Skip to main content

network of trees

Comments

  1. අපේ පැත්තෙ ආවොත් මේ නෙට්වර්ක් එක වගේම නෙට්වර්ක් එකේ අවුට්පුට් රිසල්සුත් පාවිච්චි කරලම යතහැකි........

    ReplyDelete
  2. දුම්රියේ යන ගමන් ගත්ත එකක් වගේ :-)

    ReplyDelete
  3. අප්පේ මේ නෙට් වර්ක් එක මම හොදට දැකලා තියනවා.. ඉස්සර අපේ ගෙදර ඉස්සරහා තියන වත්තේත් මේ නෙට්වරක් ‍එක පාවිච්චි කරලා තිබ්බා..දැන්නම් ඒ ඉඩම නෑයෝ අතර බෙදිලා ‍ඉතිං දැන් නෙට්වර්ක් ඩැමේජ් වෙලා

    ReplyDelete
  4. ඔය 'ජාලයේ' ඒවාට වඩා 'තනි ගහේ' බඩු මරු!

    ReplyDelete
  5. @ කව්ශල්‍ය
    එළ එළ, වැඩේ කරගෙන යන්න :)

    @ කල්ප
    ඔව්, ඔව් .. ගාලු කුමාරියේ එන ගමන් .. ;)
    4ක් විතර ගැහුවා හික්...

    @ මලී
    ආ, අපරාදේ. මලීට නෙට් ඇඩ්මින් පටන්ගත්තනම් හරි :D

    ඔය වයඹ පලාතෙත් පොල් ඉඩම් කට්ටි කරන නිසා ලොකු පොල් වතු විනාස වෙනවා.

    @ හොමෝ..

    කවදා කාපු ටකරන්ද.
    අපේ කැම්පස් එකේ පොඩි උපසම්ප්‍රදායක් තියෙනවා. බකට් එකට පස්සේ සහ සොශල් එකටත් පසුව නවකයින් පුංචි ක්‍රිකට් තරගයක් සංවිධානය කරනවා ඒකට ඉතින් මෙවා ගේනවා ලොකු බැරල් එකකට.
    හැබැයි බයිට් එක නම් එළ (මංඤ්ඤෝක්කා සහ මස්)
    [සුරාමෙරය,තනිව කඩන්න හොදනැනේ මාංශත් තියෙනවා] ;-)

    හැබැයි,පහුවදාට ගද තමා අවුල.... :P

    දැන් නම් ඒවා තියෙනවද දන්නැ ;)
    සමහර විට දැන් ඉන්න මල්ලිලා ගහ යටම තරගේ තියනවා ඇති. හික්!

    ReplyDelete
  6. Packet switching නේද වැඩ කරන්නේ? Packets වල පැවැත්ම නම් බොහොම අවදානම්. අවිනිශ්චිතයි. Output results වල රස ගැන කිව්වට මේ ගැනත් හිතුවද?

    ReplyDelete
  7. @ ශකුන්තල
    මේක Packet switching නෙමේ basket_switching හෝ pot_switching :)

    ReplyDelete
  8. ඒ කියන්නෙ මේවගේ දේවල් වලට පුරුදු පුහුණු වුනු උදවිය ඉන්නව එහෙනම් ...:)

    ReplyDelete
  9. නැතුව නැතිව සූර්ය සිංහයො විධිහට දේශීය දේවල් අගේ කරන්න එපැයි :D

    ReplyDelete
  10. මේකට තුරුදැල කියල කිව්වොත් නරකද සිංහලෙන් ?

    ReplyDelete
  11. @ රුක් දෙවියා said...

    නරකම නෑ, ඇත්තටම මේක තුරු දැලක් වගේ තමා.

    වගේ ඕනත් නෑ වගේ

    ReplyDelete
  12. තුරු දැල නිසා සමහරු මත් වෙනව නේන්නම් ..හික්‌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...