Skip to main content

2008 අ.පො.ස. (සා.පෙළ) IT විශය සඳහා ඔබත් වංචාකරුවෙක් ද?

පසුගිය වසරේ පැවැත් වූ 2008 අ.පො.ස. (සා.පෙළ) තොරතුරු තාක්‍ෂණ වියට අදාලව ලකුණු 25 වෙන්කර තිබුනේ පළමු වාරයේ සිට ක්‍රියාත්මක විය යුතුව තිබු තොරතුරු තාක්‍ෂණ ව්‍යපෘතියක් සඳහායි.

එම ව්‍යපෘතියට අදාල උපදෙස් පත්‍රීකාවලට අනුව එය නිසිසේ සැලසුම් කර තිබුණි.

මෙම ව්‍යපෘතිය සඳහා යෝජනා පළමු වාරයේ තුන්වන සතිය වන විට විශය භාර ගුරුවරයාට ලබා දියයුතූ බව අදාල උපදෙස් වල මැනවින් සටහන් වී තිබුණි. නමුත් බහුතරයක් තොරතුරු තාක්‍ෂණ විශය භාර ගුරුවරු මෙම ව්‍යපෘතිය පිළිබඳව සිසුන් දැනුවත් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ වීම අතිශය කනගාටුදායක සිද්ධියකි.

විභාගය අතලගට ආවම කව්ද මේවගේ ව්‍යපෘති කරන්න යන්නෙ?
එක්කෝ කලින් අවුරුද්දේ කළ කෙනෙක්ගේ එක ඉල්ලන් පෙන්වනවා,...

හැබැයි මෙකෙදි විභාග දෙපාර්තුමෙන්තුවට ලකුණු යවන්නේ අදාල විශය භාර ගුරුවරයා වීම ද සිසුන්ගේ සැනසුමට කාරනයක් විය.

ඉතින් මෙන්න සිද්ධිය:

මෙවර තොරතුරු තාක්‍ෂණ විෂයට A සාමාර්තයක් ගත් කිහිපදෙනෙක්ගෙන් විමසූ විට ඔවුන් මෙවැනි ව්‍යාපෘතියක් ලබා දී නොමැත. එසේ නම් පිළිතුරු පත්‍රයට ලැබෙන ලකුණු 75න් 75ම ඔවුන් ලබාගෙන ඇත. එක් ලකුණක් හෝ අඩු වුවා නම් B එකක් ලැබිය යුතුයි.

ඇත්තටම ඒකද උනේ?

A සාමාර්ත ගත්ත අයගේ පිළිතුරු පත්‍ර යළි විපරම් කළා නම් මෙහි මගඩියක් වී ඇති බව පැහැදිලි වනු ඇත!

වෙනත් කෙනෙක් පිළිතුරු ලිවීම විභාග වංචාවක් නම් අතින් ලකුණු දැමීම විභාග වංචාවක් නොවේ ද?


මා අතින් වැරදි යමක් සටහන්ව ඇත් නම් කරුණාකර නිවැරදි කරන්න.


වැදගත්:

මීට සුලු මොහොතකට පෙර එනම් 2009-04-21 ප:ව 3.00 අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරියෙක් දුරකතනය හරාහා පැවසුයේ තොරතුරු තාක්‍ෂණ විශය සඳහා වූ ප්‍රශ්න පත්‍රයට 100% ලකුණු ලබා දී ඇති බවත් ව්‍යපෘතියට ලකුණු ලබා දි නැති බවයි.

දැනුවත් කිරීම පිළිබඳව එතුමාට ස්තුතිය පළකර සිටිමි!

Comments

  1. අධ්‍යාපනයට ගිය කල,

    ReplyDelete
  2. @ Kulendra

    It's mean 100% for the exam paper ...?

    ඉතා අසාර්ථක අධ්‍යන ක්‍රමයක් වන විභාග සඳහා තිබෙන එක් විකල්පයක් වන පැවරුම් හෙවත් ව්‍යාපෘතිවලට (ව්‍යාපෘති වලට) ගිය කල...!

    ReplyDelete
  3. IT විතරක් නම් නෙමේ අනිත් එව්වාට ඔහොමයි නොවැ. එකම ඉස්කෝලේ එකම පන්ති භාර ගුරැවරයා යටතේ කෙනෙක් දුන්න ව්‍යාපතියනේ ඉතිං ආපහු කෝපි ගහලා දෙන්නේත්.

    ReplyDelete
  4. වසරක් පුරා කරන්නට නියමිත වූ එම ව්‍යාපෘතිය විභාග ලකුණු වලට අදාල නොවන බව සිසුන් සහ ගුරුවරුන් දැනුවත් වී නොතිබුනේද?

    අනෙක් අතට IT වෙනුවෙන් ව්‍යාපෘතියකින් තොර විභාගයක වටිනාකමක් තිබේද? එසේ නම් ඒ අධ්‍යපනඥයින්ගෙ වැරැද්දකි.

    විභාග නිසා සෑමදා ආතතියට පත්ව සිටින, පොත් කාවන් බවට පත්ව සිටින සිසුන් මෙවැන්නක් කලින් දැන සිටියේ නම් අනිවාර්යයෙන්ම ව්‍යාපෘතියක් ගැන හිතන්නේ වත් නැති බව නම් ප්‍රත්‍යක්ෂය.

    ReplyDelete

Post a Comment