Skip to main content

හැරෙන තැපැලෙන්..

කවුරුත් දන්නා පරිදි පෙරෙදා ෆයර්ෆොක්ස් 3.0.2 උපනිකුතුව ආවා.

එත් ඔන්න හැරෙන තැපැලෙන් 3.0.3 එවන්න කටයුතු සූදානම් වෙනවා. ඇත්තටම මෙහි එක් විසදුමක් පමණයි එන්නේ. මෙය ඉතාමත් දුර්ලබ අවස්තාවක්. මොකද සාමාන්‍යන් විසදුම් කියහිපයක් එක්වර නිකුත් කළත් පරිශිලලකයාගේ යහපත උදෙසා "රහස්පද කළමණාකරනයේ/මතක තබා ගැනිමේදි" UTF අවුලක් (සරලවම) මෙලෙස විසදීමට ඔවුන් දැන් යුහුසුළුව කටයුතු කරනවා.

විශ්වාස කරන්න මේවන විට විසදුමට අදාල කේතය ඔවුන් ලියා අවසන්.

  1. දෝෂ අංකය: 454708 storage-Legacy can throw when calling ConvertToUnicode
  2. දෝෂ අංකය: 451155 Password manager does not work correctly on IDN site whose name contains any character over U+0100

අද දින තත්වපාලණයට එය ලක් වෙන අතර බීටා වෙළුම ලබන සතියේ මුල නිකුත් වනවා.

ඇත්තටම ගැටලුවක් ඇති විට එයා පෙන්වා දීමත් එයා විසදීමට ඉක්මන් වීමත් ඉතා හොඳ ලක්‍ෂණයක්.

අනික රහස්පද ගැටලු කියන්නේ ආරක්‍ෂාවට තර්ජයනක්..
ඉතින් ආරක්‍ෂාවට මුල් තැන! :)

Comments

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...