Skip to main content

රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?

මෙම ලිපිය සකසන මා බෞද්ධයෙකු බව පළමුවෙන්ම පවසා සිටිමි.

දැන් කාලේ ගොඩක් නගරවල තිබෙන දැන් වීම් නම් අසවල් පන්සලේ රන්වැට සඳහා පිංවතුන් ආධාර කරන ලෙසයි. නැත්නම් ආසියාවේ දිගම/විශාලම පිළිමයට ආදාර දෙන ලෙසයි. (මේ වගේ එකක් දුම්රියෙන් යන විට මග්ගොන හරියෙත් තියෙනවා)

ඇත්තටම සාමාන්‍ය ශාඛ මෙන් බෝ ගසටත් ස්වභාවික සම්පත් හැරෙන්නට මෙවැනි අමුතුම සත්කාර අවශ්‍ය ද?

විශේෂයෙන් හිසට සෙවනක් කුසට අහරක් නැති අය සිටින මෙරටේ ගසක් වටේ මෙවැනි වැටක් ගහන්න ඇයි මෙලෙස වියදම් කරන්නේ?

ගසේ ආරක්‍ෂාවට නම් මම හිතන්නේ කම්බි වැටක් තරම් තවත් දෙයක් නැ.

තෘෂ්ණාව නැති කරන්න කියලා හැම පෝය දිනකදීම යකඩ කටින් කියවන අපේ ගමේ පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය ලගදි හොරු අරන්. :D
මම හිතන්නේ බුදුන් දෙසු දහමේ සිට අපේ හාමුදුරුවෝ හොරාට මෛත්‍රි කරන්න ඇති නේද?

පිස්සුද මේ හාමුදුරුවෝ පන්සල වටේ තාප්පය ගහන්න ගිහින් අල්ලපු වැටේ මනුස්සයට විරුද්ධව පොලිසි ගියා..
(මා දන්න කාලයක සිට ඒ ගෙදර වැසියන් යන්න එන්න ගියේ ඒ පාරෙන්...)

දෙයියනේ පන්සලට තාප්පයක් මොකටැ..

ඔය කියන හොරා ආවෙත් තාප්පේ ගැහුවම හැබැයි.

හරි නම් පන්සල් වලින් ගිහියන්ගේ අපහසුකම් වලට සහනයක් දෙන්න ඔනා. දැන් ඇත්තටම පන්සලේ අපහසු කම් වලට ගිහියන් සහනය දෙනවා. ටයිල් නැති සිමෙන්ති පොලවේ වෙසෙන ගිහියන් පන්සලේ ටයිල් ඇතිරීමට ආදාර දෙනවා.

දෙන්න සල්ලි තියෙනවා නම් නැති කෙනෙක්ට ගෙයක් හදලා දෙන්න. ඇයි බැරි?

අන්‍ය ආගම් වලට හරවනවා කියලා අපි කැගැහුවට අපේ පන්සල් වලින් අර ආගමට යන අයට මොනවද උනේ?
දැන් පන්සල් අතර තියෙන්නේ තරගයක්.. එකකට එක්ක නොදෙවෙනි වෙන්න සරසන එක..

ඔවා ගැණු අයගේ වැඩ.. අල්ලපු ගෙදරට වඩා තමන්ගේ ගෙදර ලස්සනට සැරසීම.

ඇත්තටම මේ කාරණාව වරක් ගමේ පන්සලේ බෝධි පූජාවකට වැඩම කළ ස්වාමින් වහන්සේ නමක් කිව්වා ගමටම ඇහෙන්න. සාදු! සාදු!

2007 වසරේ ඉංදියාවේ මුම්බායිහි 100,000 දෙනා බුද්ධාගමට හැරවීමක් සිදු උනා..
ඒ අඩු කුලයේ අයව බුද්ධාගමේදි/ බුද්ධ දර්ශනයට අනුව කුලය නිසා වෙනස් කමකට ලක් නොවන නිසා.

එත් අපේ රටේ තවම නිකාය බේදය තියෙනවා නේද?

ඇත්තටම දේශපාලකයින්ට කඩේ යන එකත් අතඇරලා හාමුදුරුවන්ට තමන්ට නියමිත වැඩ කරගෙන ඉන්න බැරිද?

තවදෙයක්.. ගිහියන් අරපරිස්සමින් විදුලි පාවිච්චිකර ඉතුරු කළත් පන්සලේ දේවාලයේ පැය 24 විදුලි සඳහා මුදල් දෙනවා....
ඇත්තටම මේ වෙන්නේ සද්ධාව පිටින් දමා ගසා කැමක්ද? මොකද ඔය කියන තැන් වල පැය 24ක විදුලිය භාවිතයක් නැ.

නමුත් විදුලිය තියා බොන්න පැන් බිදක් වත් නොමැතිව පන්සලේ සිල්වත්ව වෙසෙන ස්වාමින් වහන්සේලා මෙරටේ නැත්තා නොවේ!

Comments

  1. I hope you have found a christian girlfriend and/or on the verge of getting converted to christianity. If you have a problem sort it out with a monk you know rather than putting this type of negative things on public blogs about temples, monks and buddhism !

    ReplyDelete
  2. උඩ බලාගෙන කෙල ගහන්න එපා ! ඔයාට තියෙන ගෞරවය නැතිකරගන්න එප මේ අනන් මනන් ලියලා. ඔයා දන්න දේ කරන් ඉන්න !

    ReplyDelete
  3. oba kiyana dee hari sangayawa deeshapaalanayen iwath karanna oone
    deeshapaalanayata yana sangaya silwath nehe

    ReplyDelete
  4. මෙතන කියන්නාවු සමහර කරුණු ඇත්තය නමුත්
    පන්සලේ ඔය තරගය හදන්නේ ගමෙ ඉන්න ගිහි පිරිසය .(ඩනිස්ක අයියා පන්සලේ දායක සභාවෙ රුස්විමකට ගොස් එය ඇත්තද කිය බලන්න) . පන්සලේ හමුදුරුවො සරලව ඉන්න හැදුවොත් ඔහුට බනින්නේ ඔකා මොනවාද පන්නලට කරේ කියාය.

    කුල බෙදයෙ කතාව මම පිළිගනිමි . බමුණ න්ට හා සමහර චිවර දාරින් අතර වෙනසක් නැත .සමහරෙක් දරුවකු දහණ කිරිමට මුලින්ම හොයන්නේ මු අපෙ වංසේද කියාය.

    සිල් වත් විම යනු දුක් විදිම නොවෙ ඔවුන්ට සැප විදිම තහනම් නැත ( මම දන්න ආකාරයට)
    එසෙ නැත්තන් 80 කොටියක් වියදම් කර සැදු ජෙතවනාරමය පිළිගනිමින් පලමු වරද කර ඇත්තේ බුදු හාමුදුරුවන්ය .

    අනික ලංකාවෙ ආගමෙ නාමයෙන් මෙ විනාස කරන මුදල් ප්‍රමානය දැන් බුදු හිමියන් දන්නවානම් ......

    බො ගසට දෙන හොදම සැලකිල්ල නම් එයට නිදහසේ ඉන්න දිමය .

    ReplyDelete
  5. අහවලා රැක දෙනන් කියා බෝගහේ කොඩි එල්ලන්නේ බෝ ගහට අනික් අයවත් රැකීමේ බලයක් ඇති නිසාය. මටනම් තේරෙන්නේ නැත්තේ අනික් අය රකින්න පුළුවන් බෝගහ රකින්න මිනිස්සු මොකට එක එක සේල්ලං දානවද කියලා

    ReplyDelete
  6. අගනා, එමෙන්ම අවංක සටහනක්.

    දේපොල ක්‍රමයට (මනෝරාජික ප්‍රවිශ්ටයකින් හෝ) එරෙහි ව යමින් තමයි සංඝ සමාජය ස්ථාපනය කෙරුවෙ බුදුන් වහන්සෙ. එහි පුද්ගලික දේපොල තිබිය නොහැකියි මුල් බුදුසමයේ ප්‍රකාශිත අරුතින්. නමුත් එසේ වෙන ම පිහිටවූ "සංඝ සමාජයට" පිටත සුපුරුදු පරිදි පන්ති සමාජය සහ පුද්ගලික දේපොල ක්‍රමය පවත්නා තාක් එය සංඝය තුලට කාන්දු වෙනවා. ක්‍රමයෙන් මේ දේපොල දියුනු වී ආ හැටිත් ඒවා පාලනය කිරීම සංඝ සමාජයේ "වෘත්තීය" කටයුත්තක් බවට පත් වූ හැටිත් ගැන කදිම ඓතිහාසික විස්තරයක් රණවීර ගුණවර්ධන ලියූ සිවුර සහ නගුල නමැති කෘතියේ එනව.

    පහත දැක්වෙන කොටස විහිලුවක් බව සියලු ශ්‍රද්ධාවන්තයින් සලකන්න :
    ඩනිෂ්ක, ඔය ස්ථාන නාම ලියල ඊට පස්සෙ පාරෙ යන්නෙ බලාගෙන. මග රැකල ඉඳීවි "සැදැහැවතුන්" ඔබට පින් දෙන්න :-P

    ReplyDelete
  7. ඇත්ත. ‍ඒත් ගොඩක් අය මේ දේ ගැන කතා කරන්න අකමැතියි. පංසල, හාමුදුරුවන්, ආගම විවේචනය කරන එක නොකල යුතු පාපයක් හැටියට දකින නිසා.

    අපේ රටේ පංසලක හාමුදුරුකෙනෙකුට ඇති සමාජ තත්වයත් එක්ක, ගමට සමාජයට කල හැකි ‍දේ අපමණයි. මොන ගැටළු තිබුනත් තවම හාමුදුරුකෙනෙකු කිවු විට දෙයක් නොඅසා සිටින්නන් ඇත්නම්, ඒ සුළුත‍රයෙනුත් සුළුතරයක්.
    පංසලට ඇති ‍මේ හැකියාවෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නවද?

    මේ ගැන ඕන තරම් කතා කල හැකියි. ඒත් තේරුමක් නෑ.

    ReplyDelete
  8. කසුන් කිව්ව වගේ මේක ගැන පැති ගණනාවකින් ඕන තරම් කතා කරන්න පුළුවන් වුණාට තේරුමක් නෑ තමයි. අද කාලෙ ආරණ්‍ය කියල කැලෑවල් මැද තියෙන ස්ථාන පවා භෞතික වශයෙන් අතිශය සමෘධිමත්. ඒකෙ වරදක් නෑ. නමුත් ඒක පළමු කාරණය නෙවෙයි. දැන් ඉන්න සංඝයා සහ ගිහි පිරිසේ පළමු කාරණය පන්සල් මාලිගා කිරීමයි.

    ඔය රන් වැටවල් නම් ලොකුම මගඩි. රන් වැටෙන් නොනැවතී ඕක තවත් බොහෝ දේවල් එක්ක ඈතට යනවා.

    කරන්න දෙයක් නෑ සංඝයාමයි මිනිස්සුන්ගෙ ඇස් බැඳලා තියෙන්නේ.

    ReplyDelete
  9. @කසුන්
    පන්සල හරි හාමුදුරැ කෙනෙකුව (අදාල වැරැද්ද කරන) විවේචනය කලාට පව් සිදු වෙන්නෙ නැහැ.ඒත් අකුසල් සිදු වෙන්නෙ ඒක් දුස්සීල අයෙකුගෙ ක්‍රියාවක් අරගෙන අතිතගේ වැඩ සිටි සහ අනාගතයේ සිටින සිල්වත් භික්ෂුන් වහන්සේලා සියල්ලන්ට අගෞරව වන විධිහෙ දේවල් කියන්න ගියොත් විතරයි.ඩනිෂ්ක කියල තියන කතාව සම්පූර්ණ ඇත්ත.අද ර‍ටේ බහුතරයක් ඉන්නෙ දුසිල්වත් භික්ෂූන් ඒගොල්ලො දන්නෙ නැහැ ඇයි ඒ අය සාසනයට ආවෙ කියල.

    ReplyDelete
  10. මම පොඩිකාලේ ගියපු පන්සලේ, රත්තරන් තියා, කිසිම වැටක් බොගහ වටේ තිබුනේ නැහැ. පොල් අතුරටාවට අතු ගාපු සුදු වැල්ල විතරයි. වටේට අරලිය ගස්. සද්දෙකට කියලා තිබුනේ කුරුල්ලෝ කෑගහනවා විතරයී. හවසට පොඩී හාමුදුරුවරු බන මඩුව ලග ක්‍රිකට් ගහනවා. ඒ දවස්වල මම පන්සල් ගියේ කවුරුවත් කියලාවත්, බුදු බන අහන්නවත් නෙවෙයී. ඒ තිබුනු නිස්කලන්කය නිසයී. පෙරකල පවකටදෝ කොහෙද, දැන් එහම නිදහස් නිස්කලන්ක පන්සලක් හොයාගනවත් නැහැ. හැම තැතම ලව්ස්පීකර අටවලා. හාමුදුරුවෝ ඉන්නේ කීයක්ද මේ දායකයාගෙන් ඉල්ලාගන්නේ කියලා (හාමුදුරන්ට පුරස්න නැහැ කියලා මම කියන්නේ නැහැ )

    ඔය පලමු පදහස් පලකල උන්දෙලානම් බුද්ධදර්මය ගැන කිසිම දෙයක් නොදන්නා හැඩයි. කොහොම උනත් ආගම කියන්නේ කිසිම විවේචනයකට බදුන් නොවී ඕනෑම වසල වැඩක්, මොඩවැඩක්, ත්‍රස්ත වැඩක් කරන්න පුලුවන් සංස්තාවක්නේ.

    ReplyDelete
  11. කසුන්ගේ කතාව ඇත්ත තමා. ඔහුම එහිදි සියලු දෙනාවම ආවරණය කරලා නෑ නොවැ. නමුත් ගිණිමකරාගේ කතාව ඇත්ත. හාමුරුදුවන් විසින් සමාජයට දෙයක් කළ යුතු වුවත් කෙමෙන් ගිහින් උන් වහන්සේලාව දක්කාගෙන යන වෙලාවල් තියෙනවා. ඇතැම් හාමුරුදුවන් වුවත් බොහෝ විට කරන්නේ කටින් බතල හිටවිමක්, ඔවුන් ක්‍රියාවෙන් මේවා කල යුතු වුවත් එවැන්නක් අඩුයි. මෙවැනි දේ නිසාම බුදු දහම් ගැන් කලකිරුණු අයත් ඉන්නවා.

    ReplyDelete
  12. මට මේක දැක්කම මතක් වුනේ බියෝන්ඩ් ගේ බවුද්ද කමයි බෞද්ධ කමයි ගැන ලියවුනු ලිපිය.. මම මේ ලිපිය සමග සෑහෙන්න එකගයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු