Skip to main content

ටෙක්කතා පටිගත කිරීම අතරේ ගුවන් ප්‍රහාර

ඔන්න සුපුරුදු පරිදි අපි ටෙක්කතා 5වන පටිගත කිරීම සඳහා සූදානම් උනා. සියලුම ගැටලූ සහ තොරතුරු සූදානම් කර පටිගත කිරීමට සැරසෙනවාත් සමඟ මලින්ත මල්ලිත් මමත් හැරෙන්නට අපේ කණ්ඩායමේ අනික් අයගේ සම්බන්ධතාවය නැති වී ගියා.

විනාඩි 2ක් පමණ අපි කියවා කියවා හිටියා.. අපි මුලින් හිතුවේ සුපුරුදු පරිදි බුද්ධිකට බඩගිනි වෙලා කියලා. ;)
මෙය එච්චර දැනෙන සුලු දෙයක් නොවුනත් අපි කෝකටත් කියා කාලිංග ඇමතීමෙදි දැනගත්තෙ කොළඹට විදුලිය විසන්දි කර ඇති බවයි.

එත් ඉන්පසුත් මලින්තත් මමත් කතා බහක හිටියත් සුලුමොහොතකින් අප දෙදෙනාගෙත් සම්බන්ධතාවයක් බිදි යාමත් සමඟ ජංගම දුරකතන වලට පින්සිද්ද වෙන්න කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂදේව යහතින් සිටිනා බව දැනගත්තා.

ඇත්තටම මේ ගුවන් යානා එන්නේ කොහෙන්ද? කෙසේ වෙතත් යුද්ධය අවසන් වුවත් මීට වඩා විශේෂිත ගුවන් ආරක්‍ෂණ පද්ධිතයක් අපි අවශ්‍ය වෙනවා. වැරදිලාවත් මේක WTC එකට වැටුන නම් සුලුපටු හානියක් නෙමෙ වෙන්නේ.

දැන් ඉතින් වැට් හොරුනම් සතුටින් ඇති :D

ආ මෙන්න අපේ අය හොදින් ඉන්නවා. අපේ අය දැන් online

එත් කාලිංගගේ tax file එක පිච්චිලා නැති එක නම් පාඩුවක්. ;)

Comments

  1. මේ ගොල්ලන්ට මං කිවුවා විදුලිය නැහැ කියලා.. මෙයාලා ඒගොල්ලන්ට තියෙනවා කියලා‍ ටෙක්කතා පටන් අරන්.. පස්සේ ජනෙල් ගාවින් ඈත් වෙලා ඉන්න කිවුවාම මේ අයියලා ටික ජනෙල්වලින් ඔලු දාලා මල් වෙඩි බලන්න ගිහින් ළඟින්ම බෝල පිපිරුණාම තමා බය වෙලා තියෙන්නේ ..
    ‍(තව පොඩ්ඩෙන් ටෙක් කතාවලට බෝම්බ ගැහුවා කියලා මාව තමා අල්ලන් යන්නේ (සිනා))..
    තාම රස්නේ ඉවර නැහැනේ.. බලමුකෝ තව මොනවද වෙන්නේ කියලා..කවුද දන්නේ දේශීය ආදායම් එක ඇතුළෙනුත් ප්ලේන් මතුවෙයිද කියලා ;)

    ReplyDelete
  2. ඔන්න ඉතින් අපි ආයෙත් පටිගත කිරීම පටන්ගත්තා. :) අනෙමන්දා මලින්ත නම් ඇද යට.

    ReplyDelete
  3. Oh! TechKatha 5 th ennada yanne?

    Download kalaata thawama 4 ahuweth nae :)

    ReplyDelete
  4. ඔය කිව්වට මලින්තයි ඩනිෂ්කයි දෙන්නම හොඳටම බයවෙලා හිටියෙ.. :D

    අපිනම් ආරක්ෂක ස්ථාන වලට ගිහින් දාඩිය දාගෙන බලන් හිටිය.. ඔක්කොම සද්ද බද්ද ඉවර උනාට පස්සෙ.. ආයිත් ටෙක්කතා රෙකෝඩිං පටන් ගත්ත.

    කොහොම උනත් වැඩි හානියක් නැතුව ත්‍රස්තවාදී ගුවන්‍ යානා දෙකම විනාශ කරන්න පුලුවන් වෙච්චි එක ලොකු දෙයක්.. ආයිත්නම් ඉතින් ඒ කරදර නෑ.. හුරේ.....

    හැබැයි IRD එකේ මියගිය සහ තුවාල
    වෙච්ච හැමෝ ගැනම දුකයි...

    ReplyDelete
  5. @හර්ෂ,

    මලින්තගේ ඔලුවේ මැහුම් දාලා.. තාම රිදෙනවලු, ඇදයටින් එද්දි ඔලුව වැදිලා වැදිලා. :)

    ReplyDelete
  6. මමනම් තාම ඈහුවෙ 3 විතරයි. කෝ 4 ??
    මොනව උනත් ඔයාලගෙ වෑඩේ නම් නියමයි
    ටෙක් කතා රොක්ස් !

    ReplyDelete
  7. පළවෙනි කොටසෙදි අපි හදුන්වාදීම පමණයි කළේ. දෙවෙනි වැඩසටහනේදි තමයි ගැටලු සඳහා පිළිතුරු ලබා දුන්නේ.

    01. http://www.techkatha.com/2009/01/28/techtalk-welcome/

    02.http://www.techkatha.com/2009/01/31/techkatha-first-show/

    03. http://www.techkatha.com/2009/02/07/techkatha-ep3-game-developers-q-and-a/

    04. http://www.techkatha.com/2009/02/15/techkatha-ep4-q-and-a-sinhala-unicode-help/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...