Skip to main content

අවුරුදු පැතුම් සහ කන අත්සන

සුපුරුදු ලෙස අවුරුදු ගෙවුනා මුල් දවස් දෙකම ගෙදරටම වෙලා හිටියා..

තාත්ත අසනීප වූ විට විවිධ හිතවුන් විවිධ අයුරින් උපකාර කලා.. සරත් වැලිවිටිගේ අන්කල් ඒ වගේ එක් චරිතයක්. වහලේ උලු ගලවල යන්න පහුගිය වසරේ අගොස්තු අව හුලගත් සමඟ ආව ප්‍රධාන අභියෝගය වුනේ ඊට පසු දීනම දැනගත් තාත්තට තිබූ UTI ප්‍රශනය.

දොස්තර කීව දින 6ක් එකම වෙලාවට IV එකක් දෙන්න අවශ්‍ය බවත් ඒ සඳහා පැයක් දෙකක් ඈදේ වැතිර සීටිමටත් සිදු වන බවත්, එය ETU එකේම කළ යුතු බවත්.

එදා දැනගත් පරිදි පුද්ගලික රෝහලේ වුවත් වකුගඩු රෝගින් පැමිණෙන නිසා පෝලිමේ නොසිට නිවාඩු පාඩුවේ මෙය කරගැනීමට හැකි වෙලා වන්නේ උදේ 6-7ත් අතර පමණයි.

මීළඟ ගැටලුව පැණ නැගුනේ අදාල බෙහෙත හොයාගත්තත් එය අනිවාර්යෙන්ම ශීත කරනය තුළ තබන ලෙස ෆාමසි එකෙන් දුන් උපදෙස්. ඒ වෙද්දි ගෙදරට විදුලි සැපයුම ලැබි තිබුනේ නැ. කොහොම හරි කෝටත් තෛලය බදු සරත් අංකල්ට දුන් ඈමතුම සමඟින් ඔහුගේ ෆාමසියේ විදුලි ජනක යන්ත්‍ර සහිත බවත් උදේ ශිෆ්ට් එකට එන ළමයි දෙන්නව ඔහු අපිට අවශ්‍ය වෙලාවට කඩේ අරින්න සූදානම් කර තිබ්බා.

දින 6ම උදේ පාන්දරම කිසිදු ගනුදෙනුවත් නොවුනත් (යමක් මිලදි ගන්න හැදුවත් ඒ අය එපා කීව) ෆාමසියෙ දොර ඈරණු ගමන් බෙහෙත ගන්න එතන මම හිටියා.

කොහොමින් හරි සරත් අංකලුත් තව හිතවතුන් කිහිප දෙනෙකුත් මුණ ගැහෙන්නට අප්‍රේල් 16දා එලියට බැස්සේ තාත්තට එයාගේ සුපුරුදු අත්සන ගහන්න කිහිපවරක් අවස්තාව දීල.

ගෙදර එන ගමනේදි යාලුවෙක්ට අවුරුදු සුබ පැතුමක් දෙන්න කතා කරත්, සුපුරුදු ඒ කතාබහත් නැවතුනේ තාත්ත ලගම.

Dementia ගැනත්  Alzheimer ගැනත් සිදු වූ කතා බහ නැවතුනේ Black (2015) සිනමා පටය නැරඹීමට මට කළ යෝජනාවෙන්.




අද 18, අත්සන භාවිතය ගොඩ දාගන්න එක ලේසි නැ තාත්තට.. ඔහුට එය වෙහෙසකාරි අත්දැකීමක්.  සමහර වෙලාවට ඊළඟ අකුර කන ලගට කරලා කොදුරන්න වෙනව.

කරන්න දෙයක් නැ පස්සේ බැංකුවට කතා කරලා ෆින්ගර් ප්‍රින්ට් ගන්න කටයුතු සූදානම් කළේ මම හෙට මැරුනත් (තාත්තට අත්සන ගහන්න බැරිවුනත් විකල්ප විසදුම ඔහුට අශ්‍ය දේ ලබා දෙන නිසා).

තාත්තට මුලින්ම මාව අදුන ගන්න බැරි වුන දවස අද වගේම මතකයි
එදා වගේම අදත් මට ඈඩුනා, ඔවෙ මේ දැණුත්..
ජිවිතේ කිසිම දාක මම හිතුවේ නැ තාත්තට කන අත්සන ගහන්න වේවි කියල.

දවල්ට හිනා වෙලා රෑට අඩන ජිවිතේ!

දහස් ගණනක් අනාරක්ෂිතව දුම්රිය මඟ හරහා යන එක නවත්වන්න දුමරිය මඟ හරහා පාලමක් ගන්න, ඩෙංගු ගැටලුවට වගේ විවිධ වූ කාරනා සඳහා ඔහුගේ අතින්ම ලිපි කීයක් ලියවෙන්න ඇත්ද?
ඒ ලිය වුනා පමණක් නෙමේ ෆවුසි දුම්රිය ඈමති වූ කාලය තුළදි දුම්රිය මඟ හරහා ගුවන් පාලමක් අනුමත වීමද සිදු විය. අවාසනාවකට ඉන් එහා කාර්යය වගකිව යුතු ගමේ ආණ්ඩුවට වත් අනෙක් නිළධාරින්ටවත් මෙතෙක් කළ නොහැකි විය.


ලිවීමේ අපහසුතාවයක් ඔබ දන්නා කෙනෙක්ට පසුකාලීනව ඈති නම්
ඒ වයසට යාම නිසා බව උපකල්පනය නොකර
වෛද්‍ය උපදෙස් පිළිපදින්න දැණුවත් කරන්න!






Comments

  1. මචං අයියේ.. එදා අපි හම්බුනු දවසේ උඹ ඔය ගැන කියද්දී මට එච්චර දැනුනේ නැති උනත්... පස්සේ ඔය ගැන හිතද්දී මාරම විදිහට shock උනා බං..

    ReplyDelete
    Replies
    1. ජිවිතේ ඔහොම තමයි කියල හිතහදාගන්නව. අදත් එකපාරම ඇවිත් මගේ නම කියල කෝ කියල මගෙන්ම අහනව. මම දන්නේ නැ එයා කොහොම ඒ වගේ කෙටි කාලයක් වුනවත් ගත කරනවද කියල. මොහොතකට උනත් කව්රුත්ම නොදන්න ලෝකෙක.

      Delete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...