Skip to main content

New logo for Firefox 3.5 (Shiretoko)

ඔන්න Firefox 3.5 සඳහා අලුත් නිළ ලංඡනයක් නිකුත් වීමටයි සූදානම.

මෙය 2007 නොවැම්බර් මසදි Jon Hicks විසින් නිර්මිත සංකල්පය මත පිහිටා නිමවා ඇත.



නව ඉදිරිපත් කිරීම


එදා.. අද.. හෙට....



Source:

මෙම නව නිර්මාණය සඳහා Alex Faaborg සහ Anthony Piraino දායක විය.

Comments

  1. looking good! i hope ff 3.5 can bring back the people who left for chrome back to the ff family! :)

    ReplyDelete
  2. ලෝගෝ එකට වඩා වැදගත් ගුණාත්මක බව. FF 3.0 වින්ඩෝස් වලදි memory management අන්තිමයි. 3.5 සංස්කරණයෙදි ඒ අඩුපාඩුව මඟහැරුණොත් ඒක තමයි වැදගත්ම දේ.

    ReplyDelete
  3. @ශාකුන්තල,

    ඇත්ත ගුණාත්මක බව වටිනවා.. එත් අලෙවිකරණයත් අවශ්‍යයි..

    firefox 3.5 බීටා 4ත් ආවා... බලලම කමෙන්ට කළා නම් හොදා ;-)

    තව දෙයක්, ලංකාවේ IE මෙච්චර මුල්බැසගියේ එය වින්ඩෝස් සමඟ ආ නිසා මිස ගුණාත්මක බව නිසා නෙමේ. OS දාපු ගමන් ඒකත් එනවා.. ලංකාවේ ගොඩක් අය තෝරලා ගන්නේ නැ..

    ඒ වගේම අලෙවිකරණයත් මෘදුකාංගවලට අදාලයි..

    ReplyDelete
  4. Not sure I'm a fan of the new curves. The old ones flowed nicely with the outline of the globe, while these sort of clash.

    ReplyDelete
  5. FF තව "සැහැල්ලු" උනා නම් හොඳයි. එක් ටැබයක් අක්‍රීය උනාම අනිත් ටැබත් වැඩ නොකරන සීන් එක ලිනක්ස් වලදිත් එනව.

    Google Chrome නුත් Open Source නිසා, ඒකෙ හොඳ ලක්‍ෂණ FF ට ගන්‍න බැරි නෑ නේද ? හැම තැනින්න ගුණාත්මක සියල්ල එකතු කරගෙන පරිශීලකයාට උපරිමය ලබා දීම අපිට FOSS එකකින් බලාපොරොත්‍තු වෙන්න පුළුවන් නේ ද ? ඒකට තාක්‍ෂණික සහ නීතිමය බාධාවක් නැති නිසා, එහෙම කළොත් හොඳයි කියල තමයි මගෙ අදහස. විශේෂයෙන් Google Chrome ගෙ separate process කුමවේදය අනුගමනය කරන්න හොඳ දෙයක්. අනික, Google Chrome වගේ තිරයේ අඩු ඉඩක් ලබා ගන්‍නා විදියට මෙහි පෙනුම සැකසුම් කළොත් වඩා හොඳයි. FOSS ලෝකෙදි "කොපි" කළා කියල කවුරුත් සීන් දාන්නෙ නෑ නෙ.

    ReplyDelete
  6. මම මාස කීපයක් chrome වලට බැස්සා..ඒත් සතියක විතර ඉදන් ආයේ FF වලට බැස්සා(මම FF පාවිච්චි කරන්නේ 0.9 / 2004 දී වගේ ඉදන්,ඊට කලින් Netscape නේ ;) )...FF loading speed අඩු උනාට browsing speed වැඩි කියලා මට හිතෙන්නේ...අනික chrome එකේ flash player crash වෙන එක තමා එපාම වෙන්නෙ..අනික addons දාන්නත් බෑනේ

    ReplyDelete
  7. @ඩනිෂ්ක,
    මම දාලා බලන්නම්.

    @Supun Budhajeewa,
    "FOSS ලෝකෙදි "කොපි" කළා කියල කවුරුත් සීන් දාන්නෙ නෑ නෙ."

    මේක හරියටම කියන්න අමාරුයි. FOSS බලපත්‍ර ක්‍රමත් කීපයක්ම තියෙනවා. මේවායෙ ප්‍රතිපත්ති එකකට එකක් වෙනස්. Firefox ලබා දෙන්නේ Mozilla Puplic License ය‍ටතේ. Google Chrome ලබා දෙන්නේ BSD License ය‍ටතේ. ඉතින් Google හා Mozilla අතර යම් එකඟතාවක් නොතිබුණොත් ඔය කියන කොපි කිරීම ගැටළු සහගත වෙන්න පුළුවන්.

    වින්ඩෝස් වල FF crash වෙන නිසා මම නම් දැන් අන්තර්ජාල පාවිච්චියට යන්නෙම ලිනක්ස් තමා. ඒත් Flash තියෙන අඩවි වලදි සෑහෙන මන්දගාමීයි.

    ReplyDelete
  8. හ්ම්ම් හොඳයි වගේ. වානිජ මෘදුකාංගත් එක්ක ෆොස් වලට තියෙන ලොකුම අභියෝගෙ තමයි ඔය මාකටිං කියන්නෙ. (පත්තරේ නම් ලැයිස්තුවයි, කාගෙ කාගෙත් පණිවුඩ ටිකයි දාල අපේ කෙරුවාවල් කියල පිටුවක් පුරවන එක නම් වැඩක් නැ ;) )

    IE වල ප්‍රසිද්ධියට හේතු උනේ OS එකත් එක්ක එන නිසාත් , මුලින් පරිගනකෙට අත තියෙන අයට උගනන්නෙ Internet = IE කියල නිසාත් තමයි.

    පාසල් විශයෙදිත් මේදේ වෙන්ට ඕනෙ. අපේ විශය නිර්දේශයේදි නම් (2008 සාපෙ) කොතනවත් මෙව්ව ගැන උගන්නන තැනක් තිබ්බෙ නැ, උදාහරණ උනත් IE මත පදනම් උන එක හොඳනැ කියල තමයි කියන්ට වෙන්නෙ.

    @ශාකුන්තල

    3.5b4 දාල බලන්ට, මෙමරි අවුල නැ.තව ගොඩක් පහසුකමුත් තියෙනව (එකම අවුල ඇඩෝන සමහරක් වැඩ නොකරන එක තමයි, 3.5 එකේදි හදයි නොවැ)

    ReplyDelete
  9. @ බුධා @ශාකුන්තල

    RMS කොච්චර කෑගැහුවත් ෆොස් වලත් ලයිසන් අවුලක් තියෙනව. මම හිතන්නෙ නැ ගුගල් කැමති වෙයි කියල ඒවගේ දේකට ඒකයි BSD ගත්තෙ.

    ගූගල් ඔපන් සෝස් ගත්තෙ මාකටිං උපක්‍රමයක් විදියට මිසක් අපිට තියෙන ආදරේකට කියල මම නම් හිතන්නෙ නැ. එහෙම නම් ඇයි ලිනක්ස් වලට එකක් දුන්නෙ නැත්තෙ ? අනික ඒ කෝඩ් එක අරන් කවුරුත් ෆොර්ක් කරල වෙන එකක් හදල තියෙනවද ? නැ නෙ?

    ෆයර්ෆොක්ස් වලටත් ඒ හැකියාවන් එන්න ඕනෙ. ඒකෙ දෙකක් නැ. ඒත් ෆයර්ෆොක්ස්, ක්‍රෝම් වල කොපියක් වෙන එක නම් හොඳ නැ. FF වල අනන්‍යතාවෙ තියාගනී කියල හිතනව ඉස්සරහටත්

    ReplyDelete
  10. මේ මම 3.5b4 ඉඳන් වැඩ කරන්නේ... මෙමරි අවුල විසඳිලා... :) අපි හිවලට - හිවල අපිට... :D

    Tooltips නොපෙන්වීමේ දෝෂයක් තියෙනවා. මම ඒක report කළා.

    ReplyDelete
  11. දැනුයි හරියට ලොගෝ එක දැක්කෙ..

    හෆ්ෆා කෝ නරියගෙ පිටේ ලොං ටික ? ජෙල් ගාල පීරලද ? :P

    ReplyDelete
  12. ෆයර් ෆොක්ස් වලට ම ආවේණික ටැබ් රිකවරි එකට තමා මං ගොඩක්ම ආස. අනික් එක බ්‍රවුසරයක වත් මේකට හරිගියේ නෑ. තාමත් ක්රෝම් දාල තියෙන්නේ හැබයි පාව්ච්චි කරන්නෙ වෙබ් ටෙස්ටිං වලට විතරයි. අලුත් වෙනකොට ඉතිං වෙනස් වෙනවානේ. ඒත් ‍‍ෆ‍ෆොට ආවේණික දේවල් ඒ විදියටම තියාගත්තොත් තමයි හොද.

    ලෝගෝ එක නම් මරු.
    මේ නරියත් ලස්සන වෙනවනේ.වැඩත් ඒවගේම තියෙයිනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක