Skip to main content

ජාතික මට්ටමේ පරිගණක/අධ්‍යාපන ව්‍යපෘතියකට ඇරයුම්..

දැනට පාසැල් ගුරුවරු සහ වෙනත් පිරිස් මඟින් පරිවර්තනය කළ ඉදිරියේදි මෙරට දරුවන් අතරට යන මෙහෙයුම් පද්ධතියක සෝදුපත් බැලීමට දායක විය හැක ඔබටයි මේ ආරාධනය. මෙහිදි කිසිදු ගෙවිම් සිදු නොවන අතර වගකිමෙන් කටයුතු කළ හැකි අය කරුණාකර දන්වන්න.

ඔබ කළ යුත්තේ:
දැනට පරිවර්තිත කොටස් වල සෝදුපත් බැලීම, සිංහල පරිවර්තනය සඳහා භාවිතා වන වචන අදාල මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය සමඟ ගැලපේද බැලීම, එසේ නොගැලපේනම් නිසි වදන් යෙදීම.

සුදුසුකම්:

01. අලස නොවි තමාට පැවරෙන කාර්යය අවසානය තෙක් මැනවින් ඉටු කිරීමේ හැකියාව
02. තොරතුරු තාක්‍ෂණය සහ සිංහල පිළිබඳ අවබෝදයක් තිබීම
* මෙහිදි ඉංග්‍රිසි දැණුම අවශ්‍ය වන අතර ඉංග්‍රිසි 100% දැනගත් පමණින්ම මෙම කටයුත්ත කළ නොහැක. මන්ද පරිගණක/මෘදුකාංග පිළිබඳ නිසි අවබෝධයක් අවශ්‍ය වේ.
03. පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම පරිගණක දැණුම ඇති අය.

අවශ්‍ය දේ:
  1. පරිගණකයක්
  2. අදාල මෙහෙයුම් පද්ධතියේ (Linux) LiveCD එක පිරික්සීමට VirtualBox වැනි මෘදකාංගයක්
  3. සිංහල [සයුර හෝ විජේසෙකර යන ඕනැම ක්‍රමයකින් ලිවිය හැක)
  4. Lokalize, poedit වැනි පරිවර්තන මෘදුකාංග
මෙම ව්‍යපෘතිය ඉතා අවම පහසුකම් ඇති කුඩා පාසැල් තුළ මේ වසර තුළදිම (ඉතාම කෙටි කලකින්) නියමු ව්‍යපෘතියක් ලෙස ක්‍රයාත්මක වන බව කරුණාවෙන් සලකන්න.

දායක වීමට කැමතිනම් පෞද්ගලිකව මට විද්‍යුත් තැපැලක් මඟින් දන්වන්න නැති නම් මෙතන සටහනක් යොදන්න ඔබේ තොරතුරු සමඟ (ඔබේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකෙරේ).

Comments

  1. එවිය යුතු විද්‍යුත් තැපෑල් ලිපිය කුමක්ද?

    ReplyDelete
  2. මට එව්වනම් හරි..:)
    නැතිනම් කමෙන්ට් එකක් දාන්න..

    ReplyDelete
  3. hy i would love to help but the thing is i cnt type in sinhala is it k? im a fultime fedora user, and i can help anything related to fedora project

    ReplyDelete
  4. අපි වැඩේට උදවු කරන්න සුදානම්
    මම සංකල්ප පේමදාස

    ReplyDelete
  5. මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියල නැහැනෙ ?

    [said : Danishka]
    "දරුවන් අතරට යන මෙහෙයුම් පද්ධතිය"
    [/said]

    ඒ කියන්නෙ Edubuntu වගේ දැනට තියෙන distro එකකට ළමයින්ට ඕනෑ විය හැකි ගැජට්ස් දාල දෙන distro එකක්ද ? එහෙම නැත්නම් වෙනම ම එකක්ද ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක