Skip to main content

අවුරුදු සූදානම



තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ජනවාරි මාසයේදි අයහපත් වුයේ 2018 වසරට තිබූ මගේ එකම බලාපොරොත්තු බොද කරමින්. ජනවාරි මස තුළ පමණක් දින 5ක් ඔහුට කරකැවිල්ල සමඟ වමනය ඈති විය.

මෙය ඔහුට ඉතා වේදනාකාරී අතැ දැකීමක් වන්නේ වමනය කරන විට ඔහුගේ පපුවත් උගුරත් වේදනාවට පත්වීමත් සමඟ.

පෙබරවාරි මේ තත්ත්වය යම් තරමක් අවම වුවත් අවස්තා දෙකකදි එකම සංසිද්ධිය යළි ඈති විය.
මේ පිටතට පෙනෙන ගැටලු පමණි..


අප්‍රේල් 12 දා තබන්න සිටි මේ සටහන කාර්යය බහුලත්වය නිසාම අවුරුද්දටත් පසුව ලියන්නට සිදු විය.

වෙනද වගේම උදේ 2,3,4 වගේ වෙලාවන්ට ඈහැරෙන ඔහු මා ඉස්තෝප්පුව සහ පේමන්ට් එක සෝදන විට මා හට සහය වන්න කොපමණ උත්සාහ කළද ඔහුගේ වෑයම මම නතර කළේ ඔහුට විවේක අවශ්‍ය නිසා.

කොහොම හරි තාත්ත මිදුලට ඈවිත් මා අසලින් උපදෙස් දෙමින් සිටියත් වැස්සක් මඟ එන නිසා පිටු පස දොරින් ගෙට යන ලෙස ඈවිටිලි කලේ ඉදිපස ඉස්තෝප්පුව සහ පේමන්ට් එක තෙත්ව තිබීම නිසා ඔහු ලිස්සා වැටීමෙන් වැලක්වීමටයි.

විනාඩි 5කට වඩා ගියත් යළි නිවස තුළින් ඔහු මතු නොවු නිසා ගෙයි පිටුපස දොර බැලුවත් පහු පෙන්නට නැ. යළිත් ඉදිරිපසට එද්දි දැක ගන්නට ලැබුනේ ඔහු ගෙයි වටේ වටයක්ම ගසා යළි ඉදිරිපස දොරටුව කතා පැමිණ සිටින අයුරුයි.

මගේ නිගමනය වූ යේ ඔහුට ගෙයි පිටුපසට යන විට ඔහුගෙන් කළ ඉල්ලීම ඔහුට අමතක ව ඈති බවයි. සටහනක් තබන්න සිතු නිසා පසුව පිංතූරයක් ගන්නා විට අඩක් වියලුන පේමන්ට් එකත් ඒ අසලම තාත්තගේ සෙරප්පු දෙකත් දැක ගත හැකි විය.

පිංතුරේ ගනිද්දි තේරුනේ ගෙදර දොරකොඩ අසල පාපිස්සක ආකාරයට උදුපියලිය වැවුන මිදුලේ තාත්ත සකස් කළ තනකොල පාපිස්ස දැන් ඉස්සර වගේ නැ. තනකොළත් උදුපිය ලියත් ක්‍රමයෙන් පේමන්ට් එක ආක්‍රමනය කරමින් සිටි. මේ වෙනස තාත්තට පෙනුන නිසා වෙන්න ඔනා මීට සති කිහිපපයකට පෙර තනකොල කපන්න කතුර හොයන්න ගත්තේ.

මගේ ජිවිතයත් තාත්තගේ සුපුරුදු ජීවිතය වෙනස් වීමත් සමඟ බාගේට වෙලුන උදුපියලිය සහ තනකොළ ආක්‍රමණයට ලක්වෙන්න ගත්ත පේමන්ට් එක වගේ කියල දන්නේ මා පමණයි.

අවුරුද්ද වෙනුවෙන් කිසිම දෙයක් මිළදී ගන්නටවත් ගෙයින් එළිය නොගිය මට එදින සවස බන්දුල, රංජන් සහ ශ්‍රී මාල් (අනෙක් මිතුරන්ට හදිසි කරනා නිසා එන්නට නොහැකි විය) පැමිණීම ඇත්තටම හිතට හයියක් බව ඔවුන් රාත්‍රිය වන තෙක් සිට පිටව යාමෙන් අනතුරුවයි.

මෙතෙක් ගෙදරට මිතුරන් තාත්තගෙ දුක සැප බැලීමට එන්න සැලසුම් කලත් මම බොහෝ විට ඔවුන් දිරිමත් නොකරන්නේ සමහර අවස්තාවලදි එය තාත්තටත් කරදරයක් නිසා. විශේෂයෙන්ම හොද නින්දක ඉන්නවිට පිටස්තරයෙක් සද්දෙට ගේටුව ඈරීම මට අප්‍රියතම අවස්තාවක්. ඒ හොදටෝම ඈති තාත්තගේ නින්ද කැඩෙන්න.

කෙසේ නමුත් නිවට ආ අමුත්තන් තිදෙනාගෙන් මින් පෙර දෙවරක් නිවසට ආ බන්දුල රණතුංග එකවර හදුනා ගන්නට ඔහුට නොහැකි විය.


Comments

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...