Skip to main content

Chrome නිසා IE ට තවත් තර්ජනයක්!

නුදුරු දිනයකදි නිකුත් වීමට නියමිත Chrome වෙබ් ගවේශකය IE වලට අනිවාර්යෙන්ම තර්ජනයක් වනු නොඅනු මානායි.

මෙය අපි කවුරුත් දන්න Google ගේ වැඩක්.
එමෙන්ම Chrome එන්නේ විවෘත මෘදුකාංගයක් ලෙසයි.

ඇයි මේක අනිත් ගවේශක වලට තර්ජනයක් නැද්ද?
දැනට වෙළඳපොල තත්වය අනුව IE හි අගය 80% කටත් වඩා අඩුවීමට පසුගිය ජුනි මස 17 දින නිකුත් වූ Firefox 3 බලපැ බව නොරහසකි.
IE හි මෙම වෙළඳපොල පවතින්නේ එය MSFT මෙහෙයුම් පද්ධති සමඟ පෙරනිමියෙන් ලැබීම නිසයි.
කෙසෙ වෙතත් අනතර්ජාය භාවිත කරන්නගේ වඩාත් ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය වන ගුගල් ලබාදෙන මෙම අවස්ථාවෙන් IE හි ආධෛපත්‍ය බිදවැටෙන අතර ෆයර්ෆොක්ස්, ඔපෙරා සහ සෆාරි යන ගවේශක සඳහා ඇති වන බලපෑම එතරම් නොවේ බව මගේ පෞද්ගලිකව විශ්වාසයයි.

තවත් දෙයක්, Mozilla හට මුදල් දෙන ප්‍රධානතම පාර්ශවයක් වන්නේ Google, Google සෙවුම පෙරනිමිය ලෙසට පැවතීම සහ Google සෙවුම් දැන්වීම්.
ඉතින් බලමු වෙන්නේ මොකද කියලා.

අනාවැකි කියන්න තවමත් කල් වැඩියි!

කෙසෙ වෙතත් පසුගිස මොසිලා සමුලුවේදි ඉතාමත් ආකර්ශනිය පර්යේශන ඔවුන් පෙන්වා සිටියා.
ඉතින් තවත් ගවේශකයක් කරලියට ඒම IE ආධිපත්‍ය බිද වැටීමටත් පරිශීලකයන්හට උපරිම සේවාවක් විවෘත මෘදුකාංග හරහා ලබා ගැනීමට හැකිවනු ඇත.

අද (2) දින බීටා එනවා!!
කියවා බලන්න...
http://googleblog.blogspot.com/2008/09/fresh-take-on-browser.html

ඔවුන් මුලින් Windows සඳහා බීටා ලබා දේන අතර ඉදිරියේදි Mac සහ Linux සඳහා ද සහාය දක්වනු ඇත.

Comments

  1. අනර්ඝ පුවතක්.

    ඒ වගේම ඔබේ බ්ලොග් අඩෙවිය යලිත් නිසි තැන නිසි ලෙස පිහිටුවා තිබීම දැකීමත් සතුටුයි :D

    IE හි අගය දැන් 80%කින් අඩු වෙලා ද? නැත් නම් වෙලඳපොල අයත් කරගෙන සිටින ප්‍රමානය 80% දක්වා පහල බැහැලා ද?

    ReplyDelete
  2. ලංකාවෙ වෙලාවෙන් අද රෑට නේද නිකුත් වෙන්නෙ ?

    ReplyDelete
  3. මේකනම් දාපු ගමන් මට තේරුන Google වල QA කොචර අව්ල්ද කියලා, මොකද WinXP SP3 වල මේක දුවන්නේ නෑ, මේක known bug එකක්... මට මතකයි දවසක් ලිනුස් (ලිනක්ස් වල පියා) කිව්වා, ඔහු ගූගල් වල GIT කරපු presentation එකක්දී "I will never let google mange the Linux kernel" :-D

    මේක ඔය ගුගල් අයගේ මුදල් හොයාගැනීමේ තව දෙයක් පමනයි, ඒගොල්ලන්ගේ add network දුයුනු කිරීමට, අනික මේකේ මැද දුවන්නේ Mozilla Tool kit, ඒ කියන්නේ ඕක හා FF අතර පොත්තේ වෙනස්ක් පමනයි ඇත්තේ.

    ReplyDelete
  4. ඇත්තටම මොසිලා සහ ගුගල් අතර බැදීම් පවතිනවා. මම අදහස් කළේ පොදු ව්‍යපෘති.

    මේ ගැන ඉදිරියේදි ලියන්නම්.

    ReplyDelete
  5. අනික මේකේ මැද දුවන්නේ Mozilla Tool kit, ඒ කියන්නේ ඕක හා FF අතර පොත්තේ වෙනස්ක් පමනයි ඇත්තේ.

    Chrome භාවිතා කරන්නේ Mozilla Tool kit නෙවෙයි. gecko engine එකත් නෙවෙයි. ඒක භාවිතා කරන්නේ qt4.4 එක්ක ආපු webkit engine එක. chrome, mozzila, gecko බ්‍රව්සරයකට වඩා සහමුලින්ම වෙනස්. වෙනම java script virtual machine එකක් තියෙනවා. ටැබ් සහ ප්ලගින දුවන්නේ වෙනම process විදිහට. මගේ නම් chrome WinXp sp3 එක්ක යස අපූරුවට දුවනවා.

    ReplyDelete
  6. If you see security reports, you can see lot of security issues in Firefox than IE in last year. And also Microsoft will not give up the battle such easily. Anyway, as you said, it is too early to give forecast. But for sure, Microsoft will manage the big share in coming years for sure.. 

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...