංග සඳහා උණුසුම් ප්‍රතිචාර!

දැයට කිරුළ 2012 අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සහ හන්තාන ලිනක්ස් ප්‍රජාව එක්ව සංවිධානය කළ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුවත් කිරිමේ වැඩසටහන් මාලාව පෙබරවාරි මස 7 සහ 8 දෙදෙන තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ප්‍රදර්ශන කුටිය තුළ දි සිදු කරන ලඳි.

 
ICTA ආයතනයෙන් තෑග්ගක්..

මේ සඳහා අති විශාල පිරිසක් එක් වූ අතර සහභාගි වුවන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණි.
පාසල් ළමුන්, ගුරුවරු, දෙමාපියන් මෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශවල රැකියාවන්හි නියුතු කොටස් මෙම වැඩසටහන සමඟ එක් විය.

මෙම වැඩසටහන අතර තුළ දි පාසැල් ගුරුවරුන් සඳහා හන්තාන ලිනක්ස් පද්ධතියේ ඇති අධ්‍යාපනික මෘදුකාංග භාවිතයෙන් කෙටි පාඩමක් තම පාසැල් දරුවන්ට කිරීමටද අවකාශ ලබා දීම විශේෂත්වයකි. එහිදි එම මොහොතේ විනාඩි 2ක් පමණ කාලයකදි අදාල මෘදුකාංගය භාවිතයට හුරුවීම මඟින් පාසැල් දරුවන්ට කෙටි පාඩමක් කිරීමට පාසැල් ගුරුවරු සමත් වූහ.




ප්‍රදර්ශනකුටියට පැමිණි පාසැල් ගුරුවරයෙක් පැමිණ සිටි පාසල් ළමුන් ඇතුලු පිරිසට Kalzium මෘදුකාංගය භාවිතයෙන් රසායන විද්‍යාව පිළිබඳ කෙටි පාඩමක් කරමින්...

පාසැල් දරුවන් සඳහා පාසැල් පොත් බෑග්, පෑන් වැනි තිලිණ මෙන්ම කෙටි සංග්‍රහයක් ලබා දීම ද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි. එමෙන්ම හන්තාන ලිනක්ස් 15.5 DVD තැටි නොමිලේ බෙදා දීමද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි.

දිනකට වැඩසටහන් 3 ක් පමණ කළ හැකි යැයි මුලින් සැලසුම් කළ ද, එක් වැඩසටහනක් අවසන් වෙත්ම තවත් වැඩසටහනක් ඇරඹීමට සිදු වුයේ පසල් සිසුන් සහ ප්‍රදර්ශනයට පැමිණි දෙමාපියන්ගේ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ හදුන්වා දුන් වැඩසටහන් සඳහා තිබූ උනන්දුව නිසා වෙනි.



ගණිතමය ගැටලු ඇසුරෙන් නිමවා ඇති TuxMath ක්‍රීඩාවෙන් ජයගත් පාසල් සිසුන් දෙදෙනෙක්..

තවද, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාවද තම ප්‍රදර්ශනය කුටිය හරහා දෙවන වරටත් නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දීම මුළු ප්‍රදර්ශන කාලය පුරාම සිදු කරන ලදි.
දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා එක් වීමට මූලික අවදියේදි සහාය දුන් බන්දුල රණතුංග මහතාටත්, තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයටත්, මෙම සියලු කාර්යයන් සාරථක කර ගැනීම උදෙසා උරදුන් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ අතුල පුෂ්පකුමාර, වසන්ත දේශප්‍රිය, මහේෂ් කූරගම, මලිත්, කසුන්, ප්‍රියන්ක සහ හන්තාන කණ්ඩායමට අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු කරමින් හන්තාන ලිනක්ස් කණ්ඩායමෙ සහායට එක් වූ සුජිත් ජයසූරිය මිතුරාටත් හන්තාන ප්‍රජාවේ නොමද ස්තුතිය පිරි නැමේ.




පැණයකට පිළිතුරු සොයමින්..


රැයක් දවාලක් නොමැතිව නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පිළිබඳ වැඩසටහන් සඳහා අති විශාල ඉරිසක් එක් ව සිටි අයුරු

Comments

  1. මලයා ...
    මගෙ ලඟ අමතර කොම්පීතරයක් තිබෙනවා.. දැනට තියෙන්නෙ win xp sp 3
    එහි රැම් එක 512x2 තිබෙයි.
    ප්‍රොසෙසර් එක 1.78 ගිගාහර්ට්ස් ය...
    මට මේකට අත්හදාබැලීමටත් එක්ක හන්තාන ලිනක්ස් දා ගන්න ආසයි.
    එය නිවැරදි ව කර ගන්නේ කොහොමද ...?

    ReplyDelete
  2. ඔබ පවසන පරිදි ඔබේ පරිගණකයට හන්තාන 15 ද ස්ථාපනය කළ හැක.
    හාර්ඩ් ඩිස්ක් එකෙ ඉඩ ඇත්නම් වින්ඩොස් XP සමඟ ස්ථාපනය කළ හැක.
    ඔබට අදාල ගැටලු හන්තාන පරිශීලක සමූහයෙන් විමසන්න.
    http://groups.google.com/group/hanthana-community

    ReplyDelete
  3. fedora live sd eka run karala ok nam hanthana dagannza.

    ReplyDelete
  4. true. you can try it if you already have a Fedora copy.

    but there is no point is downloading both Fedora LiveCD and Hanthana.
    Hanthana also comes as a LiveDVD.

    ReplyDelete
  5. ජයවේවා ලිනක්ස්!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...